Ok. අදාළ නැත්නම් ප්‍රශ්නයක් නෑ. තව දුරටත් බොරුවට type කරන්නේ මොකට ද.
මගෙ ඒ රිප්ලයි එකේ ස්වරයෙ තියෙන callous බව වැරදි වැටහීමක් දෙන්න පුලුවන් නිසා මුලින්ම ඒ ගැන සමාව.
අදාළ නෑ කිව්වෙ මචං මම කතාකරමින් හිටි දේ සම්බන්දයෙන් මට අදාළ නෑ කියල.
ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියෙ එකල විනාශකාරී බව සහ දැන් තියෙන දෙබිඩි බව බව අමුතුවෙන් ප්‍රොප් කරන්න අවශ්‍ය නෑ. උදාහරණයක් විදිහට රජය දෙමල මිනිස්සුන්ට කරපු දේ මෙතන කතා කරාට ඒ හා සමානවම ඇමරිකාව කාම්බෝජියාවෙ කරපු දේ ගැනත් මට මතයක් තියෙනව ඒක ප්‍රොක්සි මෙහෙයවීමක් උනත්. ඇමරිකාව අතින් උන යුධ අපරාධ ගනයේ ලා සැලකිය හැකි සිද්ධීන් රහස් නෙමෙයි. මේව ගැන චොම්ස්කි ගෙ ඉඳල ඇක්ටිවිස්ට්ලා වැලක් නොකඩවා අද වෙනකම් කතා කරනව.
ඒව කෙසේ වෙතත් මේ සංදර්භයෙදි මගෙ රටේ මිනිස්සු ටිකකට උන විනාශයක් ආමන්ත්‍රණය කිරීම මට වඩා වැදගත්. ඇත්තටම ඇමරිකාව දශක කීපයක් තිස්සෙ රටවල්වලට තග දාන එකයි දෙමළ සිවිලියන්ස්ලා පහළොස්දාහක් විතර ඝාතනය වෙන එකයි අතරින් දෙවනි එක මට දැනෙනව වැඩියි තමා. ඒක තනුක කරගන්න මට අවශ්‍ය නැහැ. රටේ සිද්ධ උන අමානුෂික අපරාධයක් ඇමරිකාවෙ පීචං කමෙන් වහන්න මට අවශ්‍යත් නෑ. ඇමරිකාව ගැන වෙනම, අදාල තැනක කතාකරන්න සෙට් උනොත් ඒක වෙනම දෙයක්.
ප්‍රශ්නෙ අපි කතාකරන්නෙ මේ පාර්ශව කීපයක් මුනගැහෙන ගැටලුවක් ගැන. උවමනාව අනුව අපිට කතා කරන්න පුලුවන් වෙන්නෙ අපි වඩා කැමති කාරණයක් ගැන. කතා නොකරන දේවල් ගැන මගෙ අදහස presume නොකරන්න කියල තමයි කියන්න තියෙන්නෙ.
මට ඔක්කොමටම වඩා පෙන්න බැරි ඔය නීති හදන ඇමරිකන් උන් කරපු කරන war crime වලට තාම උන්ට කිසිම issue එකක් නැති එක. මේ war එකත් America Russia war එකක් නේ. ඇමරිකන් ආරක්ෂක දෙපර්තමේන්තුවෙන් කිව්වා කෙලින්ම උන්ගේ අරමුණ Russia සම්පූර්ණව දුර්වල කරන ඒක කියලා. ඒ වගේම උන් අන්තිම යුක්රේන් කරය වෙනකම් සටන් කරනවා කියල. අන්තිමට වෙන රටවල් 2 ක් power එක test කරන්න යුක්රේන් උන් මැරෙනවා. Western media වලට අනුව නම් යුක්රේන් casualties නැති නිසා issue එකක් නැ. උන්ගේ දැනට මැරිලා තියෙන්නේ ghost of Kiev , snake island එකේ කීප දෙනා විතර්යි.
සැරටම ප්‍රොපගැන්ඩා වැඩ සහ පමණ ඉක්මවා රුසියානු ජාතිකත්වයට අපහසු වෙන තත්ත්වයක් ඇමරිකාව ඇති කරනව. ඒත් යුක්‍රේනයට සටන් කරන්න අවංක ජාතික අවශ්‍යතාවක් තියෙනව නේද. මෙතනදි බහුතර යුක්‍රේන ජනමතය මොකක්ද කියන්නෙ, එයාලට රුසියානු අතපෙවීම් වලින් මිදෙන්න ඕන බව. මේක ඒ භූමි කලාපයෙ ශතවර්ෂ ගණනාවක් තිස්සෙ විහිදෙන ඓතිහාසික හිත් රිදීම් එක්ක එන උවමනාවක්, නැවතත් පුටින් ගෙ අක්‍රමණික ක්‍රියා නිසා මතුවෙලා තියෙන. ඇමරිකාව නූල් සූත්තර ටික කරන බව නම් ඇත්ත නමුත් යුක්‍රේන ජනතාව රිටැලියේට් කිරීම ගැන අප්‍රසාදයකින් නෙමෙයි ඉන්නෙ. එහෙම දෙයක් තියෙනවනම් දැඩි යුධ විරෝදී වාතාවරනයක් අපි යුක්‍රේනයෙන් දකින්න ඕනෙ. එවැනි ජන අප්‍රසාදයක් සෙලෙන්ස්කිටත් එල්ල වෙන බවක් පේන්න ඕනෙ. යුක්‍රේන ජාතිකයන්ගෙ උවමනාව අනෙක් සියල්ල සුපර්සීඩ් කරනව නේද.
ඇමරිකන් මීඩීයා මේ යුද්ධය ගැන කියන ඒව නම් මන් හිතන්නෙ නෑ මොලේ තියෙන කෙනෙක් විශ්වාස කරන්න ඕනෙ කියල. සියලුම සංකීර්ණතා මඟඇරල හරිම සුදු-කලු චිත්‍රයක් තමයි එයාල පෙන්වමින් ඉන්නෙ.