රු 7850/- ට ෆියට් කාර් එකක්

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    රු 7850/- ට ෆියට් කාර් එකක්

    ඔන්න අදත් වටිනා කියන ලිපියක් උස්සන් අවා සිරා කොලුවගෙන්

    වෙළද දැන්වීම් කලාව වර්තමානයේ ඉතාමත් තරගකාරී ව්‍යාපාරික ස්වරූපයක් ගත්තත්, අතීතයේදී මේවා පුවත්පත් ආයතන මගින්ම තමයි බොහෝදුරට සැකසීම කරලා තියෙන්නෙ... සිරා කොලුවා මේ ඉදිරිපත් කරන්නෙ 1959 සැප්තැම්බර් මාසයේ ලංකාදීප පුවත් පතේ පලවූ දැන්වීම් (අදින් වසර 50 කට එහා) ඒ කාලයේ පුවත් පත් කලාවේදී භාවිතා කර තිබෙන ඇතැම් වචන අදනම් සිනහා උපදවන සුළු වුවත්, මේ කියන අතීතය නොවන්නට අද අප කියවන තත්වයට පුවත් පත් කලාව උසස් නොවෙන්නත් ඉඩ තිබුනා. ඒ නිසාම පැරණි පුවත්පත් වල භාවිතා වී ඇති භාෂාව රස උල්පතක්...

    විවිධ දැන්වීම් රාශියක් අතරින් අද මෙම ලිපියට පාදක කර ගන්නෙ වාහන සහ එයට සම්බන්ධ දෑ පිළිබද පුවත් පතේ පළවී තිබූ දැන්වීම් කීපයක්... එකල පැවති තාක්ෂණයන් සහ වාහන සතු සුවිශේෂ උපාංග (options) පිළිබදවත් යම් අවබෝධයක් මෙමගින් ලබා ගැනීමට ඔබට හැකි වේවි.

    මුලින්ම තියෙන්නෙ ප්‍ර‍ංශයේ නිෂ්පාදිත රෙනෝල්ට් කාර් රථයක් පිළිබද දැන්විමක්...මෙවැනි දැන්වීමක් වෙනුවෙන් වර්තමානයේ තරුණියන් පෙනී සිටින ආකාරය සහ එදා ඒ වෙනුවෙන් නිරූපිකාව පෙනී සිට ඇති ආකාරය අතර සෑහෙන පරස්පරයක් තියෙනවා.. මේ තරුණිය අද මේ දැන්වීමට පෙනී සිටිනවා නම් ඇගේ ශරීරයෙන් වැඩි කොටසක් පාඨකයන්ට දැක බලා ගැනීමේ භාග්‍ය හිමි වෙනවා සිකුරුයි. ඒකට කෙටියෙන් කියන්නෙ ගුණ ධර්ම පහළට, ගවුමෙ වාටිය ඉහළට කියලයි.

    Renault Dauphine

    ai.jpg


    දැන්වීමේ විස්තරය මෙන්න මෙහෙමයි.

    රූං......

    එය වචනයෙන් දෙකෙන් විස්තරයකි.
    ඇත්තෙන්ම එය ඒ අතින් විශිෂ්ඨයි.
    අපි මේ කියන්නේ රෙනෝල්ට් ඩෝෆින් රථය ගැනයි.

    දොර 4යි. 5 දෙනෙකුට යා හැකියි. ගැලුමකට සැතපුම් 45

    ඔව් එය කදිම කුඩා මෝටර් රථයකි.
    පිරිමැස්මදායකයි, පහසුයි, සීඝ්‍ර‍ ක්‍රියාකාරිත්වයෙන් යුක්තයි, ප්‍ර‍බලයි.
    ඕනෑ තරම් බලය ඇතුව විදුලිය මෙන් ගමන් කරයි.
    මෙහි පැමිණ මේ පුදුම ඩෝෆින් රථය බලන්න.

    සීමාසහිත සී.ඇෆ්.ටී ඉන්ජිනියරින්
    467, යුනියන් ප්ලේස්, කොළඹ 2.


    renault-dauphine-04.jpg

    රෙනෝල්ට් ඩෝෆින් රථයක්

    Fiat 600

    මාතෘකාව දැකලා රු 7850/- ට කාර් එකක් ගන්න හිතපු ඇත්තො මේ දැන්වීම හොදින් කියවා බැලුවාට කමක් නෑ... හැබැයි ඒ අය ඒ මුදලට ෆියට් 600 වර්ගයේ රථයක් මිලදී ගන්න ජීවත් විය යුතුව තිබ්බේ 1959 කාල සමයේ. ඒ අවදියේ ලංකාවෙ ජනතාව අතර සෑහෙන්න ජනප්‍රියතාවයකට පත් වූ ඉතාලියේ නිෂ්පාදිත රථයක් තමයි මේ. ප්‍ර‍මාණයෙන් කුඩා වීමත්, ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ වීමත් එයට හේතු ලෙස දක්වන්නට පුලුවන්...සිරිලංකා වැසියො නිෂ්පාදකයා තිබ්බ නමට අමතරව දේශීය වශයෙන් වාහන වලට නම් දාන්න රුසියො නොවැ...අන්න ඒ අනුව මේ රථයට තිබ්බ කැතම කැත නම තමයි “බග් ෆියට්“ (Bug Fiat). මේ දැන්වීමේ රථයේ විශේෂතා ලෙස දක්වා ඇති කොටස විශේෂයෙන් බලන්න. ඒ අවදියේ රථ වාහන තාක්ෂණය පිළිබදවත් යම් අවබෝධයක් ඔබට එමගින් ගත හැකි වේවි.

    ae.jpg

    දැන්වීමේ විස්තරය මෙන්න මෙහෙමයි.

    ෆියට් 600 ආසන හතරේ සැලූනය
    (පදවන්නා හැර හතර දෙනෙකුට යාමට බලය ඇත.)
    අමතර විශේෂාංගයන්ගෙන් යුතුව දියුණු කර තිබේ.

    * කරකැවිය හැකි විශාල අංශ කවුළු
    * සුවදායක ආසන 4 ක් සහිත මැනවින් ආලෝකමත් ඇතුලත
    * පසුපස අසුනේ හාන්සි වන කොටස ඇකිලිය හැක.
    * ස්ප්‍රේ වින්ඩ්ස්ක්‍රීන් වොෂරය
    * සූට් කේස්, පාර්සල්, හා බෑග් ආදිය පහසුවෙන් ගෙනයාම සදහා බොනට්ටුව යට බඩු බාහිරාදිය ගෙනයාමේ ඉඩකඩ.
    * දිසා සංඤාවන් හා ශීර්ෂ පහන් (හෙඩ් ලයිට් ) පාලනය සදහා ස්ටියරිං වීලයේ ලිවර්
    (වහාම බාරදිම සදහා දැන් ලබාගත හැකිවේ.)

    දැන් ඔබ ෆියට් රථයක් මිලදී ගන්නා විට, ස්වර්ණ ජයන්ති තරගයට ඇතුලත් වී ෆියට් මෝස්තරයේ මිලසෙන්ටෝ රථයක් හෝ “500“ රථයක් දිනාගැනීමට හෝ ඒවායේ වටිනාකම මුදලින් ලැබීමට සුදුසු වනවා ඇත.


    fiat600.jpg

    ෆියට් 600 රථයක්

    Volks Wagen Beetle

    තනි මාදිලියක් ලෙස ලෝකයේ මෙතෙක් වැඩියෙන්ම නිපදවා ඇති රථය, වැඩියෙන්ම අළෙවි වී ඇති රථය, ලෝකයේ සියලුම මහද්වීප වල ධාවනය වන රථය ලෙසට මෙම මාදිලිය වාර්තා පොතට එකතු වී තියෙනවා. ජර්මනියේ හිටපු ආඤා දායක හිට්ලර්ගේ අණින් දෙවන ලෝක යුද්ධය උදෙසා සේවයේ යෙදවීමට තමයි මුලින්ම මෙම වර්ගයේ රථ නිපදවා තිබෙන්නෙ. ඒ නිසාම මෙහි එන්ජිම එයාර් කූල් (සුළං මගින් සිසිල් වන) වර්ගයේ එකක්. ඒ කටුක දේශගුණික තත්වයන් යටතේ රළු ධාවනයක යෙදෙන්නට හැකි වෙන්න. වොක්ස් වැගන් (Volks Wagen) යන ජර්මන් වචන වල අදහස පොදු ජනතාවගේ රථය යන්නයි. එයට හේතුව එය යුද්ධයෙන් පස්සෙ සාමාන්‍ය ජනතාවට මිළදී ගත හැකි පහසු මිළකට වෙළද පොලට ඉදිරිපත් කිරීමයි. මෙය ලියන සිරා කොලුවාද ඉතාමත් ප්‍රිය කරන රථයක් තමයි මේ. බොහෝ අය දේශීයව මෙය හදුන්වන්නේ ෆොක්ස් වැගන් යන නමින්...ඊට අමතරව පිටුපස කවුළු ආසන්නයේ සවිකර ඇති එන්ජිම සිසිල් කිරීමට අමතර සුළං ධාරාවක් යොමු කරන ගැජට්ටුව කනේ මයිල් ලෙස හදුන්වනවා. කුරුමිණියෙකුගේ හැඩය ඇති නිසා මෙය උපතින්ම බීට්ල් (Beetle) ලෙසයි හදුන්වා තිබෙන්නෙ. විවිධ රටවල විශාල නාමයන් සංඛ්‍යාවකගෙන් හදුන්වා ඇති මෙම රථය ලංකාවේදී ඉබ්බා ලෙස හදුන්වා තිබෙනවා.


    ao.jpg

    දැන්වීමේ විස්තරය මෙන්න මෙහෙමයි.

    සැලකිල්ල යොමු වී ඇත්තේ, අවංක රථය වන ෆොක්ස්වාගන් කෙරෙහි වේ.
    ලොව පුරාම වෙසෙන්නෝ මෝටර් රථ වාහන පාවිච්චි කරති.
    එසේම ෆොක්ස්වාගන් රථය ලොව පුරාම ගණනාවක් නොමැති මිත්‍ර‍යින් රැසක් දිනාගෙන සිටී.

    එහි පුදුමාකාර පිරිමැස්ම ගැන සමහරු එයට ප්‍රියකරති. තවත් අය එහි ශක්තිමත් සෑදීම හා කදිම නිර්මාණය ගැන ප්‍රිය කරන අතර වෙනත් අය එහි විශිෂ්ඨ නිර්මාණය ගැන ප්‍රිය කරන අතර වෙනත් අය එහි විශිෂ්ඨ නිමාව ගැන ප්‍රිය කරති. එහෙත් මෝටර් රථයක උදක්ම බලාපොරොත්තු වන සියලුම අංගෝපාංගයන් එහි එක්ව ඇති බවට සියල්ලෝම දිවුරුම් දෙති.

    සීමාසහිත ක්ලැරන්ස් අමරසිංහ සහ සමාගම


    Untitled-3.jpg

    කනේ මයිල් සහිත වොක්ස් වැගන් රථයක්

    Hilman Minx

    එංගලන්ත රථ වාහන නිෂ්පාදකයන් අතර මුල්පෙලේ වැජඹුනු හිල්මන් සමාගම විසින් නිපදවූ රථයක්... අද නම් ඉතාමත් කලාතුරකින් මෙවැනි රථයක් මාර්ගයක දකින්නට ලැබුනත් එදා නම් ඉතා සුලභව මෙවැනි රථ මාර්ගයේ දක්නට ලැබෙන්න ඇති. විශේෂයෙන්ම කුලී රථවාහන සේවය සදහා මෙම රථ සුලභව යොදාගෙන තිබේලු. හිල්මන් නාමය යටතේ වර්තමානයේ වාහන නිෂ්පාදනය වෙන්නෙ නෑ.

    z.jpg

    දැන්වීමේ විස්තරය මෙන්න මෙහෙමයි.

    පිරිමැස්ම, සුවපහසුව හා විශ්වාසදායකත්වය
    ක්‍රියාකාරිත්වය, ප්‍රවේශම සහ කඩවසම් පෙනුම
    හිල්මන් මින්ක්ස් “විශේෂ සැලූනය“ පිරිමැස්මදායක රථය
    තනි ආසන, පහත ගියර් මාරුකිරීම
    ඉඩකඩ සහිත බඩුගෙනයාමේ කොටස
    ඩිලුක්ස් මෝස්තරයට වඩා රු. 525/- අඩුවේ.
    බෙදාහරින්නෝ
    සීමාසහිත ග්ලෝබ් මෝටර්ස්
    103, ටරට් පාර, ටෙලි 6271, කොළඹ 1.


    hillman_minx_1959.jpg

    හිල්මන් මින්ක්ස් රථයක්

    ඊළගට තියෙන්නෙ ටයර් වෙළද දැන්වීමක්... ටයර් නැතිව වාහන යන්නෙ නැති නිසාම ඔන්න එයත් මෙතනම පල කරනවා...

    p.jpg

    දැන්වීමේ විස්තරය මෙන්න මෙහෙමයි.

    අලුත් ඩන්ලොප් “ගෝල්ඩ් සීල්“ ටයරය හැඩරුවින් පෙරමුණ ගනී. බෙහෙවින් දියුණු කට්ට මෝස්තරයන් හා එක්වුණු සම්පූර්ණ “තුලනාත්මක“ ක්‍රියාකාරිත්වය, සියලුම තත්වයන් යටතේ විශේෂ ටයර් සේවාවක් ලබා දේ. ප්ලයි 4 හෝ බරවැඩ සදහා ප්ලයි 6 රේටිං කේසිං සහිතව හෝ, ටියුබ් රහිතව හෝ සහිතව කළු හෝ සුදු අංශයන්ගෙන් යුතුව ලබාගත හැකිවන අතර, හැම නවීන ටයර් ප්‍ර‍මාණයක්ම සපයනු ලැබේ.

    * නවීනතම කට්ට හැඩරුව සෑම රිය පැදවීම් තත්වයන් අනුව යථා පරිදි සකස් වේ.
    * වඩා ප්‍ර‍බල, ප්‍රවේශම් සහිත ග්‍ර‍හණය, වඩා හොදින් වංගු ගැනීම, අඩු ටයර් ශබ්දය.
    * වැඩි සැතපුම් ගණන, කට්ට සමසේ ගෙවී යාම
    * සුවපහසුව හා වැඩිකල් පැවැත්ම සැලසෙන සේ විද්‍යානුකූලව හැඩ ගැන්වූ කේසිං.

    යළිත් ඩන්ලොප් ටයර් ක්‍රියාකාරිත්වය පිළිබද අලුත් තත්වයන් ඇති කෙරේ.


    සිරා කොලුවා මේ පෝස්ටුව අද අවසන් කරන්නෙ කාර් වලටම සම්බන්ධ තවත් ගැජට් එකක් වන කාර් කැසට් පිළිබද දැන්වීමකින්.

    x.jpg

    දැන්වීමේ විස්තරය මෙන්න මෙහෙමයි.

    කාර් රේඩියෝ නිෂ්පාදනයෙහි වර්ෂ ගණනක පළපුරුද්දක් ඇති බෙකර්, සෑම මෝටර් රථයකටම සරිලන කාගේත් මුදල් තත්වයට හා රුචියට ගැලපෙන කාර් රේඩියෝ දැන් ඉදිරිපත් කරයි.

    බෙකර් මොන්ටිකාලෝ

    * කුඩා රථවලට විශේෂ හා සාමාන්‍ය මෝස්තර
    * මුද්‍රිත බල චාරිකා සටහන වැඩි විශ්වාසදායකත්වයක් ඇති කරයි.
    * “පුෂ් බටන්“ තරංග සැකසුම

    බෙකර් යුරෝපා

    * සාමාන්‍ය හා විශේෂ නිමාවන් යුත් මෝස්තර හතරක්
    * තරංග මාලා තුනක්
    * දෙයාකාර ශබ්ද පාලනය
    * “පුෂ් බටන්“ ක්‍රියාකාරිත්වය

    ඉබේ ක්‍රියා කරන බෙකර් මෝස්තර

    මැක්සිකෝ - ඉලෙක්ට්‍රොනික් පාලනයෙන් ශබ්ද සකස් කිරීම
    ලීමාන්ස් - පැහැදිලිකම හා ශබ්ද ප්‍ර‍මාණය සදහා යෙදීම් තුනක්
    බ්‍රෙස්කියා - ඉබේ ක්‍රියාකරන ශබ්ද පාලනය
    - තැටි වැසීමේ උපකරණ හා ටේප් රැකෝඩර් යෙදීමට උපකරණ

    බෙකර් රිම්ස් - කෙටි තරංග සදහා වූ උපකරණයෙන් වෙන් වෙන් වශයෙන් කෙටි තරංග 6කින් කදිම නිරූපණයක් ඇති කරයි.

    බෙකර් කාර් රේඩියෝව නිෂ්පාදනය කර ඇත්තේ ඔබේ රථයටමයි.


    ප.ලි

    වොක්ස් වැගන් කාර් සමස්ත අළෙවිය ඒකක මිලියන 21 ඉක්මවා ඇත. අවසන් වරට 2003 දී නිෂ්පාදනය කර ඇති අතර දැන් කිසිම රටක නිෂ්පාදනය වන්නේ නැත. (තොරතුරු විකිපීඩියාවෙන්)


    මේක මගේ ලිපියක් නම් නෙමේ කාමරේ වෙසෙන සත් ගුණවත් සිරා කොලුවාගේ වටිනා ලිපියක්

    උපටා ගත්තේ සිරාගේ කාමරෙන්
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    එළ එළ... ++
    මේ පොටෝ ටික මීට වඩා පොඩ්ඩක් විතර ලොකු කරන්න බැරිද? :D
     
    • Like
    Reactions: s.a.s