රුසියානු KGB ඔත්තු සේවය විසින් සොයාගත් පිටස&#3

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    රුසියානු KGB ඔත්තු සේවය විසින් සොයාගත් පිටස&#3

    රුසියාවේ රහස් ඔත්තු සේවය වන KGB ඔත්තු සේවය විසින් 1961 වර්ෂයේදී දියත් කල project ISIS සතු රහස් වාර්තා මේ වනවිට නිකුත් වී ඇත. project ISIS (දැන් තියෙන ISIS නෙමේ :)) බොහෝ ඊජිප්තු පර්යේෂකයන්ගෙන්, රුසියානු හමුදා නිලදාරීන්ගෙන් සමන්විත වූ කණ්ඩායමක්. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඊජිප්තුවේ පිහිටි "අගන්තුකයාගේ සොහොන " සොයා ගැනීමයි,
    700_6709e683e1aa6aab3d200b8f7f1f7695.jpg

    මෙම රහස් ව්‍යාපෘතියේ සොහොන සොයාගන්නා වීඩියෝ දර්ශනය රුසියානු අතරමැදියෙක් විසින් KGB ඔත්තු සේවයේ රහස් ලියකියවිලි අතරින් සොයාගෙන ඇත. මෙම කළු සුදු වීඩියෝවේ සෝවියට් නිලදාරීන් Giza සානුවේ පිහිටි පිටසක්වල ජිවියෙකුගේ මමියක් සොයා ගන්නා අයුරු පැහැදිලිව දැක්වේ.

    මෙහි සත්‍ය අසත්‍ය බාවය ගැන නොයෙකුත් මත වාද පැවතියද, Sci -fi රුපවාහිනී නාලිකාව, එය දීර්ග අධ්‍යනයකට පසු එය සත්‍ය වීඩියෝවක් ලෙස පිළිගෙන ඇත, මෙම වීඩියෝවේ රුසියානු නිලදාරීන් ආරක්ෂක ආවරණ නොමැතිව එම සොහොන් ගැබට ගොස් සොහොන් විවෘත කරන අයුරු සහ එය විවෘත කල විගස එම සොහොන තුලින් නිකුත් වන විෂ දුමාරය පැහැදිලිව දැක්වේ. ඉන් පසු ඔවුන් ආරක්ෂක ආවරණ ඇද නැවත කුටියට ඇතුල් වේ.
    ISIS ව්‍යාපෘතිය 1961 දී සිදු කර ඇත එම සමය වනවිට බොහෝ රටවල් නවීන යුධ උපක්‍රම අත්හදාබැලීම් කල කාලයකි, රුසියාව විශ්වාස කලේ ඇමෙරිකාව විසින් Area 51 හි ඇති පිටසක්වල අවශේෂ මගින් පිටසක්වල තාක්ෂනය ලබා ගන්නා බවටයි