රේඩියෝවේ Display එක

sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    විවා එලයිට් වාහන වල Original Radio එක ගැනයි අද අපි ඔබට කියන්නේ. කිසිදු බාධාවකින් තොරව ඇසුණු ඔබේ රේඩියෝවේ Display එක සමහර විට එකවර නැති වී යන්න පුළුවන්. ඒ කියන්නේ display එකේ මොනවත් පේන්නේ නැතුව යනවා. display එක නැති නිසා frequency හෝ time එක පෙනෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ ? බය වෙන්න එපා ඔබේ වරදක් නිසා නොවෙයි එහෙම වෙන්නේ. මේ මොඩලයේ වාහනවල Original Radio එකේ මෙම ගැටලුව තිබෙනවා. එක ඔබේ වාහනයේ බැටරිය හෝ electronic හෝ Power පද්දතියේ අවුලක් නොවෙයි. Original Radio එකේ මෙම අවුල එන්නට පෙර ඔබේ Radio Display එක තරමක් ආලෝකය සෙලවෙන බවක් එසේත් නොමැති නම් Display එක ගැස්සෙන බවක් දක්නට පුළුවන්. අ තමයි මූලික රෝග ලක්ෂණය. එක අවොත් Display වලට වැඩි ආයුෂ නෑ කියල තමයි කියන්න තියෙන්නේ. මේක මේ Radio එකේ තත්වයක්. ඔබ අලුතින් Radio එකක් සවි කරනවානම් Original තත්වයේ එකක්ම ගන්න බලන්න, මොකද අපේ Dash Board එකේ Radio එකට තියෙන්නේ ඉතාම කුඩා ඉඩක්. එතනට නොගැලපෙන Radio එකක් සවි කරනවට වඩා Viva Elit එකට එන Original Radio එකම දාන්න පුළුවන්නම් හොඳයි...
     

    Attachments

    • 14485156_1767150323558010_7351052705547021689_n.jpg
      14485156_1767150323558010_7351052705547021689_n.jpg
      19.5 KB · Views: 35
    • 14441145_1767150326891343_1407010531671298757_n.jpg
      14441145_1767150326891343_1407010531671298757_n.jpg
      47.8 KB · Views: 34