රෙජිනෝල් කුරේ මැතිතුමාට ලිපියක්

choomara

Member
Feb 3, 2012
21
3
0
රෙජිනෝල් කුරේ මැතිතුමාට ලිපියක්

රෙජිනෝල් කුරේ මැතිතුමාට සාදරයෙන් ගවුරවයෙන් ලියමි.

මෙය ලියන මම පානදුර අවට පදිංචි ඔබතුමාගේ චන්ද දායකයෙකු වෙමි. ඔබතුමා ඉදිරිපත්වූ සෑම මැතිවරණයකදීම ජීවිත පරිත්‍යාගයෙන් ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි වෙහසවී ඇත්තෙමු. ඔබතුමාද පුද්ගලික මට්ටමින් මා දන්නා බැවින් ඔබතුමා නිහතමානී අවංක ජනතා නියෝජිතයෙකු බව මගේ නිගමනයයි. කොතරම් කාර්යබහුල රාජකාරි අධික පුද්ගලයකු වුවද ඔබතුමා ඔබතුමාගේ ආසනයේ පුරවැසියන්ට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඉතාමත් ගවුරවනීය ආකාරයෙන් සලකනු මා දැක ඇත්තෙමි. එහෙත් පසුගිය දිනෙක ඔබතුමාගේ කීර්තිනාමයට හානිවන සිද්දියක් මා අසගැටුන බැවින් මෙවන් ලිපියක් මගින් හෝ ඔබතුමා මේ පිළිබඳව දැනුවත් කිරීමට සිතුවෙමි. දිනය හා වෙලාව හරියටම සඳහන් කිරීමට හැකි වුවත් එය සඳහන් කිරීමෙන් මගේ අනන්‍යතාවයට හානියක් සිදුවෙන බැවින් මෙම ලිපියේ අදාළ සිද්දිය සිදුවූ දිනය හා වෙලාව සඳහන් නොකිරීමට සිදුවීම පිළිබඳව පළමුව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.
මෙම සිදුවෙම සිදුවුයේ ඔබතුමාගේ පක්ෂ ශාකවලින් එකක් වන පානදුර ශාකවෙහිදීය . එදින පානදුර ශාකාව වෙත පැමිණි ඔබතුමාගේ වටිනා චන්දදයකයකු (වසර 10 ට අදික කාලයක් එතුමා හා එතුමාගේ පවුලේ සියල්ලන්ම ඔබතුමා වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයේ නියැලුණු මොරොන්තුඩුව ආසනයේ පුද්ගලයෙකි.) පානදුර ශාකාවට පැමිණ තිබුනේ එම මහතාගේ උපාදිධාරී දියණියගේ රැකියාවක් සම්බන්ද ප්‍රස්නයක් නිරාකරණය කරගැනීම සඳහාය. එහෙත් එම අවස්ථාවේ එම පක්ෂ ශකාවේ සේවය කරන "සුරංගි" නමැති කාන්තාව එම පුද්ගලයාට ඉතාමත් අසෝබන අන්දමින් බැනවදුන අතර ඉතාමත් කෲර ලෙස නුසුදුසු වචනයෙන් එම පුද්ගලයට ප්‍රතිචාර දැක්වීය. එම සිද්දිය ඉතාමත් අසෝබන වූ අතර එම චන්ද දායකයාගේ සිතෙහි ඉතාමත් තද බල ලෙස අපැහැදීමක් ඇතිවූයේ ඔබතුමා කෙරෙහි බව පැහැදිලිය. ක්‍රියාකාරීව දේශපාලනයේ නියතවුවන් ඔවුනවුන්ගේ දරුමල්ලන් සඳහා හෝ යම් උදව්වක් අවශ්‍ය වූ විට තමුන් වැඩකරනලද දේශපාලන නායකත්වය වෙත ගොස් ඉල්ලීම් කිරීම ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් වන අතර එම පුද්ගලයින් එලවා දැමුවහොත් එම නායකත්වයට ඉදිරි චන්දයකදී ඒවාට දඬුවම් විදීමට සිදුවනු ඇත. එහෙත් ඔබතුමා කිසිම අවස්ථාවක එලෙස හැසිරෙනු මා දැක නොමැති බැවින් ඔබතුමා නියෝජනය කිරීමට එම ස්ථානයේ සේවයට යොදවා සිටින "සුරංගි" නමැති මෙමෙ කාන්තාවගේ හැසිරීමෙන් සිදුවනුයේ ඔබතුමාට වටිනා චන්ද දායකයින් අහිමිවීමයි. උගත් බුද්දිමත් ජන නායකයකු වන ඔබතුමා මේ ගැන විමසා බලා ඔබතුමාගේ නියෝජිතයින් යෙදවීමේදී තව එක චන්දයක් හෝ වැඩිකරගනීමට දායකත්වයක් සැපයිය හැකි බුද්දිමත් පුද්ගලයින් යොදවන්නේනම් මනවියයි මට හැඟෙ. නැතහොත් මෙවන් පුද්ගලයින් ගේ අදම ක්‍රියාකාරීත්වය හේතුවෙන් අනිසි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවන්නේ ඔබතුම්ටය.
ඉහත සිදුවීම දුටු මාගේ සිතෙහිද ඉතාමත් කනගාටු දායක හැගීමක් හා අපැහැදීමක් ජනිතවූ අතර එම සිදුවීම බලා සිටි පිස්තරයෙකු වශයෙන් මාහට මෙසේ කණගාටුවක් ඇතිවුයේනම් එම සිද්දියට මුහුණදුන් පුද්ගලයාට කොතරම් කණගාටුවක් පිළිකුලක් දැනෙන්නට ඇතිද? මෙවන් දෑ තුලින් පලුදුවන්නේ ඔබතුමාගේ කීර්තිනාමය නොවේද? එහෙයින් මේ ගැන විමසා බලා නුසුදුසු පුද්ගලයින් මෙවන් තනතුරු සඳහා යොදවා ඔබතුමාගේ දේශපාලන අනාගතයට වන අයහපත වළක්වාගනනා මෙන් කාරුණිකව ඉල්ලමි..
 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    422475_10150676622905309_396194345308_11798278_1673186549_n.jpg
     

    choomara

    Member
    Feb 3, 2012
    21
    3
    0
    liwwe mama newey. ethumawa danna kenek innawanam foword karala me asadaranakam nowena thanata wada karoth honday neda.
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    එක එකාගේ කක්කා පැත්ත හෝදන එඋන්ට ඔහොම වෙලා මදි!!!