රු. 5000/= නෝට්ටුව අහෝසියි!

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    රු. 5000/= නෝට්ටුව අහෝසියි!

    රු. 5000/= නෝට්ටුව අහෝසියි!



    මෙරට මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ව්‍යාජ මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය නොකිරීම හේතුවෙන් රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බව රජයේ මුද්‍රණාලාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි මාස්පතා වාර්තා වන බවත් මෙම මාසයට අදාළව පමණක් එවැනි පැමිණිලි හතරක විමර්ශන සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ. ඉකුත් මාස කිහිපයේ පොලීසිය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් පන්දහසේ නෝට්ටු තොග ගණනින් අත්අඩංගුවට ගෙන ඇත. මේ නිසා රුපියල් පන්දහසේ නෝට්ටු සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇත. රුපියල් පන්දහසේ නෝට්ටුවලට අමතරව තවත් නෝට්ටු කිහිපයක්ද ව්‍යාජ ලෙස මුද්‍රණය කර බෙදාහැර ඇති බවට සාක්ෂි පොලීසිය සොයාගෙන ඇත.
    මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට හේතු වී ඇත්තේ ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාජ මුද්‍රණ වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය (Counte Fieting Difference System) ශ්‍රී ලංකාව තුළ භාවිත නොකිරීමයි. අදාළ ක්‍රමවේදයට අනුව මුදල් නෝට්ටු ස්කෑන් කිරීම, ඡායා පිටපත් ගැනීම හෝ උපුටා ගැනීම කළ නොහැකිය. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති මෙම ක්‍රමවේදය දැනට ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂිතම ක්‍රමවේදය වන අතර එය ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගැනීම හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පොලිස් වංචා විමර්ශන ඒකකය පෙන්වා දේ.
    වංචනිකයන් විසින් මුද්‍රිත මුදල් නෝට්ටු ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හඳුනා ගැනීම දුෂ්කර වන අතර එවැනි හඳුනා ගැනීම් තාක්ෂණය ඇත්තේ මෙරට බැංකු පද්ධතිය තුළ පමණි. මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ඒවායේ අනන්‍යතාව ආරක්ෂාකාරී බව හඳුනා ගැනීම සඳහා Color, Watermarks, Security Thread, Micro Printing Federal Reserve Indicators, Serial Numbers නමැති තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරයි. සත්‍යය මුදල් නෝට්ටු ස්කෑන් කිරීම හෝ ඒ ආකාරයෙන්ම පිටපත් ගැනීම වළක්වනු ලබන්නේ Counte fieting Difference System ක්‍රමවේදය මඟිනි. මෙම ක්‍රමවේදය නොමැති බැවින් මෙරට මුද්‍රිත ඕනෑම මුදල් නෝට්ටුවක් ස්කෑන් යන්ත්‍ර මඟින් පහසුවෙන් උපුටා ගැනීම කළ හැකිය.
    මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ බියගම ආයෝජන කලාපයේ පිහිටි De La Rue Lanka Currency Security Print (pvt) Ltd සමාගම විසිනි. අදාළ සමාගම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය (CDS) තවමත් අනුගමනය නොකරන බව දැනගන්නට ඇත.
    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ එවැනි පැමිණිලි විමර්ශන සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මියගෙන් කරන ලද විමසීමක දී ඇය කියා සිටියේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාසවල පැමිණිලි 4/5 වාර්තා වන බවයි. මාසයකට එක සිදුවීමක්වත් අනිවාර්යයෙන් වාර්තා වන බවත් මෙම තත්ත්වයට හේතුව මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේදය (CDS) මෙරට තුළ තවමත් ක්‍රියාත්මක නොවීම බවත් ඇය කියා සිටියාය. උද්ගතව ඇති තත්ත්වය හමුවේ රුපියල් පන්දහසේ නෝට්ටුව අවලංගු කිරීමේ අවධානමක් මතුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට දැන් තියෙන 5000 කොල වලට මොකක්ද කරන්නෙ ? දැන්ම මාරු කරගන්න ඕනෙද ? :shocked:
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    මහ්න්දලාට රෙවෙයි දැන්. උස්සපු 5000 නෝට්ටු කන්දරාවට මොකද වෙන්නේ

    රනිල්ට 5000ක් දුන්නම මාරු කරල දෙයි
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මහ්න්දලාට රෙවෙයි දැන්. උස්සපු 5000 නෝට්ටු කන්දරාවට මොකද වෙන්නේ

    DKQO2prXoAEnYCK.jpg



    http://www.dailynews.lk/2017/09/22/local/129072/finance-minister-mangala-samaraweera-signs-first-rs-5000-note

    රෙවුනා රෙවිල්ලක් පලාතම ගද ගහන්න :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහ්න්දලාට රෙවෙයි දැන්. උස්සපු 5000 නෝට්ටු කන්දරාවට මොකද වෙන්නේ

    ඒකනම් ඇත්ත ඇයි 5000 ඒවයින් ඉස්සුවෙ, අපේ ඇමතිතුමා වගේ පිං කැට ටික ඉස්සුවනම් ඉවරනේ.
     

    Similar threads