රේල් පාර දිගේ ඉදල්ගස්හින්නෙන් පට්ටිපොලට

gepa

Well-known member
  • රේල් පාර දිගේ ඉදල්ගස්හින්නෙන් පට්ටිපොලට

    ඉදල්ගස් ඉන්න කිව්වහම කාටත් මතක් වෙන්නේ රේල් හයික් තමයි.. උඩරට මැනිකේ කෝච්චියේ ඇවිත් හපුතලේ පහුවෙලා නවතින සුන්දර ඉදල්ගස් හින්න දුම්රියපල සිත්තරෙක් අතින් සිතුවමක් වගේ ලස්සනයි.

    gh2rzi2.jpg


    WYdPBWK.jpg


    ඒ හරියෙන් බලද්දි වළවේ නිම්නය වගේ ම මහවැලියේ පරිවාර නිම්නය දිලිසෙන රිදී කඳක් වගේ දිය දහර පළාවන් පැහැය මතුවන පරිදි තැනින්තැන ගුරු පැහැය මිශ්‍රවුණු කඳු යාය අතරින් රටාවකට ගලා බසින්නේ දර්ශනීය භූමි දර්ශන මවමින්..
    8qDse6o.jpg


    ZMF7LWa.jpg



    ඒ වගෙම මේ දුම්රිය ස්ථානය ලංකාවේ අංක එකේ හුලං කපොල්ලක් වෙනවා..මේ දුම්රිය ස්ථානය මුහුදු මට්ටමෙන් මීටර් 1665ක් උසයි.මෙතන ඉඳන් හොඳින් බැලුවොත් ලංකාවේ දකුනු දිග තැනිතලාව හොඳින් දර්ශනය වෙනවා.

    jTQk8Dm.jpg


    මීදුමෙන් බර නොවූ දවසක ස්ටේශමට ඵලින් හොඳින් බැලුවොත් චන්ද්‍රිකා වැව ,සමනල වැව පහසුවෙන් දැකගන්න පුලුවනි.

    o1d4vcA.jpg


    මෙතන ඉඳන් පට්ටිපොල ට පයින් යන්න පුලුවනි නම් එය ඉතාම සුන්දර අත්දැකීමක් වෙනවා නො අනුමානයි.

    J0C9KEM.jpg


    8A7QA8u.jpg


    DR8WLoQ.jpg


    WyPV4AC.jpg




    මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1791.77 ක් උස ලංකාවේ උසම දුම්රියපොල බලාගන්න යන මේ ගමනේ අතර මැද හමු වන තවත් ලස්සනම දුම්රිය නවාතැන්පොලක් තමයි ඔහිය දුම්රියපොල.

    wvE4x1c.jpg


    sx0u2kw.jpg


    Q2YZ5hv.jpg


    yWuE3Wy.jpg


    කිලෝමීටර් නවයක පරතරයක් තියන ඔහිය සහ ඉදල්ගසින්න අතර කිලෝමීටර් නවය ඇතුලේ බිම්ගෙවල් 14ක් ගනන් කරන්න හැකියි.

    IKhF5u9.jpg


    දුම්රියපොල දෙකක් අතර වැඩිම උමං ගනනක් දැකගන්න පුලුවන් වෙන්නේත් මේ ස්ටේශ්න් දෙක අතර තමයි..

    s9cYYqy.jpg


    06ekdir.jpg


    ඉදල්ගස් හින ඉඳන් පට්ටිපොලට කිලෝමීටර් 16ක් විතර තියෙනවා.

    E2jBvcZ.jpg


    rJClO4V.jpg


    cTJRz2S.jpg


    3HxK4nv.jpg


    මේ දකින්නේ පට්ටිපොල දුම්රිය ස්ථානය.අපි පුන්චි කාලේ කටපාඩම් කරපු ලංකාවේ උසම දුම්රියපොල

    bEZqYjL.jpg


    RpWTZfj.jpg


    T44QpVz.jpg


    x3SnNtK.jpg


    ඔබ මේ දුම්රිය මග දිගේ පයින් යනවා නම් අවසරයකුත් ගන්න වෙනවා.කොහොම උනත් ටිකක් වෙනස් විදියේ සුන්දර අත්දැකීමක් ගන්න උඩරට මැනිකේ කෝච්චියෙන් ඇවිත් ඉදල්ගස් ඉන්නෙන් බැහැලා පට්ටිපොල පැත්තට පයින් යන්න.

    එය ජීවිතයේ කවරදාකවත් නොලබපු අත්දැකීමක් වෙනවා නො අනුමානයි.

    අමතක උන දෙයක්**** ලාවට වගේ මතකයි මේ ඉදල්ගස් හින්න දුම්රිය පලේ වහලයට වැටෙන වැස්ස පල දෙක දිගේ ගඟවල් දෙපැත්තකට යන්නේ කියලා..නොට් ශුවර් ඈ...


    යන එන ගමනේ කන්න බොන්න තැන් හොයාගන්නවා නම් ඉතින් බඩජාරි.com තමයි.ඒකටත් පොඩ්ඩක් ගොඩ වැදිලා එන්ට..කිරියේ ඉන්න කෝච්චි ඔස්තාර්ලා මේවා ගැන තව විස්තර දන්නවා නම් කමෙන්ට් එකක් විදියට එකත් කොරන්ට.කස්ටියට ජයින් ජයම වේවා.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    පට්ට ෆොටෝ ටික මචන්...මමත් හුග කාලෙකට කලින් දැම්ම පට්ටිපොළ ඉදන් ඔහියට ගිය ගමන ගැන...දැන් නම් එකේ ෆොටෝ පෙන්නේ නෑ...රෙප් දුන්නා...
     
    • Like
    Reactions: gepa

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මගේ මුල්ම හරි
    දෙවැනි හරි රේල් හයික් එක බං..
    හම්මේ.. අර දෙවැනියට දිගම බිංගේ කෝමද..
     

    gepa

    Well-known member
  • මගේ මුල්ම හරි
    දෙවැනි හරි රේල් හයික් එක බං..
    හම්මේ.. අර දෙවැනියට දිගම බිංගේ කෝමද..

    කලුවරේ යනකොට තවත් ආර්තල්..කොහොමද කෝච්චියක් ආව නං..ඉස්ම නෑ
     

    gepa

    Well-known member
  • පට්ට ෆොටෝ ටික මචන්...මමත් හුග කාලෙකට කලින් දැම්ම පට්ටිපොළ ඉදන් ඔහියට ගිය ගමන ගැන...දැන් නම් එකේ ෆොටෝ පෙන්නේ නෑ...රෙප් දුන්නා...

    කලින් එකක් දැම්මද..එල එල
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ට්‍රිප් එක එක දවසින් කවර් කරන්න පුලුවන්ද මචන්, කඩුගන්නාවේ ඉදලා පටන් ගත්තොත්
     

    gepa

    Well-known member
  • ඔය ට්‍රිප් එක එක දවසින් කවර් කරන්න පුලුවන්ද මචන්, කඩුගන්නාවේ ඉදලා පටන් ගත්තොත්

    කඩුගන්නාවේ ඉඳන් කෝච්චියට නැගලා ආවොත් පුලුවනි.ගෙමක් නෑ..කෝච්චිය 4.38 ට තමයි ඉදල්ගසින්නට එන්නේ..හයික් එක පටාන් ගන්න හොඳම වෙලාවත් ඒක තමයි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,487
    8,681
    113
    රූකඩ රාජ්ජේ
    කාගෙන්ද බං අවසර ගන්න ඕනේ රේල් පාරේ යන්න? මිනිස්සු ඔය ඕනෑතරම් යන්නේ බං රේල්පාරේ...අනිවා උන් අවසර දෙනවද? නැත්නම් ඔය ගමනට ලෑස්තිවෙලා ගිහින් අවසර නොලැබුනොත් ඔක්කොම ඉවරනේ

    ++++
     

    gepa

    Well-known member
  • කාගෙන්ද බං අවසර ගන්න ඕනේ රේල් පාරේ යන්න? මිනිස්සු ඔය ඕනෑතරම් යන්නේ බං රේල්පාරේ...අනිවා උන් අවසර දෙනවද? නැත්නම් ඔය ගමනට ලෑස්තිවෙලා ගිහින් අවසර නොලැබුනොත් ඔක්කොම ඉවරනේ

    ++++

    අවසර ගන්නම කියලාඅ නෑ..නීතියෙන් කෝච්චි පාර දිගේ යන්න තහනම්.ඒත් කවුරුවත් කේස් දාන්නේ නෑ..වැඩි හොඳට ඕනිම නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ Fort Station එකෙං අවසර ගන්ට පුලුවනි..මම ගත්තෙත් නෑ.ඒත් ඉතින් කස්ටියට දැනුවත් වෙන්ඩයි දැම්මේ බොස්
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    148
    43
    සුපිරි ෆොටෝ ටික...අඹුවත් එක්කද ගියේ....
    යන්න ආසම ගමනක්..දරු මල්ලෝ ලොකු වෙනකන් ඉන්න ඒපෑයි
     

    gepa

    Well-known member
  • සුපිරි ෆොටෝ ටික...අඹුවත් එක්කද ගියේ....
    යන්න ආසම ගමනක්..දරු මල්ලෝ ලොකු වෙනකන් ඉන්න ඒපෑයි

    ඊට පස්සේ බැරි වෙයිද දන්නේ නෑ නෙහ්..අඹුවට ගෙදර දාලා ගියා නම් හොඳ නැද්ද