රෙබෙකා නිර්මලී පිළිකා රෝගයෙන් මිය යයි

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    රෙබෙකා නිර්මලී පිළිකා රෝගයෙන් මිය යයි

    201.jpg


    ජනප‍්‍රිය නිලියක හා කලාකාරියකවූ රෙබෙකා නිර්මලී මීට සුළු මොහොතකට පෙර අප අතරින් සමුගත්තාය. මිය යනවිට 49 වියේ පසුවූ ඇය ගැබ්ගෙල පිළිකාවක් නිසා කලෙක පටන් පීඩා වින්දාය.

    2007 වසරේ හදුනාගත් පිළිකා රෝගී තත්ත්වය පිළිබදව රෙබෙකා දිගින් දිගටම ප‍්‍රතිකාර ගත්තාය. නමුත් මෑත කාලීනව ඇගේ රෝගී තත්ත්වය උත්සන්නවීම නිසා මහරගම පිළිකා රෝහලේ 7 වැනි වාට්ටුවේ නේවාසික ප‍්‍රතිකාර ලබාගත්තා. එහිදී ඇයට රසායන චිකිත්සාව හා විකිරණ ප‍්‍රතිකාර ලබාදුන් බව පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය වෛද්‍ය වසන්ත දිසානායක පවසනවා. නමුත් ඇයගේ රෝගී තත්ත්වය බරපතල තත්ත්වයේ පැවතුන නිසා ඊයේ රාති‍්‍රයේ ඇය මෙලොව හැර ගොස් තිබුනා.

    රෙබෙකාගේ රෝගී තත්ත්වයද දෛවෝපගත සිදුවීමක්. එනම් ඇය වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වූයේ පිළිකා රෝගීන් පවා සුව කරන වෙද හාමිනේ කෙනෙකුන්ගේ චරිතයකි. මේ වනවිට ටෙලිනාට්‍ය 150 ක පමණ රඟපා ඇති අතර පසුගිය කාලයේ ටෙලි නාට්‍ය රාශියක මවගේ චරිතයට ඇය පණපොවමින් සිටියා. පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේදී සම්මානයකින්ද ඇය පිදුම් ලැබුවාය.

    Source :- http://www.rategossip.com