රොඩී

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පත්තරෙ ගත්තත් ලංකාවෙ කොහේ ගියත් දකින්න ලැබෙන සුලභ දර්ශනයක් තමයි සාස්තර කියන රොඩී කාන්තාවන් සහ රොඩී වල්ලියන්. දැන් මොවුන් රූපවාහිනියෙ දැන්වීම් දාන තරමටම ප්‍රබල ව්‍යාපාරයක් වෙලා.

    " මාත්තියා මූණ බලලා කියන්නම්. මාත්තියා මනමාලයා. සිකුරා අතේ තමයි ඉන්නවා. අත දුන්නොත් හෙට වෙන්න තියෙන දේ කියනවා. වැරදිනම් මොකුත් යෙපා. අරිනම් විතරක් කීයක් හරි දෙන්න "
    මේ රොඩියන් සහ වර්තමාන විපක්ෂය අතර වෙනසක් නෑ. කටට එන දේ ඔහේ කියනවා. ඒක බොරු උනා කියලා කිසි ගානකුත් නෑ ලැජ්ජාවකුත් නෑ. අනාගත වාක්‍ය තමයි හැම වෙලාවෙම කියන්නෙ.
    ❎
    අපි එන්නත් ඇනවුම් කරන්න පරක්කුයි. ලෝකයෙ බටහිර රටවල් දැනටමත් එන්නත් ඇනවුම් කරලා ඉවරයි. අපට එන්නත් එනකොට 2022 අග විතර වෙයි.
    ❎
    ලංකාවෙ රෝගීන් 1000 පැන්නොත් රෝහල් ධාරිතාවය නෑ.
    ❎
    ලංකාවේ ඔක්සිජන් නෑ. මිනිස්සු ඔක්සිජන් නැතුව පාරෙ තැන තැන වැටිලා ඉඳියි..
    ❎
    රට විශාලා මහනුවරක් වෙනවා..
    ❎
    රටට ජනතාවට බෙහෙත් ටික ගේන්නවත් සල්ලි නෑ. මාසයක් ඇතුළත රට බංකොලොත් වෙනවා..
    ❎
    රටේ ණය ටික ගෙවාගන්න බෑ. ඩොලර් සංචිත නැති වෙනවා.
    ❎
    එන සතියෙ ඉදන් තෙල් නැති වෙනවා.
    අලුත්ම එක තමයි..
    ❎
    මාර්තු අප්‍රේල් වෙනකොට කන්න නැති වෙනවා..
    මේ වගේ නෑ.. බෑ.. කියාගත්ත එවුන්ව රටේ පාලනයට පත් කරනවා තියා අපේ මුතුන්මිත්තන් ගෙදර එළිපත්තටවත් ගත්තෙ නෑ. ගමනක් යනකොට මේ වගේ එවුන් මූණට මුරිච්චි උනොත් හැරිලා එනවා. උදේ පාන්දරක දැක්කොත් තුහ්ඃ කියලා කෙල ගහනවා. දවසම මූසලයි කියනවා. අද කැඳවත් හම්බ වෙන්නේ නෑ කියනවා.
    මෙහෙම මිනිස්සුන්ට ගම් වල කිව්වෙ අ පතයො, කා ලකන්නි, මූ සලයො කියලා. සමහරු කිව්වෙ කනවැන්දුම් ගැණි වගේ අඬා ගත්ත ගමන්මයි කියලා.
    මේ වගේ සෘණාත්මක චින්තනයක් තියෙන මිනිස්සුන්ව වර්තමාන දරු පරපුරට දකින්නවත් තියන්න හොඳ නෑ. අඬා ගත්ත ගමන්මයි. රූපවාහිනි නාලිකාවක මයික් එකක් දැක්ක ගමන්ම අඬනවා. ඇත්තටම මොවුන් රටට සාපයක්. මේ වගේ විපක්ෂයක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති.
    රූපවාහිනි නාලිකාත් දැන ගන්න ඕන මේ අපත සෘණාත්මක මිනිස්සු උදේ එලිය වැටෙනකොටයි රෑට නිදාගන්න යනකොටයි නිතර දෙවෙලේ පෙන්නන්න ගත්තොත් තමන්ටත් කැඳවත් නැති වෙන බව.
    1640843218047.png

    නිලන්ත සත්සර ගමගේ
    ✍️

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    කවුද ඔය නිලන්ත කියන්නේ?
    ✍️
    කුලියට ලියනවා කියලා ඉමෝජි එකක් දාලම පෙන්නලා තියෙනවා හැබැයි.