රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකාවල ප්‍රච&
සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2009/07/28/news22.html
රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකාවල ප්‍රචාරය කෙරෙන
අශෝභන වැඩසටහන් හා දර්ශන පිළිබඳ සොයා බලන්න
ජනාධිපති මහින්ද රාජපක්ෂ සංස්කෘතික ඇමැතිට දැනුම් දෙයිඅශෝභන වැඩසටහන් හා දර්ශන පිළිබඳ සොයා බලන්න
සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2009/07/28/news22.html
රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා මගින් ප්‍රචාරය කෙරෙන අශෝභන ප්‍රචාර සහ දර්ශන සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වෙත (26 දා) දැනුම් දුන්නේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පියවර ගනු ලැබුවේ දෙමාපියන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලකින් පසුවයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැති බදුලු දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගල නියෝජිත හමුවක් ඉදිරියේ කරුණු දක්වමින් විද්‍යුත් මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් ගත් පියවර අනාවරණය කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. රට සංවර්ධනය කළත් සාරධර්ම වලින් පිරුණු සමාජයක් අපට නැත්නම් තිබෙන්නේ දූෂිත සමාජයක් නම් සිටින්නේ රටට ආදරය කරන්නේ නැති දරු පිරිසක් නම් අප බලාපොරොත්තු වූ රට ගොඩනඟන්ට අපට හැකිවන්නේ නැහැ.
අප රට ආපස්සට ගෙන යනවා. අප පිළිගත් සමාජයක් නැවත ගොඩනඟන්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපට යම් යම් තීරණ ගන්නට සිදුවෙනවා. ඒ නිසා මා අදත් සංස්කෘතික ඇමතිවරයාට ප්‍රකාශ කළා දෙමාපියන් පිරිසක් කළ පැමිණිල්ලක්.
දූවරුන් සිටින දෙමාපියන් කීප දෙනකු පැමිණිලා පැවසුවා මෙම නාලිකා තුළින් වෙළෙඳ දැන්වීම් හරහා තමන්ගේ දූවරුන්ට තමන්ගේ පුතුන්ට ඇතිවී තිබෙන බලපෑම ඉතාම නරකයි කියා. ඒවා පිළිබඳ අවධානය යොමුකරන්නට කියා ඉල්ලා සිටියා.
ඒ පැමිණිල්ල අපේ නව සංස්කෘතික ඇමැතිවරයාට දැන්වූවා.
එම ස්ථානයේ සිටි දූවරුන් තිදෙනකුගේ පියකු වූ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාද දෙමාපියන්ගේ පැමිණිල්ල අනුමත කළා.
දෙමාපියන් පැමිණ කළ ප්‍රකාශය සත්‍යයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අපේ නාලිකාවලට චෝදනා කරන්න අපහසුයි. එම නාලිකාවලට මුදල් ලබා දෙනවා මේවා පෙන්වන්න කියා. ඉතින් ඒවා පෙන්වනවා. එසේ නම් අපට සිදුවෙනවා මේවා පිළිබඳ සිතන්ට. එහෙත් සමාජය විනාශ කරන්ට ඉඩ දෙන්න බැහැ අපට, යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ පිළිබඳ තවදුරටත් කරුණු දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. පාසල් දරුවන් දෙදෙනකු ගිය සතියේ ගෙල වැලලාගන්නට උත්සාහ කළා. ඔවුන් උසස් බාලිකා විද්‍යාලයක. එක ළමයකු බඩ කපාගත්තා. ඒ ළමයා අසීරු තත්ත්වයක ඊයේ සිටියේ.
සමාජයේ පවතින මෙවන් දෑ පිළිබඳ දෙමාපියන් වන අප අවධානය යොමු කළ යුතු කාලය පැමිණ තිබේ. අප සැමදෙනාම දෙමාපියන් වශයෙන් සහෝදරයන් වශයෙන් සිතන්නට දැන් කාලය එළඹ තිබේ. රටක් සංවර්ධනය කරනවා වගේම සමාජයත් සංවර්ධනය කළ යුතුයි.