බැකෝ දාලා පතල් කපනවා වගේ...
හදවතේ ගැඹුරුම තැන්
එයා හාරා අවුස්සනකොට...
විවාහ වුනේ ඇයි කියලත්
මට වෙලාවකට හිතුනා...
බිඳුනු වීදුරු මල් පෝච්චියක්...
කෑලි ටික එකතු කරලා
ගම් ගාලා අලවගත්ත වගේ...
කැඩිලා බිඳිලා විසිරිලා ගිය හිත...
හරි අමාරුවෙන්...
යාන්තමින්... මං හදාගත්තේ...
ඒ හදිසියේ ම...
ගෙදර අයට ඕනේ වුනා
මාව බන්ඳන්න...
ඒ මිනිස්සුත් මං හින්දා
දුක් වින්දා මහ ගොඩක්...
තවත් දුක් දෙන්න බැරි නිසාමයි...
මගේ නොවන ඒ තීරණයට
මගේ ජීවිතය බාර කළෙත්...
ඒත් දෙයියනේ දැන්...
ආයේ කොහොමටත්
හදාගන්න බැරි තරමට...
මගේ හිත ආයෙමත් බිඳිලා,
අංශුවක් පාසා
වෙන් වෙන්න ද යන්නේ...
ඇත්තටම මේ ආදරේ
මහ ම මහ කරුමයක් වුනා මට...
2306201645 2306211454
#spn
හදවතේ ගැඹුරුම තැන්
එයා හාරා අවුස්සනකොට...
විවාහ වුනේ ඇයි කියලත්
මට වෙලාවකට හිතුනා...
බිඳුනු වීදුරු මල් පෝච්චියක්...
කෑලි ටික එකතු කරලා
ගම් ගාලා අලවගත්ත වගේ...
කැඩිලා බිඳිලා විසිරිලා ගිය හිත...
හරි අමාරුවෙන්...
යාන්තමින්... මං හදාගත්තේ...
ඒ හදිසියේ ම...
ගෙදර අයට ඕනේ වුනා
මාව බන්ඳන්න...
ඒ මිනිස්සුත් මං හින්දා
දුක් වින්දා මහ ගොඩක්...
තවත් දුක් දෙන්න බැරි නිසාමයි...
මගේ නොවන ඒ තීරණයට
මගේ ජීවිතය බාර කළෙත්...
ඒත් දෙයියනේ දැන්...
ආයේ කොහොමටත්
හදාගන්න බැරි තරමට...
මගේ හිත ආයෙමත් බිඳිලා,
අංශුවක් පාසා
වෙන් වෙන්න ද යන්නේ...
ඇත්තටම මේ ආදරේ
මහ ම මහ කරුමයක් වුනා මට...
2306201645 2306211454
#spn