රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි,

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි,

    රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි,



    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් එවන ලද ලිපියකි. පුලුවන් කෙනෙක් මේක වික්‍රමශීලා පිරිවෙනේ ගේට්ටුව ලඟ දමා යන්න.[/FONT]
    [FONT=&quot]_________________________[/FONT]


    [FONT=&quot]බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍ය ‍රොටුඹේ පේමරත්න අපෙ නායක හාමුදුරුවන් වෙතයි.[/FONT]


    [FONT=&quot]හාමුදුරුවනේ, ඔබ වහන්සෙලා අර නොදරුවොත් පෙරටුකොරං ඇවිත් අද කොරපු වැඩේ නං වස කැතයි. ඕකෙං මේකෙං මගෙ ලොකු කෙලිත් හෙට දැනගන්නවා අම්මා බේත් ගේන්ඩ කියල ගිහිං තියෙන්නෙ අහවල් සැත්කම කොරගන්ඩ කියලා. ගමේ හැත්ත බුරුත්ත ඔක්කොමත් දන්නවා. තව ටිහකින් අපෙ මිනිහත් බීගෙන ඇවිත් ඉතුරු හරියත් කොරල දායි.[/FONT]


    [FONT=&quot]මෙහෙමයි හාමුදුරුවනේ. ඔය පිරිවෙනට දානෙ වේලක් හරි ගෙනත් පුදපු ගෑනියෙක් හැටියට මේ කියන්නෙ. දැනටම තුනක් වදල තියෙනවනේ. වදනවයි කියන එක පන්සලට වෙලා ඉන්න තමුන්නාන්සේලා හිතන තරං ලෙසි නෑ. ගැබ්බර වෙලා ඉන්නකං අතට පයට සැප ගන්ඩ අපි මහාමායාදේවිල නෙමේ. අපේ පැටව් කුස හෑල්ලුවෙලා බොහ් ගාල නෙලුම්මල් උඩට වැටෙන්නෑ. වදන එක සැපයි හදන එක ගැන හිතද්දි. තවත් වදාගෙන උන්ට පොල්මුල් තම්බල දෙන්ඩද? තමුන්නාන්සෙලගෙ පන්සල්වල ගොඩගහගෙන තියෙන පිටිකිරි පිරිකර අපිට මොක්කුවත් ගෙනත් පුදන්නෑ. මාසෙකට වතාවක් දෙකක් ඩිස්පැන්සරි ගානෙ උන්ව උස්සං යන්ඩ අපිට තමුන්නැහෙලට වගේ කාර් නෑ. [/FONT]


    [FONT=&quot]තමුන්නැහෙලට තියෙන්නෙ ගෑනු වදන්නැති ප්‍රස්නේ. අපිට තියෙන්නෙ වදපු උන්ට මොකද කරන්නෙ කියන ප්‍රස්නේ. උන්ට කන්ඩ දෙන්ඩ ඕනෙ. උගන්නන්ඩ ඕනෙ. ඒකට සල්ලි හොයන්ඩ ඕනෙ. උනුත් අපි වගේම කාලකන්නි වෙනකං ගෙදරට වෙලා වද වදා බලං ඉන්ඩද කියන්නෙ? උන්ගෙ කේඬෑරි සරීර කූඩු දිහා බලාගෙන හූල්ලන්ඩද කියන්නෙ?[/FONT]


    [FONT=&quot]තමුන්නාන්සෙලා සෝමාරිකමට පන්සල ඇතුලෙ ඉදං ඉන්න විදිහට අපිට ගෙවල්වල ඉන්ඩ බෑ. අපිට මොක්කුවත් උයල කන්ඩ ගෙනත් දෙන්නෙ නෑ. අපේ ලෙඩට දුකට බලන්ඩ හාර පන්සීයක දායක සේනාවල් අපිට නෑ. කොටින්ම විසිහතර පැයේ නහින අපිට ජීවිතයක් නෑ. මොකක්හරි සතුටක් කියල දෙයක් තියෙනවනං දරුවෙකුගෙ දෙයක්, නැත්තං හවහට බැලෙන ටෙලිනාට්‍යයක්. ඒ ඇරුනාම පුද්ගලික දේකට කරන්නෙ මාසෙකට කීප විඩක් මිනිහත් එක්ක හැමනෙන එක තමා. ඒකත් ආයෙ හිටීද කියලා සැකෙං. බයෙං. අපේ මිනිස්සුන්ටත් කටේ තොලේ ගාගෙන මෝලංගිරිය නැග්ගාම මොන උපත්පාලනද? බැරිම තැන ඔය ක්ලිනික් එකට ගියේ. මට දැන් ඕවා ඇතත් නැතත් එච්චර ගානක් නෑ. ඒත් අපේ මිනිස්සුන්ට ඕනෙ. ඒකත් අසාදාරණ නෑ. දවසකට පැය දහයක් දොලහක් නැහෙන මිනිස්සු. වෙන ජීවිතයක්, සතුටක් නෑ. ඕක ගෙදර නැත්තං පිට යයි. අන්තිමේ අපිමයි විඳවන්නෙ.[/FONT]
    [FONT=&quot]තමුන්නාන්සෙලා ඒකටත් කෙලියා.[/FONT]


    [FONT=&quot]ඔක්කොම හයිකාරකං ගෑනු පිටිං තමා. ගෙදරදි කැමති උනත් අකමැති උනත් බේබදු මිනිහෙක් ඇඟට නගිනවා. දරු පවුල කඩා ඉහිරුවාගන්ඩ බැරිකමට ඒකට මොනවහරි කරගන්ඩ ගිහාම කහ සිවුරු ඇඳගත්තු මිනිස්සු ඇඟට ගොඩවෙනවා. [/FONT]


    [FONT=&quot]මං දවසක් අහගෙන තමුන්නාන්සේ මොකද්ද බණක වදාරනවා ඉස්සර සිංහල පවුල්වල ලමයි දහය දොලහ හැදුවා කියල. තමුන්නාන්සෙගෙ පවුලෙත් එහෙම වෙන්ඩැති. අපේ පවුලෙත් එහෙමයි. අපේ අම්මලා වදන එකම තමා කොලේ. අඩුම ගානෙ වදන උන්ට මොකද වෙන්නෙ කියලවත් උන්දැලට බලන්ඩ වෙලාවක් තිබ්බෙ නෑ. එහෙම දැනුමක් තිබ්බෙත් නෑ. උන්දැලා අපා දුකක් විඳින්න ඇති. ඊළග පාර තමුන්නැහෙගෙ බණට මේ ටිකත් කියන්ඩ හාමුදුරුවනේ.....[/FONT]


    [FONT=&quot]ඒකාලෙ ලමයි මහ ගොඩක් වදනවා (නෙමෙයි වැදෙනවා)...... එකෙක් දෙන්නෙක් අකාලෙ මැරෙනවා.ඊට පස්සෙ ඉතුරු උං වැඩිදෙනෙක් අයාලෙ හැදෙනවා. කෑවෙ ගඩාගෙඩි. ඉස්කෝලෙ වැඩිම උනොත් තුනේ පන්තිය. පවුලකින් යන්තමට එකෙක් ගොඩයන්ඩැති. අනික් උං කුලී වැඩ, ගොයිතැං. හැබැයි සිංහල බවුද්ද. සරීර ස්වභාවෙ හින්ද ජාතකේ සිංහල. බවුද්ද කියන්නෙ උං කහ රෙද්දක් දැක්ක ගමං හතර ගාතෙ දාල වැඳ වැටෙන හින්දයි, පන්සලට වරද්දන්නැතුව දානෙ පූජ කරන හින්දයි. හාමුදුරුවරු දෙසන කතන්දරටික ඇරුනාම උං දන්න බුද්දාගමක් තිබ්බෙ නෑ. උං බුදුහාමුදුරුවො අදහන ක්‍රමේටම තමයි බණ්ඩාරනායකව, ‍ජේ.ආර්ව ඇදහුවෙත්. කෙලවිලා තියෙන තරම පේනවනේ? [/FONT]


    [FONT=&quot]හැබෑට ජාතිය බිහිවෙන්නෙ ගෑනුංගෙ රෙද්ද අස්සෙන්ද? යකෝ එතකොට ජාතිය බිහිකරන තැන ජාතියටත් වඩා උතුම් නැද්ද? වරෙව් තෙල් මල් සුවඳ දුම් අරං මගෙ ජාතිය බිහිකොරන එක වැඳපුදාගන්ඩ. [/FONT]


    [FONT=&quot]සිංහල ජාතියට මොනව වේගෙන එනවද මං දන්නෑ හාමුදුරුවනේ. කෝකටත් තමුන්නැහෙගේ බණේ හැටියට ජාතිය රැකගන්ඩ හින්දා අද ඉඳං මාත් පලල් කොරං ඉන්නං. හැබැයි වදල ගේන්නෙ පන්සලට. මටයි මගෙ දරුවන්ටයි කන්ඩ බොන්ඩ දීපල්ලා. ලෙඩට දුකට බලපල්ලා. නැත්තං මං දානවා නඩු.


    [/FONT]
    reargate.blogspot.com එකෙන් උස්සන ලදි



     
    • Like
    Reactions: Kalu_Banda

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    ගෙරි හම්බයෙක් ගේ තවත් ගෙරි අමන වැඩක්. ඕව කියපන් පොඩි බබාලට.සුරඟන කතාවක් කියලා හිතල අහගෙන ඉදියි.දන්නා උන් දන්නවා ඔය වැඩේ වෙන හැටි.මේවා බලල තැන් තැන් වල දන උනුත් පොඩ්ඩක් ඔලුව අතගාල බලපන් එහෙම බලපන් මොනාහරි නෙරළ එහෙම උඩට ඇවිල්ල තියනවද කියල