රේල් පාර දිගේ ඉදල්ගස්හින්නෙන් පට්ටිපොලට
ඉදල්ගස් ඉන්න කිව්වහම කාටත් මතක් වෙන්නේ රේල් හයික් තමයි.. උඩරට මැනිකේ කෝච්චියේ ඇවිත් හපුතලේ පහුවෙලා නවතින සුන්දර ඉදල්ගස් හින්න දුම්රියපල සිත්තරෙක් අතින් සිතුවමක් වගේ ලස්සනයි.
ඒ හරියෙන් බලද්දි වළවේ නිම්නය වගේ ම මහවැලියේ පරිවාර නිම්නය දිලිසෙන රිදී කඳක් වගේ දිය දහර පළාවන් පැහැය මතුවන පරිදි තැනින්තැන ගුරු පැහැය මිශ්‍රවුණු කඳු යාය අතරින් රටාවකට ගලා බසින්නේ දර්ශනීය භූමි දර්ශන මවමින්..
ඒ වගෙම මේ දුම්රිය ස්ථානය ලංකාවේ අංක එකේ හුලං කපොල්ලක් වෙනවා..මේ දුම්රිය ස්ථානය මුහුදු මට්ටමෙන් මීටර් 1665ක් උසයි.මෙතන ඉඳන් හොඳින් බැලුවොත් ලංකාවේ දකුනු දිග තැනිතලාව හොඳින් දර්ශනය වෙනවා.
මීදුමෙන් බර නොවූ දවසක ස්ටේශමට ඵලින් හොඳින් බැලුවොත් චන්ද්‍රිකා වැව ,සමනල වැව පහසුවෙන් දැකගන්න පුලුවනි.
මෙතන ඉඳන් පට්ටිපොල ට පයින් යන්න පුලුවනි නම් එය ඉතාම සුන්දර අත්දැකීමක් වෙනවා නො අනුමානයි.
මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1791.77 ක් උස ලංකාවේ උසම දුම්රියපොල බලාගන්න යන මේ ගමනේ අතර මැද හමු වන තවත් ලස්සනම දුම්රිය නවාතැන්පොලක් තමයි ඔහිය දුම්රියපොල.
කිලෝමීටර් නවයක පරතරයක් තියන ඔහිය සහ ඉදල්ගසින්න අතර කිලෝමීටර් නවය ඇතුලේ බිම්ගෙවල් 14ක් ගනන් කරන්න හැකියි.
දුම්රියපොල දෙකක් අතර වැඩිම උමං ගනනක් දැකගන්න පුලුවන් වෙන්නේත් මේ ස්ටේශ්න් දෙක අතර තමයි..
ඉදල්ගස් හින ඉඳන් පට්ටිපොලට කිලෝමීටර් 16ක් විතර තියෙනවා.
මේ දකින්නේ පට්ටිපොල දුම්රිය ස්ථානය.අපි පුන්චි කාලේ කටපාඩම් කරපු ලංකාවේ උසම දුම්රියපොල
ඔබ මේ දුම්රිය මග දිගේ පයින් යනවා නම් අවසරයකුත් ගන්න වෙනවා.කොහොම උනත් ටිකක් වෙනස් විදියේ සුන්දර අත්දැකීමක් ගන්න උඩරට මැනිකේ කෝච්චියෙන් ඇවිත් ඉදල්ගස් ඉන්නෙන් බැහැලා පට්ටිපොල පැත්තට පයින් යන්න.
එය ජීවිතයේ කවරදාකවත් නොලබපු අත්දැකීමක් වෙනවා නො අනුමානයි.
අමතක උන දෙයක්**** ලාවට වගේ මතකයි මේ ඉදල්ගස් හින්න දුම්රිය පලේ වහලයට වැටෙන වැස්ස පල දෙක දිගේ ගඟවල් දෙපැත්තකට යන්නේ කියලා..නොට් ශුවර් ඈ...
යන එන ගමනේ කන්න බොන්න තැන් හොයාගන්නවා නම් ඉතින් බඩජාරි.com තමයි.ඒකටත් පොඩ්ඩක් ගොඩ වැදිලා එන්ට..කිරියේ ඉන්න කෝච්චි ඔස්තාර්ලා මේවා ගැන තව විස්තර දන්නවා නම් කමෙන්ට් එකක් විදියට එකත් කොරන්ට.කස්ටියට ජයින් ජයම වේවා.