රුසියාවේ මොස්කව්

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    moscow.jpg
    4339639725fc3761.jpg
    d7f7217ffeea3840.jpg
    57fc38df50cd40a5-1024x576.jpg
    රුසියාවේ අග නගරය මොස්කව් බලන්න යමු

    ලෝකයේ බොහෝ නගර ගංගා ආශ්‍රිතව ගොඩනැගී ඇති බව අප දන්නා කරුණක්. ජලය යනු මූලික මිනිස් අවශ්‍යතාවයක් වන් හෙයින් පහසුවෙන් ජලය සපයා ගැනීමට හැකි වීම ගංගා ආශ්‍රිත ජනාවාස බිහිවීම සඳහා මූලික හේතුව වනවා. එමෙන්ම එහි වෙනත් ප්‍රසාද දීමනා ද තිබෙනවා. ජලය අසල පිහිටීම නගරයක හෝ බලකොටුවක හෝ ආරක්ෂාව සඳහා ද වැදගත් වීමට ඉඩ තිබෙනවා.
    රුසියාවේ අගනුවර වන මොස්කව් නගරය ද එවැනි ගඟක් ආශ්‍රිතව ගොඩනැගුණ නගරයක්. මොස්කව් නගරය ඉදිවී ඇත්තේ මොස්ක්වා නදිය ආශ්‍රිතව යි. ඔව්, නගරයේ නම මොස්කව් වෙද්දි ගඟේ නම වෙන්නේ මොස්ක්වා.
    මුලින්ම එහෙම වෙන්නෙ කොහොමද කියලා අපි සොයා බලමු. රුසියානුවන් මොස්කව් නගරය හඳුන්වන්නේ මොස්ක්වා කියලා යි. ඒ මැදින් ගලන නදියත් මොස්ක්වාම තමයි. නමුත් ඉංග්‍රීසියෙන් සහ වෙනත් බොහෝ යුරෝපා භාෂාවන්ගෙන් නගරයේ නම මොස්කව් හෝ ඒ ආසන්න එකක් වෙද්දී නදියේ නම මොස්ක්වා වෙනවා. ඉතින්, ලෝකෙ පුරාම මොස්ක්වා නදිය ඒ නමින් හඳුන්වද්දි, රුසියානු නොවන්නන් මොස්ක්වා නගරය මොස්ක්ව් විදියට හඳුනා ගන්නවා.
    හැබැයි, මෙහි තිබෙන අරුමය එය නොවේ. මොස්කව් නගරයේ ඓතිහාසික නම වඩා සමීප වන්නේ එහි රුසියානු උච්ඡාරණයට නොවේ; විදේශීය උච්ඡාරණයට යි.
    මොස්කව් නගරය මුලින්ම ඉදිකළේ කවරෙක් ද, ඒ කවදා ද යනුවෙන් සඳහනක් ඉතිහාසයේ නැහැ. වංශකතාවල මුලින්ම මොස්කව් ගැන සඳහන් වන්නේ 1147 දී යූරි දල්ගරූකි කුමාරයා තම සහචරයකු වෙත යවන ලද පණිවිඩයක් ලෙස යි. එහි සඳහන් වූයේ, "සහෝදරයා, මොස්කව්හි දී මා හමුවන්න එන්න" යනුවෙන්.
    මේ අනුව, එකල මොස්කව් නගරය එනමින් හැඳින්වූ බව පෙනී යනවා. මොස්කව් පිළිබඳ හමුවන පැරණිම වාර්තාව මෙය හෙයින්, 1147 දී මොස්කව් ඉදිකළේයැ යි නිල වශයෙන් සලකනවා.
    මොස්කව් නගරයෙන් කි.මී. 140ක් පමණ බටහිරින් ඇරඹෙන මොස්ක්වා නදිය, කි.මී. 502ක් දුර ගෙවා, අකා (Oka) නදිය වෙත වැටෙනවා. අකා නදිය නිෂ්නි නොව්ගොරොද් හි දී වොල්ගා නදිය හා එක්වනවා. මොස්ක්වා නදියේ ගමන් මඟේ දී වෙනත් නගර මුණගැහුණත්, ඒ නගර මොස්කව් නගරයට වඩා බෙහෙවින් කුඩා යි.