රූපයට නොව හදවතට ආදරය

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රූපයට නොව හදවතට ආදරය

    398490_332592036779980_193218727383979_865810_1164928791_n.jpg


    ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි.

    ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර ෆ්ලොරිඩාවේ පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරණීය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,මේරි ජොන්සන්.

    ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය නිව්යෝර්ක් නගරයේ පදිංචිකාරියක් වූවාය... තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට ඔහු යුරෝපය බලා පිටත් විය.. ඉන්පසුව ගෙවී ගිය වසරකුත් මාසයක් වූ කාලය තුල ඔවුන් දෙදෙනා ලිපි හුවමාරු කර ගත් අතර ඒ සෑම ලිපියක් පාසාම ඔවුන් තුල එකිනෙකා කෙරෙහි ආලය ව් අර්ධනය වනු ඔවුන් දෙදෙනාටම දැනුනි.ජෝන් ඇගෙන් ඡායාරූපයක් ඉල්ලා සිටිය මුත් ඇය එම ඉල්ලීම තදින්ම ප්‍රතික්‍ෂේප කලාය. ඇගේ අදහස වූයේ ඔහු ඇයට සත්‍ය වශයෙනම ආලය කරනවා නම් ඇගේ ස්වරූපය පිලිබදව ඔහු උනන් දු නොවිය යුතු බවයි.

    ඔහු යුරෝපයේ සිට යලි ඇමරිකාව බලා පැමිනෙන දිනය ලගා වූ අතර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු හමුවීම නිව්යෝර්ක්හි ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසල සවස 6ට යොදා ගත්තෝය.

    "මාව හදුනා ගන්න පහසු වෙන්න මම රතු රෝස මලක් මගේ ගවුමේ පලදින්නම්" ඇය අවසන් ලිපියේ සදහන් කලා. එම නිසා ජෝන් ස්මිත් නියමිත දින සවස 5.30 වන විට ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසලට පැමිනි අතර හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණිය පැමිනෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියා.

    කතාවේ මීලග කොටස ජෝන් ස්මිත්ගේ වචන වලින්ම ඔබට ඉදිරිපත් කරන්නම්

    "හරියටම සවස 6වන විට සිහින් උස තරුණියක් මා සිටි දෙසට පැමිනියා,ඇගේ කලුවන් කෙස් කලබ සැදෑ හිරු වැදී බැබලුනු අතර ඇගේ නිල් පැහැති දෙනෙත් වල කාන්තියට මා වසග වූවා. ඇගේ රෝස පැහැ දෙතොල් මත මද සිනාවක් තැවරී තිබුනි අතර ඇය හැද සිටි තද කොළ පැහැති ඇදුමින් ඇගේ ශෝබාව දෙගුණ තෙගුණ වී තිබුනා. විසි පස් හැවිරිදි තරුණයෙකු වූ මා මගේ ජීවිතය තුල එතෙක් දැක තිබූ ලස්සනම කාන්තාව ඇයයි.

    ඇය රතු පැහැති රෝස මලක් පැලද නොසිටියත් මම ඉබේම ඈ දෙසට ඇදී ගියේ මටත් නොදැනීමයි. මා දෙස බලා මද සිනාවක් පෑ ඇය මා පසු කර ගිය අතර මා එවිටම දුටුවේ මේරි ජොන්සන්වයි.ඇය රූමත් තරුණිය පිටුපසින්ම වාගේ සිටියාය. ඇය තරුණියක් නොවූ අතර මැදි විය පසු කරමින් සිටි ගැහැණියක් වූවාය. ඇය හිස් වැස්මක් පැලද සිටි අතර ඒ අතරින් ගෙල පෙදෙසට වැටී තිබූ අළු පැහැ වූ කෙස් කලබෙන් ඇගේ වයස පිලිබදව සාක්‍ෂියක් සැපයුනි. තරබාරු කාන්තාවක් වූ ඇය අවසන් ලිපියෙන් පොරොන්දු වූ පරිදිම රතු රෝස මලක් පැලද සිටියාය...ලොව මා වටා භ්‍රමනය වන ආකාරයක් මට දැනුනි.

    මේ වන විට තද කොළ පැහැති ඇදුමකින් සැරසී සිටි රූමත් තරුණිය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් වෙමින් සිටියා. මගේ හදවත කැබලි වලට බිදී යන ආකාරයක් මට දැනුනි,ඇය පසු පසින් යාමට බලවත් අවශ්‍යතාවයක් මට තිබුනත් වසරකට අධික කාලයක් තිස්සේ මා සමග ලිපි හුවමාරු කර ගනිමින් මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි.

    මම යලිත් ඇගේ තරබාරු සුදුමැලි මුහුන දෙස බැලුවෙමි. ඇගේ කරුනාවන්ත දෑස් මා වෙත යොමු වී තිබූ අතර මද විමතියක සලකුනු ඒවායේ සටහන් වුනා. තවත් පමා නොවූ මා මෙතෙක් කලක් මා ප්‍රවේශමෙන් ආරක්‍ෂා කර ගත් ඇගේ පොත ඇයට බාර දුන්නා.

    ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා ඇයට මාව හදුන්වා දුන්නා,

    "මම ලුතිනන් ජෝන් ස්මිත්,ඔබ මේරි ජොන්සන් විය යුතුයි,ඔබව හමු වීම මට මහත් සතුටක්,මා සමග රාත්‍රී ආහාරයට පැමිනීමට මා ඔබට ආරාධනා කරනවා"

    කාන්තාවගේ මුහුනේ මද සිනහවක් ඇදී ගියා

    "මම දන්නේ නෑ පුතේ මේකේ තේරුම " ඇය පිලිතුරු දුන්නා

    "මට කලින් ආව තද කොළ පාට ඇදුමක් ඇදන් හිටිය කාන්තාව මගෙන් තදින්ම ඉල්ලා හිටියා මේ රෝස මල මගේ ඇදුමේ පලදින්න කියලා. එයා කිව්වා පුතා මට රාත්‍රී ආහාරයකට ආරාධනා කලොත් පුතාට කියන්න කියලා එයා පාරෙන් එහා පැත්තේ විශාල අවන්හලේ පුතා එනතුරු ඉන්න බව. "" මේක එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් බව ඇය කිව්වා"


    රූපයට නොව හදවතට ආදරය කරන්න ඔබ ජය ගනීවි.

    facebook උපුටා ගෑනිමකි
     

    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    kello ohommamai dan inna ape kello kiyanne mama virgin kenek nemei oya kamathida kiyala ahanawa munnta pissu
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ELAZZZ REP+. ME KATHWA NAM SAHATHIKA ATHTHA MACHAN.. APITA KARA GANNA BARITH OKAMA THAMA.. MONA DETATH API MUULIKA KARA GANNE PENUMA.. EE ATHINNAM API PARADAI :confused::confused:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    max hadawathata wadina siduweemak, oya wagema ekak mata ape katunaayaka airport eke sidda wela thiyenawa, hebayi ekanam rosa malak newe rathuyi kaluyi suduyi thibba T shirt ekak