රු.කෝටි 320 ක විදේශ ආයෝජන
රු.කෝටි 320 ක විදේශ ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වේ
මේ වසරේ (2016) පළමු මාස නවයේදී රු. කෝටි 320 ක විදේශ ආයෝජන කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත්ව ගොස් තිබේ.
විදේශ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළේ තමන් මිලදී ගෙන තිබූ කොටස් විකිණීම නිසා මෙම විදේශ ආයෝජන ගලා යැම සිදුව තිබේ.
කෙසේ වෙතත් වෙළෙඳපොළේ විදේශ ආයෝජන අඩුවීමට ඇමරිකාව ප්‍රමුඛ දියුණු ආර්ථිකවල පොලී අනුපාත ඉහළ යැම නිසා මෑත කාලයේ රට තුළ පැවැති දේශපාලන වෙනස්‌කම් හේතුවෙන් ඇති වූ ආයෝජන අවිනිශ්චිතතාව ප්‍රධාන වශයෙන්ම හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ගිය වසරේ (2015) දී ද කොටස් වෙළෙඳපොළේ විදෙස් ආයෝජන පිටට ගලා යැමක් වාර්තා වූ බව ද මහ බැංකුව කියයි.
http://www.divaina.com/2016/11/25/news15.html