රේගු_දඩ

signshop

Well-known member
  • May 30, 2011
    12,138
    8,779
    113
    Dubai
    සියලු බහාලුම් ස්කෑන් පරීක්ෂාවට

    සියලුම රේගු දඩ ඉහළ දමා, රේගු නීති උල්ලංඝනය කරන සියලුම දෙනාට එරෙහිව රේගු ආඥා පනත යටතේ දැඩි දඬුවම් ලබාදෙන බවත්, මෙරටට ගෙන්වන සියලුම බහාලුම් ස්කෑන් පරීක්ෂණයකට ලක්කළ හැකි තාක්ෂණික උපකරණ රේගුව තුළ ස්ථාපිත කරන බවත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් පී. විජේවීර මහතා සඳහන් කළේය.
    ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, අදාළ ස්කෑන් යන්ත්‍ර ලබාගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 කට අධික ප්‍රමාණයක් වැයවන බවත්, එම මුදල රජයට බරක් නොවී ලබාගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බවත්ය.
    මේ අනුව මේ වසර අවසන් වනවිට මෙම ස්කෑන් යන්ත්‍ර සවිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම යන්ත්‍ර සවිකළ පසු විදේශ රටවල සිට මෙරටට රැගෙන එන සියලුම බහාලුම් පරීක්ෂා කිරීමට ලක්කරන බවත් ඔහු පවසා සිටියේය.
    දැනට ලංකාව තුළට රැගෙන එන බහාලුම්වලින් ස්කෑන් පරීක්ෂණයකට ලක්වන්නේ 5෴ ක් වැනි ප්‍රමාණයක් බවත්, එහෙත් එම ප්‍රමාණය මේ වසර අවසන් වීමට පෙර 100෴ ක් බවට පත්වන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.
    හෙරෝයින් ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය විවිධ උපක්‍රම යොදා බහාලුම තුළ සඟවා ගෙන ඒම මැඬපැවැත්වීම සඳහා අධිතාක්ෂණික උපකරණයක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම උපකරණ මිලදී ගැනීමට මේ වනවිට එම උපකරණය පරීක්ෂා කරමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
    මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට අමතරව විදේශ රටවල සිට මෙරටට එවන වටිනාකම රුපියල් 15,000 අඩු තෑගි භාණ්ඩ සඳහා රේගු බදු අය නොකරන බවත්, විදේශ රටවල ගෘහ සේවයට ගොස් මෙරටට රැගෙන එන භාණ්ඩ සාමාන්‍ය ක්‍ර‘මවේදය යටතේ කම්කරුවන් යොදා සිදුකරන පරීක්ෂා කිරීම් නවතා දමන බවත් හෙතෙම සඳහන් කළේය.
    ඉන් පසුව එම භාණ්ඩ ස්කෑන් යන්ත්‍රයක් හරහා පරීක්ෂා කර, භාණ්ඩ ගෙන්වන කාගෝ සමාගම හරහා භාණ්ඩ නිවසට රැගෙන ගොස්දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
    මෙම වැඩපිළිවෙළේ පළමු අදියර මාර්තු 15 වැනිදා ආරම්භ කරන බවත්, ඒ යටතේ රේගුවට අයකරන සියලුම ගෙවීම් අදාළ සමාගමෙන් අයකරගෙන රේගුව තුළදී ජනතාවට විඳින්නට සිදුවන අපහසුතා වළක්වන බවද ජගත් පී විජේවීර මහතා සඳහන් කළේය.
    රේගු දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආදායමෙන් 55෴ ක් උපයා දෙන බවත්, මේ වසරේ පළමු මාස එකහමාර තුළදී පමණක් රුපියල් කෝටි 6800 ක් උපයා දී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ආසන්න වශයෙන් රේගුව වාර්ෂිකව රුපියල් කෝටි 60,000 කට අධික මුදලක් උපයා දෙන බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.
    රේගු නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ගෙන් මෙතෙක් අය කළ දඩ මුදල් ඉහළ දැමීම යටතේ භාණ්ඩවල වටිනාකම මෙන් එක් ගුණයක් අයකළ දඩ මුදල දෙගුණයක් වශයෙනුත්, දෙගුණයක් ලෙස අයකළ මුදල් තුන් ගුණයක් ලෙසත්, තුන් ගුණයක් ලෙස අයකළ මුදල අදාළ භාණ්ඩවලට සාපේක්ෂව ඉහළ දමන බවද ඔහු පවසා සිටියේය.
    දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වුවහොත් අධිකරණයට ඉදිරිපත් කර සිරදඬුවම් ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.


    මේ නම් දෙන්න යන්නේ ඔක්කොටම.. කිසිම දෙයක් ගේන්න වෙන්නේ නැති වෙයි.. :no::no:
     

    tedy

    Member
    Feb 2, 2015
    80
    7
    0
    ගෙන දෙයක් දෙන් ඉතින් 15000 අඩුවෙන් ගේමු :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,779
    113
    Dubai
    ගේන හැම දෙයක්ම ස්කෑන් කරනවා කියලා තමයි කියන්නේ..
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔව් ඉතින් අපෙන් ගත්ත ටැක්ස් හරියටම රජයට ගියානන් ඔයවගේ මැසින් හුගක් ගන්න තිබ්බා..
    මං බඩුවගයක් ගෙනත් උන් ඒකට tax එකයි විස්සක් ඉල්ලුවා. මං අඩ අඩා චුරු චුරු ගාද්දි මල්ලි මොකද කියන්නෙ හතලිහක් ගෙවමුද ඇහුවා , මාත් හා කියල 40 ගෙවුවා.. අම්මට tax කොලේ අරං බලද්දි tax බින්දුවයි . මං තඹ දොයිතුවක් ගෙවල නෑ:P:rofl::P:D