@erozan ඉරෝසාන් - රට වහන්න කිව්වෙ මිනිස්සු නෙවෙයි.. රට වහන්න කිව්වෙ වසංගත රෝග විද්‍යා අංශය. ඉස්සර වෙලාම කල්පනා කරපන් ඇයි වහන්න කිව්වෙ කියලා.. උබේ ඔය අලි ඔලුගෙඩිය ඇතුලෙ තියෙන චූටි මොලේට මේවා තේරෙන්නෙ නැතුව ඇති...ආණ්ඩුවට කෙලවන්ඩ වහපන් වහපන් වහපන් ගාපු එකාලට දැන් තමයි තේරෙන්නෙ, සල්ලි මැවෙන් නැ , වැඩ කරොත් විතරයි සල්ලි හම්බෙන්නෙ, ඔය බනේ නොතේරෙන හරක් ඉන්නකන් මෙහෙමම තමයි...
ඔයා මොනාද අප්ප දන්නෙ, මොන ආදායමද එන්නෙ පාස්පෝට් අයිඩ් ලයිසන් ඕවගෙන් කියk ලාබද දවසකට, මොන කච්චේරියද වැඩ ඒවගෙ මුද්දර ගස්තු , මොන පොලිසියද වැඩ ඒවගෙ දඩ ආදායම් කෝ කියන්නම්කො ලිස්ට් පිටින් , අනේ මන්ද බන් උබලත් හිතාගන්ඩත් බැ වෙලාවකට උබල ගැන සරල බුද්ධියවත් නැනෙ.
දෙගොල්ලොම, ආණ්ඩුවනම් ණය හරි අරන් පඩි දෙයි පුද්ගලික අශයට පඩි බාගයයි සමහරුන්ට පඩිත් නැ, තව තේරෙයි ගොයියලට, ආණ්ඩුවට නෙමේ කෙලවෙන්නෙ තම තමන්ටම තමයි..
------ Post added on Sep 10, 2021 at 9:41 AM
වසංගත රෝගයක් රටේ පැතිරෙන කොට ඒක ප්‍රධාන වශයෙන්ම බලපාන්නෙ ආර්තිකයට සහ සෞඛ්‍යට. කොරෝනා ලවක් දෙවක් වයසක් නැතුව පැතිරිලා මිනිස්සු මැරි මැරි යන්න ගත්තම රජයක් වශයෙන් හැම රෝගියෙක්ටම ප්‍රතිකාර කරන්න ඕන. ඒක අයිතියක්. රට සීමා මායිම් දාන්නෙ නැතුව ඇරගෙන හිටියම වසංගතය පැතිරෙනවා.. එතකොට ලෙඩ්ඩු වැඩි වෙනවා. වැඩි වෙන ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න බැරි වෙනවා. ගස් ගල් යට මහපාරෙ මිනිස්සු වැටි වැටි හුස්ම ගන්න බැරුව පණ අදින තැනකට වැටෙන්න ඕන නම් රටකට පාලකයෙක් අවශ්‍ය නෑ... දොස්තරලා අවශ්‍ය නෑ.. සෞඛ්‍ය අංශ අවශ්‍ය නෑ... මෙහෙම හැම එකාම ලෙඩ වුනාම රටේ ශ්‍රමය අඩු වෙනවා. පවුල් නඩත්තු කරපු මිනිස්සු නැති වෙනවා.. ලමයින්ට අම්මලා නැති වෙනවා හස්බන්ඩ්ට වයිෆ් නැති වෙනව. ඔන්න ඔය තත්වෙ නැති කරන්න තමා වහන්න කිව්වෙ. වහන්නෙ ආතල් එකට නෙවෙයි.. වසංගත රෝගයකදි කරන්න තියෙන එකම ඔප්ශන් එක තමා මිනිස්සු කොටු කරලා තියන එක. මේක මේ ලංකාව විතරක් කරපු වැඩක් නෙවෙයි. දියුනු නොදියුනු හැම රටක්ම කරන සහ කල යුතු දෙයක්.
මෙහෙම වහන් ඉන්න ඕන නැත්නම් අසනීප වෙන හැම ලෙඩෙක්ටම ඇඳක් ඔක්සිජන් පහසුකමක් දෙන්න පුලුවන් පහසුකමක් තියෙන්න ඕන.. එහෙම ඒවා ලංකාවෙ නෑ නේ. ඉස්පිරිතාලයක් සෞඛ්‍ය පහසුකමක් දියුනු නොකර රටට වැඩකට නැති කුළුනක් ගැහුව නේ. කමක් නෑ ආසව නේ...
හරි එතකොට දැන් පාරෙ අර කිව්ව වගේ යන්නෙ නැත්තෙ පිටසක්වල යානා විතරයි. හැබැයි මිනිස්සුන්ගෙ සංචරණය සීමා වෙලා තියෙනවා. දැන් උඹ කියලා තියෙන මේ සල්ලි මැවෙන්නෙ නෑ කියන එක ගැන කතා කලොත්
සල්ලි මැවෙන්න ඕන නෑ ඩොලර් එන්නයි ඕන රටට. ඩොලර් එන්නෙ නිශ්පාදන පිටරට යවන කොට. අන්න ඒක නිසා තමා රජය එක්ස්පෝර්ට් බිස්නස් එකට පර්මිශන් දුන්නෙ වැඩ කරගෙන යන්න. කොරෝනා පටන් ගත්ත දවසෙ ඉඳලා හැම දවසකම එක්ස්පෝර්ට් බිස්නස් එක දිව්වා. ඒවයින් එන්න ඕන ඩොලර් ආවා. රටේ දැන් තියෙන ප්‍රශ්නෙ මිනිස්සුන්ට සල්ලි නැති එක නෙවෙයි. රජයට ඩොලර් නැති එක. රුපියල් නෙවෙයි ඩොලර්. කොහොමද එතකොට ඩොලර් නැති උනේ ?
ලංකාව ඩොලර් රෝලක් ගැහුවෙ. පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් එවන ඩොලර් සංචාරක ව්‍යාපාර ශ්‍රමය විකිනීම වගේ ඩොලර් එන මූලාශ්‍ර එක පාරටම නැවතුනාම තිබ්බ ඩොලර් ටික ක්ශය වෙන්න පටන් ගත්තා. රටේ අධික ණය ගෙවන්න වුනා. වෛද්‍ය කට්ටල ගෙන්නන්න උනා. ඔක්සිජන් ගෙන්නන්න උනා. ඩොක්ටර්ස් ලා අඳින කිට් එක පවා චීනෙන් ගෙන්න වුනා. තිබ්බ ඒවට ඩොලර් වැය වුනා එන ප්‍රමානෙ අඩු වුනා. ඔය රසායනික පොහොර ආනයනය එක පාරටම නැවැත්තුවෙ සමහර ඒවා ඉම්පෝර්ට් තහනම් කලේ දේශීයත්වයට මුල් තැන දෙන්න ඕන කියන කන්සෙප්ට් එක අමුම අමු පට්ටපල් බොරුවක්. ගෙන්නන්න සල්ලි නැති නිසා ගහපු නාඩගමක්.
මේකට වග කියන්න ඕන ආර්තිකය ගැන උපදෙස් දෙන මහ බැංකුව ඇතුලු පරිපාලනය. ඔවුන්ට ඉවෙන් මෙන් දැනෙන්න ඕන ඉදිරි අවුරුදු පහේ තත්වය. නමුත් කිසි කෙනෙක්ට හොම්බ බිම ඇනෙනකන් ඒ ගැන හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ.. ඔක්කොම කලේ චූන් එක ඉන්න එක.ඩොලර් හිඟ වුනොත් රටක් විදියට කරන්න ඕන මොකද්ද කියලා තීරණය කරන්න ඕන. අපි අපේ නිශ්පාදන වෙන රටවල් වල වෙලඳ පොලට නිකුත් කරන්න ඕන. ඉස්සර තේ පොල් රබර් කුළු බඩු හැම එකක්ම අපි පිටරට යැව්වා. දැන් සියලු පිටරට යවන දේවල් අඩාල වෙලා තියෙන්නෙ. හේතුව ඒ නිශ්පාදනයන් දියුනු කලේ නැති එක. දියුනු කරන්න තරම් සුදුසු පුද්ගලයෙක් දැනුම තියෙන පුද්ගලයෙක් නොමැති කම. ලංකාවෙ පොල් වලට මොකද වුනේ කියලා ලංකාවෙ තේ වලට මොකද වුනේ කියලා උන් දන්නෙ වත් නෑ. උන් දන්නෙ ඵලදාව අඩුයි කියන්න විතරයි... එක උදාහරණයක් කියන්නම්
සිලෝන් තේ කිව්වම මුළු ලෝකෙම දන්න පුංචි රටක් තිබ්බා. තේ වලට ලොකු වෙලඳ පොලක් ඇති වුනා. නමුත් කිසිම පාලකයෙක් තේ කියන්නෙ නිධානයක් කියන එක දැන ගත්තෙ නෑ. හේතුව උන් දන්නෙ නෑ මේ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න. දැන ගත්තත් උන්ට ඕනෑකමක් තිබ්බෙ නෑ මේවා දියුනු කරන්න. කැක්කුමක් තිබ්බෙ නෑ. වෙලඳ පොල ගැන හොඳ ඉවක් තිබ්බ කෙන්යාව ඉන්දියාව චීනය මේකෙන් ප්‍රයෝජනය ගත්තා.. මේකෙන් හොඳටම කරේ අපි නෙවෙයි කෙන්යාව. අපේ තේ වලට ආදේශකයක් විදියට වෙලඳ පොල අතිරික්තය උන් ආක්රමනය කලා. උන් දැනගත්තා මේක නිධානයක් කියලා. උන්ප්‍රයෝජන අරගෙන උන් දින්නා... තව අවුරුදු 10ක් උපරිම උනොත් සිලෝන් තේ කියන නම තියෙයි.. ඇයි එහෙම වෙන්නෙ ?
මුලදි සිලෝන් තේ වෙලඳ පොල 70% වගේ තියෙන කොට අනෙකුත් තේ වර්ගවලට තිබ්බෙ 30% වගේ වෙලඳ පොලක්. සිලෝන් තේ ඉල්ලුමට අනුව සැපයුම දීගන්න බැරි වෙනකොට ආදෙශකයින් ඇවිල්ලා මිනිස්සුන්ගෙ දිවට උන්ගේ තේ රස හුරු කලා. එතකොට නිකන්ම ඉල්ලුම අඩුවෙනවා. මේක ආර්ථිකයක මූලිකම සිද්දාන්තයක්. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න බැරිවෙනකොට වෙලඳ පොල වැටෙන එක.රජයක් විදියට අපිට මේක පහසුවෙන්ම කරන්න තිබ්බා. ලංකාවෙ අදටත් අතෑරලා දාපු තේ වතු ඕන තරම්. දැණ් තියෙන අලුත්ම ගැටලුව පොහොර ප්රශ්නය. පොහොර නැති වෙනකොට දළු අඩු වෙනවා. ක්‍රොප් එක අඩුවෙනවා. එක පාරටම රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලින් වැඩ කරපන් කිව්වට එහෙම කරන්න බෑ... අපිට වෙලඳපොලක් නැති වෙනකොට අපිට එන ඩොලර් ටික ටික අඩු වෙනවා.
පොල් වලට මොකද වුනේ. පොල් පලදාව අඩු වුනෙ කෘමීන් නැති නිසා. කෘමීන් නැති වුනේ කෘමි නාශක ඇරලා දාන නිසා.. හරි නම් හැම පොල් වත්තකම කෘමීන් ආකර්ශනය වෙන ( පොල් පරාගනයට දායක වන කෘමීන් ) යටි රෝපන වගා කරන්න ඕන. කෘෂිකර්ම ඇමති ඕවා දන්නෙ නෑ.. පත් වෙලා ඉන්න උන් ඔක්කොඅම් නෑයෝ.. උන්ට ඕන වුනේ රස්සාවක් නිසා දීලා දැම්මා.. දීපාල් සිල්වගෙ සින්දුවක් තියෙනවා. නිස්සො සුදුස්සො යටකොට පුස්සො ඇද දෙනවා ජමරෙට. සෙතක් වෙයි ද එහෙම රටකට ඕයි.... ඇත්ත කිසිම සෙතක් වුනේ නෑ.. අපි දැන් වන්දි ගෙවනවා ඒවයේ....අනෙකුත් අපණයන බෝග වලට උනෙත් ඒක. අපේ කුරුඳු එන්සාල් කරාබු නැටි ගම්මිරිස් ඉස්සර පිටරට යැව්වා. හැබැයි දැන් හැම එකම අපි රටින් ගේනවා. රටින් ගේන්න කොච්චර රුපියල් තිබ්බත් වැඩ නෑ ඩොලර් නැත්නම්.
වැඩි දුර විස්තර කෙරුනා ඉතින් කරන්න දෙයක් නෑ.. උඹේ ඔය ප්‍රකාශයක් තිබ්බ නේ වැඩ කලොත් විතරයි සල්ලි එන්නෙ කියලා.. නෑ ඒක බයිලාවක්. දේශීය නිශ්පාදන ජාත්‍යාන්තර වෙලඳ පොලට යැව්වොත් විතරයි සල්ලි එන්නෙ. තවමත් එදා ඉඳලා නිශ්පාදන එක්ස්පෝර්ට් කරනවා. තාම සල්ලි එනවා. නමුත් එන සල්ලි මදි. අධික ණය බර
කච්චේරි මුද්දර ගාස්තු දඩ කොච්චර තිබ්බත් වැඩක් නෑ මේ වෙලාවෙ. අපිට ඕන ඩොලර් විතරයි..ඒක නිසා දේශීය වෙලඳ පොල දේශීයව කොච්චර දියුනු කලත් අපිට අන්තර්ජාතිකව බිස්නස් කරන්න නම් ඩොලර් ඕන. දේශීය වෙලඳ පොල දියුනු වෙන්න ඕන..හැබැයි මේ වෙලාවෙ උත්තරේ ඒක නෙවෙයි. රට වැහුවා කියලා අවාසියක් නෑ.
මේක ජය ගන්න දැන් තියෙන එකම ක්‍රමේ ඩොලර් ගේන එක. එක්ස්පෝර්ට් බිස්නස් කරන එනෙක්ට ඩොලර් තියෙන කෙනෙක්ට මේකෙ කිසිම බලපෑමක් නෑ. සුළු පරිමාන බිස්නස් ඒ කියන්නෙ මොනවා හරි ඇපයක් බැංකුවට තියලා ඉම්පෝර්ට් කරන මිනිස්සුන්ට කෙලවිලා යයි. නැත්තටම නැති වෙයි.. ඩොලර් තියෙන එකා ගේමක් නැතුව ඉම්පෝර්ට් කරයි. ලංකාවෙ බඩු හිඟ වෙයි.. නමුත් ඇති වන අතිරික්තය පුරවන්න සල්ලි කාරයෙක් ඉදිරිපත් වෙලා 100% අවශ්‍ය ඩොලර් බැංකුවට දීලා අතිරික්තය පුරවයි. අතරමැදියන් අතින් පාරිභෝගිකයා අතට පත් වෙන කොට බඩු වල මිල ගනන් දෙගුණ තෙගුණ වෙලා තියෙයි. කොහොම උනත් ඉල්ලුමට අනුව සැපයුම තියෙනවා... ඩොලරුත් පිටරට යනවා. ඔය ආනයන තහනම ඵල රහිත දෙයක් වෙයි කියලා මට හිතෙනවා. මොකද බිස්නස් කාරයො වුනත් උන්ට ඔලුව තියෙනවා මහ බැංකුවෙ උන්ට වඩා.. මොබයිල් ෆෝන් ඉම්පූර්ට් කර කර හිටපු එකා ඒක නවත්තලා කාර් ඉම්පෝට් කරන්න යන්නෙ නෑ.. ජංගි ජොක්කු ඉම්පෝට් කරන්න යන්නෙ නෑ.. තමන්ගෙ බිස්නස් එකේ රටාව මේ මොහොතෙ වෙනස් කරන්න යන්නෙ නෑ කිසිම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මොකද රටේ තත්වය එක්ක අලුත් දේකට අත ගැහීම සියදිවි නසා ගැනීම වගේ සමාන ක්‍රියාවක්.
මම හිතනවා උඹේ ගොන් මොලේට මේක දැණ් වත් තේරෙන්නෙ ඇති කියලා.... මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව මොකද්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නෙ ලබාගෙන තියෙන අධික ණය වෙනුවෙන් ගෙවන්න තියෙන පොලිය. එආවා ඩොලර් බිලියන් ගනන්.

