රුසියාවෙන් සිරියාවට-2
සිරියාව යනු සෝවියට් දේශය පැවති සමයේ පටන් රුසියාවේ මිතුරෙකි.එසේම රුසියානු අවිවල හොඳ ගැනුම්කරුවෙකි.2011 වසරේ ඇරඹුණු ජනපති බෂාර් අල් අෂාඩ් පාලනයෙන් ඉවත් කිරීමේ කැරැල්ලේදී සිරියානු රජයේ හමුදාව රුසියානු අවි විශාල වශයෙන් පාවිච්චි කරයි.මෙම යුද්ධයට 2015 දී සෘජු මැදිහත් වීමක් කිරීමට රුසියාව තීරණය කල අතර තම පැරණි මිතුරාට උදව් කිරීමට හැර තවත් අරමුණු කිහිපයක් ඉටු කරගැනීමේ අවස්ථාව එහිදී රුසියාවට ලැබිණි.
*ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවලට මෙන් තමන්ටද විදේශයන්හි තම හමුදා සාර්ථකව මෙහෙයවීමේ හැකියාව තිබෙන බව පෙන්වීම
*තම හමුදා නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය පරීක්ෂා කිරීම
*රුසියාව සතු නවතම අවි අත්හදා බැලීම
ආදිය එම අරමුණුවලින් කිහිපයකි.මෙම ලිපි පෙළ ඔස්සේ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ රුසියාව සිරියාව තුල යෙදවූ ඔවුන්ගේ අවි සම්බන්ධවයි.
TOS-1 රොකට් විදිනය.බැරල් 24 සහිත රොකට් විදිනයක් වන මෙය 1988 වසරේ පටන් භාවිතා කරේ.රුසියානු T-72 යුද ටැංකි චැසියක් මත සවිකර තිබෙන මෙම මිසයිල විදිනයෙන් නිකුත් වන රොකටයකට ගමන් කල හැකි උපරිම දුර කි.මී.550කි.
BTR-82A සන්නාහ සන්නද්ධ ප්‍රවාහන රථය.මෙය සෙබළුන් යුද බිමට ආරක්ෂා සහිතව ප්‍රවාහනය සඳහා යොදාගන්නා රථයකි.BTR-80 රථයේ නවතම මොඩලය වන්නේ BTR-82Aය.2015 වසරේ සැපතැම්බර් මාසයේදී මෙය පළමුවරට සිරියාවේ දක්නට ලැබිණි.
T-90A යුද ටැංකිය.මෙය රුසියානු T-90 යුද ටැංකියේ වැඩිදියුණු කල මොඩලයකි. T-90 Vladimir නමින්ද හඳුන්වන මෙය පසුගිය සමයේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඇමෙරිකානු TOW-2A මිසයිල ප්‍රහාරයක් හමුවේ එහි සිටි සෙබලුන් ආරක්ෂා කිරීමට සමත්වූ නිසාය.
BM-30 Smerch රොකට් විදිනය.රොකට් විදිනයක් සහිත රථයක් වන මෙය 1989 වසරේ පටන් භාවිතා කෙරේ.කි.මී.850ක් දුරට රොකට් ප්‍රහාර එල්ල කල හැකිය.
BM-27 Uragan රොකට් විදිනය.1975 තරම් අතීතයකට හිමිකම් කියන මෙම අවියේ මෙහෙයුම් පරාසය කි.මී.500කි.
මතු සම්බන්ධයි.
Source:Liveleak.com
-HarshaLulzSec-

AK-104 රයිෆලය.සෝවියට් දේශයේ Kalashnikov(AK-47) රයිෆල් පරම්පරාවේ නූතන සාමාජිකයෙක් වන මෙය 1994දී නිර්මාණය කර තිබේ.
TOS-1 රොකට් විදිනය.බැරල් 24 සහිත රොකට් විදිනයක් වන මෙය 1988 වසරේ පටන් භාවිතා කරේ.රුසියානු T-72 යුද ටැංකි චැසියක් මත සවිකර තිබෙන මෙම මිසයිල විදිනයෙන් නිකුත් වන රොකටයකට ගමන් කල හැකි උපරිම දුර කි.මී.550කි.
GAZ Tigr ජිප් රථය.2006 වසරේ පටන් රුසියානු හමුදාව භාවිතා කරන දුෂ්කර මාර්ගවල ගමන් කිරීමට හැකි ලෙස නිර්මාණය කල 4x4 ජිප් රථයකි.ඊට පැයට කි.මී. 140 උපරිම වේගයක් තිබේ.
BTR-82A සන්නාහ සන්නද්ධ ප්‍රවාහන රථය.මෙය සෙබළුන් යුද බිමට ආරක්ෂා සහිතව ප්‍රවාහනය සඳහා යොදාගන්නා රථයකි.BTR-80 රථයේ නවතම මොඩලය වන්නේ BTR-82Aය.2015 වසරේ සැපතැම්බර් මාසයේදී මෙය පළමුවරට සිරියාවේ දක්නට ලැබිණි.
T-90A යුද ටැංකිය.මෙය රුසියානු T-90 යුද ටැංකියේ වැඩිදියුණු කල මොඩලයකි. T-90 Vladimir නමින්ද හඳුන්වන මෙය පසුගිය සමයේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඇමෙරිකානු TOW-2A මිසයිල ප්‍රහාරයක් හමුවේ එහි සිටි සෙබලුන් ආරක්ෂා කිරීමට සමත්වූ නිසාය.
RPG-26 යුද ටැංකි නාශක මිසයිල විදිනය.1985 වසරේ පටන් භාවිතා කරන මෙම සෝවියට් අවියෙන් මීටර් 250ක් දුරට මිසයිල ප්‍රහාරයක් එල්ල කල හැකිය.
මි.මී.152 කාලතුවක්කුවක් වන මෙය 2A65 "Msta-B" යන නමින් හඳුන්වයි.සෝවියට් දේශය පැවති සමයේ නිර්මාණය කල මෙම අවියේ කි.මී.28ක් දුරට වෙඩි තැබිය හැක.
KamAZ-6560 ට්‍රක් රථය.ටොන් 20ක් පමණ බරක් ගෙන යා හැකි ට්‍රක් රථයක් වන මෙය Pantsyr-S1 ගුවන් ආරක්ෂක පද්ධතිය වෙනුවෙන්ද යොදාගනියි.
UAZ Patriot (UAZ-3163) රථය.මධ්‍යම ප්‍රමාණයේ SUV රථයක් වන මෙය 2005 වසරේ හඳුන්වා දී තිබේ
UAZ Simbir (UAZ-3162) රථය.දුෂ්කර මාර්ගවල ගමන් කල හැකි රථයකි.
Mi-8AMTSH හෙලිකොප්ටරය.මෙය Mi-8AMT හෙලිකොප්ටරයේ සන්නදධ මොඩලයයි.
BTR-80 සන්නාහ සන්නදධ රථය.සෝවියට් දේශයේ නිෂ්පාදනයක් වන මෙය 1984 වසරේ පටන් භාවිතා කෙරේ.සෙබළුන් ප්‍රවාහනය කිරීම ප්‍රධාන කාර්යයි.
BM-30 Smerch රොකට් විදිනය.රොකට් විදිනයක් සහිත රථයක් වන මෙය 1989 වසරේ පටන් භාවිතා කෙරේ.කි.මී.850ක් දුරට රොකට් ප්‍රහාර එල්ල කල හැකිය.
9T234-2 ප්‍රවාහන රථය.
BM-27 Uragan රොකට් විදිනය.1975 තරම් අතීතයකට හිමිකම් කියන මෙම අවියේ මෙහෙයුම් පරාසය කි.මී.500කි.
රුසියානු 6B43/4 වෙඩි නොවදින ඇඳුම සහ 6B7 හෙල්මටය.
මතු සම්බන්ධයි.
Source:Liveleak.com
-HarshaLulzSec-