රුසියාවෙන් සිරියාවට-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියාවෙන් සිරියාවට-2

    eOMMg3l.jpg

    සිරියාව යනු සෝවියට් දේශය පැවති සමයේ පටන් රුසියාවේ මිතුරෙකි.එසේම රුසියානු අවිවල හොඳ ගැනුම්කරුවෙකි.2011 වසරේ ඇරඹුණු ජනපති බෂාර් අල් අෂාඩ් පාලනයෙන් ඉවත් කිරීමේ කැරැල්ලේදී සිරියානු රජයේ හමුදාව රුසියානු අවි විශාල වශයෙන් පාවිච්චි කරයි.මෙම යුද්ධයට 2015 දී සෘජු මැදිහත් වීමක් කිරීමට රුසියාව තීරණය කල අතර තම පැරණි මිතුරාට උදව් කිරීමට හැර තවත් අරමුණු කිහිපයක් ඉටු කරගැනීමේ අවස්ථාව එහිදී රුසියාවට ලැබිණි.


    *ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවලට මෙන් තමන්ටද විදේශයන්හි තම හමුදා සාර්ථකව මෙහෙයවීමේ හැකියාව තිබෙන බව පෙන්වීම

    *තම හමුදා නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය පරීක්ෂා කිරීම

    *රුසියාව සතු නවතම අවි අත්හදා බැලීම


    ආදිය එම අරමුණුවලින් කිහිපයකි.මෙම ලිපි පෙළ ඔස්සේ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ රුසියාව සිරියාව තුල යෙදවූ ඔවුන්ගේ අවි සම්බන්ධවයි.



    AK-104 රයිෆලය.සෝවියට් දේශයේ Kalashnikov(AK-47) රයිෆල් පරම්පරාවේ නූතන සාමාජිකයෙක් වන මෙය 1994දී නිර්මාණය කර තිබේ.

    q7rRc2E.jpg




    TOS-1 රොකට් විදිනය.බැරල් 24 සහිත රොකට් විදිනයක් වන මෙය 1988 වසරේ පටන් භාවිතා කරේ.රුසියානු T-72 යුද ටැංකි චැසියක් මත සවිකර තිබෙන මෙම මිසයිල විදිනයෙන් නිකුත් වන රොකටයකට ගමන් කල හැකි උපරිම දුර කි.මී.550කි.

    h4M9UdZ.jpg




    GAZ Tigr ජිප් රථය.2006 වසරේ පටන් රුසියානු හමුදාව භාවිතා කරන දුෂ්කර මාර්ගවල ගමන් කිරීමට හැකි ලෙස නිර්මාණය කල 4x4 ජිප් රථයකි.ඊට පැයට කි.මී. 140 උපරිම වේගයක් තිබේ.

    jtyJ8kH.jpg




    BTR-82A සන්නාහ සන්නද්ධ ප්‍රවාහන රථය.මෙය සෙබළුන් යුද බිමට ආරක්ෂා සහිතව ප්‍රවාහනය සඳහා යොදාගන්නා රථයකි.BTR-80 රථයේ නවතම මොඩලය වන්නේ BTR-82Aය.2015 වසරේ සැපතැම්බර් මාසයේදී මෙය පළමුවරට සිරියාවේ දක්නට ලැබිණි.


    BJ1JGW0.jpg




    T-90A යුද ටැංකිය.මෙය රුසියානු T-90 යුද ටැංකියේ වැඩිදියුණු කල මොඩලයකි. T-90 Vladimir නමින්ද හඳුන්වන මෙය පසුගිය සමයේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඇමෙරිකානු TOW-2A මිසයිල ප්‍රහාරයක් හමුවේ එහි සිටි සෙබලුන් ආරක්ෂා කිරීමට සමත්වූ නිසාය.

    FU0gcFV.jpg




    RPG-26 යුද ටැංකි නාශක මිසයිල විදිනය.1985 වසරේ පටන් භාවිතා කරන මෙම සෝවියට් අවියෙන් මීටර් 250ක් දුරට මිසයිල ප්‍රහාරයක් එල්ල කල හැකිය.​

    iEUiNtD.jpg




    මි.මී.152 කාලතුවක්කුවක් වන මෙය 2A65 "Msta-B" යන නමින් හඳුන්වයි.සෝවියට් දේශය පැවති සමයේ නිර්මාණය කල මෙම අවියේ කි.මී.28ක් දුරට වෙඩි තැබිය හැක.

    8cuPMNM.jpg




    KamAZ-6560 ට්‍රක් රථය.ටොන් 20ක් පමණ බරක් ගෙන යා හැකි ට්‍රක් රථයක් වන මෙය Pantsyr-S1 ගුවන් ආරක්ෂක පද්ධතිය වෙනුවෙන්ද යොදාගනියි.

    LffVemv.jpg




    UAZ Patriot (UAZ-3163) රථය.මධ්‍යම ප්‍රමාණයේ SUV රථයක් වන මෙය 2005 වසරේ හඳුන්වා දී තිබේ

    1aiMPxh.jpg




    UAZ Simbir (UAZ-3162) රථය.දුෂ්කර මාර්ගවල ගමන් කල හැකි රථයකි.

    l2yapvI.jpg




    Mi-8AMTSH හෙලිකොප්ටරය.මෙය Mi-8AMT හෙලිකොප්ටරයේ සන්නදධ මොඩලයයි.

    OwKUYhz.jpg




    BTR-80 සන්නාහ සන්නදධ රථය.සෝවියට් දේශයේ නිෂ්පාදනයක් වන මෙය 1984 වසරේ පටන් භාවිතා කෙරේ.සෙබළුන් ප්‍රවාහනය කිරීම ප්‍රධාන කාර්යයි.

    JUpt3La.jpg





    BM-30 Smerch රොකට් විදිනය.රොකට් විදිනයක් සහිත රථයක් වන මෙය 1989 වසරේ පටන් භාවිතා කෙරේ.කි.මී.850ක් දුරට රොකට් ප්‍රහාර එල්ල කල හැකිය.

    gIqmp2L.jpg




    9T234-2 ප්‍රවාහන රථය.

    v3ZHpsF.jpg





    BM-27 Uragan රොකට් විදිනය.1975 තරම් අතීතයකට හිමිකම් කියන මෙම අවියේ මෙහෙයුම් පරාසය කි.මී.500කි.

    HKTmrbl.jpg




    රුසියානු 6B43/4 වෙඩි නොවදින ඇඳුම සහ 6B7 හෙල්මටය.

    Jm0Tdnt.jpg






    මතු සම්බන්ධයි.​



    Source:Liveleak.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: sri D and rm1980

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    ape army eka gana daapan ban
    දන්න කෙනෙක් දාන්නේ නැතැයි

    gud 1 bro
    Thanks

    Thanks

    බම්ප් මචෝ රේප් ++
    Thanks

    patta machank.. tfs..
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    Thanks

    බුම්ප්
    Thanks

    පට්ට මචන්..
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කෝ ඉවරයක් කරාද? අන්තිමට නිකන්ම නිකන් පඩ ගොඩක් වුනා :baffled: