රොකට් බලකාය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Strategic Rocket Forces :උපායමාර්ගික රොකට් බලකාය




    %25D0%25A0%25D0%25B0%25D0%25BA%25D0%25B5%25D1%2582%25D1%258B.jpg


    උපායමාර්ගික රොකට් බලකායේ 50වැනි සංවස්තරය වෙනුවෙන් නිකුත්කල සමරු මුද්දරය.

    රුසියානු ෆෙඩරේෂණයේ උපායමාර්ගික රොකට් බලකායේ ආරම්භය

    රුසියානු උපායමාර්ගික රොකට් බලකාය රුසියානු ෆෙඩරේශණයට අයත් න්‍යශ්ඨික බෝම්බ ගෙනයා හැකි අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල (Inter Continental Ballistic Missile - ICBM) මෙහෙයවීම භාරව තිබෙන බලකායයි. සෝවියට් දේශය රොකට්ටු බලකාය ආරම්භ වුනේ රොකට් ප්‍රචාලනය පිලිබඳව අධ්‍යයනය කිරීමටත්, එය අවියක් ලෙස යොදාගැනීමේ හැකියාව සොයාබැලීම සඳහාත් රෙජිමේන්තුවක් අනුයුක්ත කිරීමෙනි. ඒ 1946 වසරේ ජූලි මාසයේදීයි. මේ බලකාය 92වැනි විශේෂ බ්‍රිගේඩය ලෙස නම් කෙරුණා.

    1947 ඔක්තෝම්බර් මාසයේදී මෙම නව බ්‍රිගේඩය නාසි ජර්මනියෙන් අල්වාගත් V-2 රොකට් සැලසුම් වලට අනුව සෝවියට් දේශය තුලදී නිශ්පාදනය කෙරුනු රොකට්ටුවක් මුල්වරට සාර්ථකව අත්හදා බැලූ අතර එය R-1 ලෙස නම් කොට තිබුණා. එය සොවියට් උපායමාර්ගික රොකට් බලකායේ පලමු රොකට් ගුවන් ගත කිරීමයි. මේ ගුවන්ගත කිරීම සිදුවුනේ කසාක්ස්ථානයට නුදුරින් පිහිටි කපුස්ටින් යාර් (Kapustin Yar) නම් ප්‍රදේශයේදීය. සෝවියට් රොකට් හා මිසයිල පර්යේශණ වැඩිවශයෙන් සිදුවුනේ කපුස්ටින් යාර් ප්‍රදේශයේ වන අතර එය 1950 ගණන් වනවිට අතිශය රහසිගත රොකට් හා මිසයිල අත්හදා බැලීමේ සංකීර්ණයක් බවට පරිවර්තනය වී තිබුණා. 1952 වසරේදී R-2 බැලිස්ටික් මිසයිලයේ අත්හදා බැලීම් කටයුතු ආරම්භවී තිබුණු අතර එන්ම අත්හදා බැලීම්ද කපුස්ටින් යාර් සංකීර්ණයේදී සිදුවුනා.

    1959 වනවිට සෝවියට් රොකට් විද්‍යාඥයින් කිලෝමීටර් 1000කට වඩා ඈතට අධිබල පිපුරුම් ඒකකයක් (explosive warhead) රැගෙනයා හැකි අන්තර් මහදිවීපික වර්ගයේ මිසයිල ගණනාවක් නිර්මාණය කොට තිබුණු අතර 1959 වසරේ දෙසැම්බර් 17වැනිදා නිළවශයෙන් උපායමාර්ගික සෝවියට් රොකට්ටු බලකාය බිහිවුනා. මේ බලකායේ මෙහෙයුම් විධානය වූයේ සතුරු රටවල්වල න්‍යෂ්ඨික අවි ගබඩා හා නිශ්පාදන සංකීර්ණ, යුධ කඳවුරු හා යුධමය වශයෙන් වැදගත් වන යටිතල පහසුක විනාශකිරිම හා සතුරු රටවල්වල කාර්මික සංකීර්ණ අඩපන කිරීමයි. මේ අරමුණු මුදුන් පමුණුවාගැනීම සඳහා කිලෝමීටර් 1000කට වඩා ඈතට පියාසර කරවිය හැකි සියලුම රොකට් හා මිසයිල අවි වල පාලනය උපායමාර්ගික රොකට්ටු බලකායට පැවරුනා.

    කපුස්ටින් යාර් රොකට් පර්යේශණ අංගනය - සෝවියට් බැලිටික් මිසයිල හා රොකට් තාක්ශණ තිඹිරිගෙය

    Kapustin+Yaar.JPG



    කපුස්ටින් යාර් මිසයිල පර්යේශණ මධ්‍යස්ථානය 1951 වන විට දහස් ගණනක් විද්‍යාඥයින් සේවය කරන ස්ථානයක් බවට පත්වුනු අතර මේ විද්‍යාඥයින්ට හා ඔවුන්ගේ පවුල් වලට වාසය කිරීම සඳහා අංග සම්පූර්ණ නගරයක් ඉදිකෙරුණා. කපුස්ටින් යාර් පර්යේශණ මධ්‍යස්ථානය අසල ඉදිකෙරුණු මේ නගරය ස්නැමෙන්ස්ක් (Znamensk) ලෙස හැඳින්වුනු අතර මෙහි රහසිගත පර්යේශණ සිදුවුනු නිසා නිළ සෝවියට් සිතියම්වල මේ නගරය සළකුණු කොට තිබුණේ නැතුවා පමණක් නොව සෝවියට් පුරවැසියන්ට පවා මෙම නගරය තහනම් කළාපයක් වුනා.

    R-7 සෙමියොර්කා - ලොව ප්‍රථම බැලිස්ටික් මිසයිලය

    1957දී නිපැදවුනු R-7 රොකට්ටුව සෝවියට් රොකට් තාක්ශණයේ නව විප්ලවයක් ඇතිකලා. සෝවයට් දේශය නිපදවූ ප්‍රථම අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලය මෙයවන අතර එය උපායමාර්ගික රොකට්ටු බලකායට අනුයුක්ත කෙරුනා.

    r-7-inforgraphic.jpg


    මිසයිලයක් ලෙස ඉතා බලසම්පන්න වුවත් R-7 රොකට්ටුවේ ස්වර්ණමය යුගය ඇරඹුනේ මිසයිලයක් ලෙස නොව අභ්‍යවකාශයට චන්ද්‍රිකා හා මිනිසුන් ගෙනයන ප්‍රවාහන රොකට්ටුවක් ලෙස එය අනුවර්තනය කර ගැනීමෙනුයි. ස්පුට්නික් 1 චන්ද්‍රිකාව උඩුගුවනට ගෙනගියේත්, ගගාරින් උඩුගුවනට ගෙනගියේත් අනුවර්තනය කරනු ලැබූ R-7 රොකට්ටු වලින්.

    r-7.png


    අභ්‍යවකාශ ගමන්වලට යොදාගත් R-7 රොකට් මාදිලි | ගගාරින් අභ්‍යවකාශ ගතවුනේ වොස්ටොක් ලෙස හැඳින්වුනු 1960දී නිර්මිත R-7 අනුවර්තනය මගිනුයි.


    සෝවියට් / රුසියානු බැලිස්ටික් මිසයිල පෙරෙට්ටුව

    SRSRF----22222222+copy.gif



    වර්තමාන රුසියානු බැලිස්ටික් මිසයිල පිලිබඳ තාක්ශණික තොරතුරු

    R-36M Voyevoda / SS-18 SATAN

    340px-Dnepr_rocket_lift-off_1.jpg


    R-36 / SS-18

    ආර්-36එම් "වොයෙවේදා" ලෙස රුසියානුවන් හඳුන්වන මේ මිසයිලය නේටෝ සංවිධානය හඳුන්වන්නේ එස්.එස්-18 "සාතන්" යන අනුවර්ත නාමයෙනුයි. සෝවියට් රොකට් බලකායට 1967දී හඳුන්වාදුන් මේ මිසයිලය දැන් වඩාත් වැඩිදියුණුකොට, බලසම්පන්න කොට තිබෙනවා. අදියර දෙකක රොකට් එන්ජිමකින් ගුවන්ගත වන මේ මිසයිලයට independently targetable වර්ගයේ වෙනවෙනම් ඉලක්ක වලට යොමුකල හැකි පිපුරුම් ඒකක 10ක් දක්වා ගෙන යාහැකි ලෙස නිමවා තිබෙනවා. භූගත කොන්ක්‍රීට් මිසයිල සයිලෝවක රඳවා තිබෙන ආර්-36එම් "වොයෙවේදා" මිසයිලය ගුවන් ගත කරන්නේ "cold launch" ලෙස හැඳින්වෙන මිසයිල ගුවන්ගත කිරීමේඋපක්‍රමයක් ආධාරයෙන්. මෙහිදී සිදුවන්නේ මිසයිලය සම්පීඩිත වායුවක් ආධාරයෙන් සයිලෝවෙන් ඉවතට විදීමයි. මිසයිලය සයිලෝවෙන් ඉහලට එසවුනු වහාම රොකට්ටුවේ පලමුව අධියර දැල්වී මිසයිලය ගමන ආරම්භ කරනවා.


    UR-100N / SS-19 Stilleto

    ss-19.gif


    රුසියානු රොකට් බලකාය යූ.ආර්100එන් ලෙස හඳුන්වන මේ මිසයිලය නේටෝ සංවිධානය හඳුන්වන්නේ එස්.එස්-19 ස්ටිලෙටෝ ලෙසයි. රුසියානු රොකට් බලකාය සතුව මෙවැනි බැලිස්ටික් මිසයිල 136ක් තිබෙන අතර ඒවා 2030 වනතෙක් සේවයේ රඳවාගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. දිගින් අඩි අසූවක් වන මෙම මිසයිලය අදියර දෙකක රොකට්ටුවකින් බලගැන්වෙනවා.මේ මිසයිලය independently targetable වර්ගයේ වෙනවෙනම් ඉලක්ක වලට යොමුකල හැකි පිපුරුම් ඒකක 6ක් දක්වා ගෙන යාහැකි ලෙස නිමවා තිබෙනවා.

    RT-23 / SS-24 SCALPEL

    ss-24-2.jpg


    නේටෝ සංවිධානය එස්.එස්-24 ස්කැල්පෙල් ලෙස හඳුන්වන ආර්.ටී-23 බැලිස්ටික් මිසයිලයේ ඇති විශේෂත්වය එය සාම්ප්‍රදායික භූගත සයිලෝ වල මෙන්ම විශේෂිත දුම් රියක ප්‍රවාහණය කොට දුම් රිය මතින්ම දියත්කල හැකි ලෙස මාදිලි දෙකකින් නිර්මාණය කොට තිබීමයි. හෙවත් දුම් රියකින් දියත් කිරීමේ හැකියාවේ ඇති වැදගත් කම නම් මිසයිල සතුරු ප්‍රහාර වලින් ආරක්ශාකර ගැනීමට එහා මෙහා ගෙනයාමට හැකිවීමයි.වෙනවෙනම් ඉලක්ක වලට යොමුකල හැකි පිපුරුම් ඒකක 6ක් දක්වා ගෙන යාහැකි ලෙස නිමවා ඇති ආර්.ටී-23 බැලිස්ටික් මිසයිලය කිලෝමීටර් 10,000ක් ඈත ඉලක්කයක් වෙත යැවිය හැකි පියාසර පරාසයක් ඇති අතර දැනට රුසියානු රොකට් බලකාය සතුව ඇති ඉතා බලසම්පන්න මිසයිලයක් වනවා.

    RT-2PM / SS-25 SICKLE

    image.aspx.jpg


    SS-25 Sickle ICBM on its mobile launcher

    Road mobile හෙවත් සාමාන්‍ය මහාමාර්ගවල ගෙනයාහැකි ට්‍රක් රථමතින් දියත්කල හැකි ලෙස නිමවා ඇති RT-2PM හෙවත් නේටෝ සංවිධානය එස්.එස්-25 සිකල් ලෙස හඳුන්වන මිසයිලය එක් පිපුරුම් ඒකකයක් කිලෝමීටර් 10,000 ඈතකට ගෙනයාහැකි බලසම්පන්න බැලිස්ටික් මිසයිලයකි. මහාමාර්ගවල ගෙනයාහැකි නිසා පහසුවෙන් සතුරු ප්‍රහාර වලින් බේරාගත හැකි මෙම මිසයිලක් විදීමෙන් පසු තවත් මිසයිලක් ඉක්මණින් reload කොටගෙන නැවත් ප්‍රහාර එල්ලකල හැකි ලෙස සකසා ඇත.

    RT-2UTTH:Topol-M / SS-27 Stalin

    topol-m-1.jpg


    එස්.එස්-25 මිසයිල වඩා වැඩිදියුණු කිරීමකි ටොපොල්-එම් හෙවත් එස්.එස්.27 බැලිස්ටික් මිසයිලය. Road mobile launcher මගින් දියත් කල හැකි ටොපොල් මිසයිලයේ හැකියාවන් එස්.එස්-25 මිසයිලයට බොහෝ සමානය. අදියර තුනක ඝණ ඉන්ධන රොකට්ටුවකින් බලගැන්වෙන එස්.එස්-27 මිසයිලය කිලෝටොන් 550ක පිපුරුම් බලයක් (explosive yield) ඇති න්‍යශ්ඨික බෝම්බයක් ගෙනයයි.

    RS-24 "Yars"

    2010 වසරේදී සේවයට එක්වුනු ආර්.එස්-24 යාර්ස් බැලිස්ටික් මිසයිලය රුසියානු රොකට් බලකායේ නවතම රොකට්ටුවයි. අනාගතයේදී එස්.එස්.25 හා එස්.එස්.-27 මිසයිල පද්ධති වෙනුවට ආර්.එස්-24 යාර්ස් මිසයිලය යොදවනු ඇත. දැනට මේ මිසයිලය පිලිබඳව හෙලිවී ඇති තොරතුරු ඉතා අල්පය.


    image101.png



    විද්‍යා ගවේෂණ by Terence Arachchi
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ela... machan umba me field ekata interest wage.. waren pakistan defence.pk ekata... eke mewa gana katha ranna puluwan!

    රුසියාව ඇමෙරිකන් කාරයොත් එක්ක කරට කර ඉන්න ඕනේ නැත්නම් ලෝක බල තුලනය වෙන්නේ නෑ එකෙන් වැඩිම අවාසිය වෙන්නේ පොඩි රටවල්වලට

    (මේක අපේ රටේ දේශපාලනයටත් අදාලයි හොද විපක්ෂයක් නැති උනොත් ආණ්ඩු කරන උන් පාළු ගෙයි වලන් බිදිනවා වගේ වැඩ කරන්න ගන්නවා )
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම thread එකක් සහෝ...
    නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා
    බෙදා ගත්තාට ස්තුති... (+6) :)