ඔබ ඔබේ රූපේ ගැන එහෙමත් නැත්තම් පෙනුම ගැන කලකිරීමකින්ද ඉන්නේ??


ගොඩක් දුරට මෙය නව තරුණ පරපුර අතර තිබෙන විශාල issue එකක්.
තමන්ට තිබෙන අනෙකුත් සියලුම වැඩ අතපසු කරගෙන ඔබ මේ ගැන සිතමින් කල් ගෙවනවාද?


හරි මන් මෙහෙම කතාව පටන් ගන්නම්..
වෙන පුද්ගලයෙක් ඔබේ දෙස බලා " ඔබේ පෙනුම යකෙක් වගේ" කිව්වොත් ඔබට කුමක් සිතෙවිද??.


, " ඔබ මෙහෙම ජීවත් වෙනවට වඩා හොදයි සියදිවි නසාගත්තා නම්" ලෙස පැවසුවහොත් ඔබ කුමක් කරාවිද? 

නිසැකවම ඔබ විශාල මානසික ආතතියකට වැටෙවී.මන් දැන් කියන්න යන කාන්තාවත් එහෙම තත්වයන්ට වලට මුහුණ දීපු කෙනෙක්. ඇගෙ නම Lizzie Velasquez. ඔබ අප දන්නා youtube හි "The world ugliest woman" නමින් ඇගේ වීඩියෝවක් පල උනා. ලොව පුරා පිරිස් ඇයව සමච්චලයට ලක්කලා.

නමුත් ඇය ඒ කිසිවකින් මානසිකව වැටුනේ නැහැ. ඇය තම ජීවීතයේ ඉලක්ක 4ක් තබා ගන්නවා..1. හොඳ කථිකයෙක් වීම
2. පොතක් එළිදැක්වීම
3. පාසැලේ අවසාන විභාගය ඉහළින් සමත්වීම
4. පවුලේ අයත් එක්ක හොඳ රැකියාවක් කරමින් ජීවත් වීම
අවසානයේ ඇය බොහෝ පීඩා මැද ඇගේ අරමුණ කර ලගා උනා.

අද වන විට ලොව පුරාම පිළිගත් inspirational person කෙනෙක්. දැන් ඇයට වයස අවුරුදු 24යි. ඇය දේශකයෙක් ලෙස දැනට වසර 8ක් තිස්සේ වැඩමුළු 200ක පමණ අස්වාභාවිකත්වය ජයගැනීම, ලොවේ තමාට හිරිහැර ගැරහුම් කරන්නන් සමඟ ගනුදෙනු කරන අයුරු, බාධක ජයගැනීම වගේ මාතෘකා යටතේ දේශන පවත්වා තිබෙනවා. ඒ අතරම ටෙක්සාස් රජයේ විශ්වවිද්යාබලයේ සන්නිවේදනය පිළිබඳව උපාධිය හදාරනවා. “Lizzie Beautiful” ලෙස ඇයගේ පළමු පොත 2010 වසරේදීත්, “Be Beautiful, Be You” නමින් දෙවනි පොත 2012 වසරේදීත් එළිදක්වා තිබෙනවා. ධනාත්මකව සිතන්න.


ඔබත් තමන් අවලස්සනයි කියල ජීවිතය ගැන කනස්සලු වීම නවතාදමන්න.
ඔබේ නියම ලස්සන තියෙන්නේ මූණේ නම් නෙවෙයි,


ඒ ලස්සන තියෙන්නේ හදවතේ. පුළුවන් තරම් හදවත පිරිසිදුවට තියාගන්න බලන්න.
නිසැකවම ඔබේ ඉලක්ක වලට ඔබට ලගා වීමට හැකිවෙවී. ඒ වගේම මතක තියාගන්න
ලස්සන මුහුණක්, ලස්සන ශරීරයක් ඉතා ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. එත් ලස්සන හදවතක් කවදාවත් වෙනස් නොවන බව...

: බුකියෙහි පලවූ ලිපියක් මගිනි Sorry if Repost

:
Last edited:

