~~~~~~රොබරෝසියා~~~~~~

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ~~~රොබරෝසියා~~~
    "හන්තානට පායන හද කියන්නේ අරකද යසිරු?"
    උමා උඩ බලන් අහනවා.හැන්දෑ අහසේ මතුවේගෙන එන අඩසද අක්බාර් පාලමට උඩින් බලන් ඉන්නවා...
    "හ්ම්ම්"
    ඒ එක්ක ම පාලම උඩින් වාඩි වෙලා උමාගෙ කිචි බිචිය අහන්න ගත්තා.
    උමා හුරතල් කෙල්ලෙක්..බොලදකමට ඒ හුරතලේට මම ගොඩක් ආදරේ කලා.සමහර වෙලාවට පොඩි එකෙක් වගේ.ඒ කෝලම් වලට මාත් හවුල් වෙනවා.
    ~~~~~~~~~~~~~~~
    රොබරෝසියා මල් වලින් පාර වැහිලා රතු පලසක් වගේ.
    "පාගන්න ලෝබයි.... "
    "හ්ම්ම්"
    "හ්ම්හ්ම් කියන්නේ මොනව හරි කියන්නකෝ යසිරු ? මොනව ද ඔය හිත හිත ඉන්නේ?"
    හෙමින් සීරුවෙ එයාව තුරුල් කරගත්තා.
    "වෙන මොනවද ඉතින් අපි ගන මිසක් " මං කිව්වේ ඒ මූනට එබෙන ගමන්......රැවුල් කොට පහසෙන් කිති කැවුන සිනිදු මූන පොඩ්ඩක් රතු උනා.
    "ඔයා හැමදාම මෙහෙම ම ආදරේ කරනවා ද මට ?මේ මටම විතරක්?"
    "මොනව ද යසිරු කියවන්නෙ? මන් ආදරේ කරන්නේ එක් කෙනෙක්ට විතරයි.ඒ ඔයා ම තමයි.."මං ඒ උනුසුමට තව ලං උනා.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    සිවු වසරේ පෙම් ගීතය අපිත් ගැයුවා.මල් පාරෙ හැංගි මුත්තම් කරා.අක්බාර් පාලම මැද්දේ අත් අල්ලන් පොඩි උන් වගේ උඩ පැන්නේ.සමහර හැන්දෑ වල අක්බාර් පාලමට උඩින් ඉගිලෙන වවුලන්ට අප්පුඩි ගැහුවා.ඉදලා හියලා හ්ම් හ්ම් ගාලා බකමූනොත් එක්ක විහිලු කලා.හන්තාන දිහා බලන් එක එක දේවල් මිමුණුවා.හන්තානට පායන හදේ ලස්සන බලන් වගේ ම මාසේ පෝයට හුදකලා උනු හන්තාමේ දි මහවැලි ගගේ සද්දේ අහන් එකට ගුලි වෙලා ඉදියේ කවදාහරි එක ම මගේ සෙවණැලි පටලන්න හිතාගෙනයි.බෙන්ස් ෆෙරාරි වල යන්න pizza පැස්ටා චීස් සෝස් එක්ක කන්න හීන දකින කෙල්ලෙක් නොලැබී සරල කෙල්ලෙක් ලැබුනා කියලා මං ගොඩක් සතුටු උනා.මං හිතුවේ ඒ අවුරුදු 4දි මං එයාව හොදට තේරුම් ගත්තා කියලයි.උමාගේ හැමදේම මං ඒ වෙද්දි මීටර් කරන් ඉදියෙ.උමා කියන්නේ කෝටි ගානක ඇදුම් වලට වඩා පිහාටු පෑනක් ලස්සන මාලු ජෝඩුවක් වගේ සරල තෑගිවලට ආස කරන අමුතු කෙල්ලක්.හත්සීයෙ අටසීයෙ ටොබ්ලෙරෝන් ගැලැක්සි චොක්ලට්වලට වඩා පොඩි පොඩි ලොසින්ජර් ජුජුබ්ස් වලට පෙරේත උනු වයස 23දිත් ස්කුබිඩූ බලන අමුතු කෙල්ලක් තමයි උමා
    "මට එපා වෙලා යසිරු.මේක කොහොම කරත් තේරෙන්නෑ"ආංශික අවකලනේ පෙන්නලා උමා මොරදෙනවා.ඉතින් මං පොඩි දේ ඉදන් කියලා දෙනවා.කෙම වගේ sub එකක් තියෙන දවසට මිස්ටර් මැත්ස් තමයි මිස් කෙමා හොයන් නාහෙන් අඩන් දුවන් එන්නේ.මොකද ඉතින් මංරාලට කෙම බැරි නිසා..
    ~~~~~~~~~~~~~~~~~
     
    Last edited:
    • Like
    Reactions: tharindumj

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ~~~රොබරෝසියා~~~
    "හන්තානට පායන හද කියන්නේ අරකද යසිරු?"
    උමා උඩ බලන් අහනවා.හැන්දෑ අහසේ මතුවේගෙන එන අඩසද අක්බාර් පාලමට උඩින් බලන් ඉන්නවා...
    "හ්ම්ම්"

    ඔව් අනේ.. ඔය හදම තමා 1969 දි අර නීල් කියන අැමරිකන් හාදයා ඔ්කට නැගල පෑගුවෙ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ මේ උබේ කතාවද ලියන්නෙ.. එහෙම නැත්නම් හිතින් මවාගත්ත එකක්ද මචන්..
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කිරිහලෙන් සීතල සැලඩ් එකක් කාලා දවල්ට වලේ නාට්ටියක් බලලා හැන්දෑවට උනුකිරි එකක් බීලා බහින ඉරයි හන්තානේ හදයි පොඩි පොඩි තරුකැටයි එක්ක ගොඩක් හීන මවාගෙන ආදරේ ඉදියා.
    එක දවසක් උමාගෙ ෆෝන් එක ගොඩක් වෙලා බිසි උනා.ට්‍රයි කරලා කරලා අන්තිමේ එයා ආන්සර් කරා
    "ඇයි මේ බිසි? කා එක්කද කතා කරේ?"
    "ආ මේ අම්මා එක්ක..." එයා ඉක්මනට කියලා දැම්ම
    "අම්ම මොනව ද සුදූ කියන්නෙ?"
    "මං පාඩම් කරන්න ඕනෙ පස්සෙ ගන්නම්"
    එහෙම කියලා ඉවර උනත් එයා ආයෙ ගත්තෙ නෑ.වෙනදා කූබියෙක් කෑවත් කියන කෙල්ල දැන් කතා කරන්නේ ඇගෙන් ඇට දෙනවා වගේ

    ~~~~~~~~~~~~~~~~~~~~~~~
    මචං යසෝ උබේ එකී මෙඩ්ඩෙක් එක්ක කතා කරනවා දැක්ක බන් වලේදි.මොකෝ නිකම් ප්‍රශ්නයක් ද?"නුවන් මං ලගින් ම ඉදන් හීන්හඩින් ඇහුවා
    "නෑ බං එහෙම මුකුත් නම්ම්.යාලුවෙක් වෙන්න ඇති."මං අහක බලන් කිව්වට මගේ පපුවෙත් බිත්තර තැම්බෙන ගමන් තමයි ඉදියේ

    "එහෙම වෙන ඇති බං" කිව්ව නුවන් කියන්න හිතුව දේ ගිලගෙන නැගිටලා ගියා....
    එදත් ෆෝන් එක බිසි.කෙල්ල පාඩම් කරනවා වෙන්න ඇති ෆයිනල් ලගයි නෙ කියලා හිත හදන් පාඩුවෙ ඉන්න මං ගොඩක් උත්සහ කරා.ඒත් එක දවසක් එහෙම බැරි උනා.අන්තිමේ මං කතා කරලා හැහුවා
    "උමා මොකද්ද ප්‍රශ්නේ? ඇයි මෙහෙම ගින්දර දෙන්නේ? ඇයි මගාරින්නෙ?"
    "මට ආයේ කතා කරන්න එපා යසිරු.මං දැන් ඔයාගේ කවුරු වත්නෙමේ"
    කෙඔල් එක එන්ඩ් උනා මගේ නම්බර් එක බ්ලොක් වෙලා..
    මං අලුත් සිම් එකකින් ගත්තා.
    ඒක ආන්සර් කරේ නෑ
    ඒකෙන් පස්සෙ මට කෝල් එකක් ආවා.මං ඉහේ මල් පිපුනා වගේ පැනලා ආන්සර් කරේ එයා කියලා හිතන්.
    "තමුසෙ මොකද මගේ කෙල්ලට කෝල් කරන්නෙ? ආයෙත් කෝල් කරොත් බලා ගන්නම්.උබ වගේ දලු කඩන ගෑනියෙක්ගෙ පුතෙක් එක්ක එයා එන්නෙ නෑ.පුලුවන් දෙයක් කරන්න බලපන් මිනිහෝ. "කොස්සන් හිනාවක් දීගෙන කෝල් එක එන්ඩ් කරේ එයාගේ වෙන්ඩහබි දොස්තර මහත්ත්යා කියලා මට තේරුනා.මං එක්ක ඒ මැව්ව හීන එහෙම ම සුනු විසුනු කරලා උමා වෙන ගමනක් ගිහින්...
    ඒ වෙද්දි ෆයිනල්ස් ලියන්න කට්ටිය තැන් තැන් වල පොත් ගොඩවල්වලට යටවෙලා පාඩම් කරනවා.රූම් එකේ ඉන්නබැරි තරම් එයාව මතක් වෙනවා කෙම පොත් දකිද්දි එයාගේ මූන ඒනවා.ඉන්නබැරි ම තැන මං ගෙදර ආවා.ඒ උනත් පාඩම් කරන්න හය්යක් නෑ.ගලක් උඩින් වාඩි වෙලා ඉරබැහැන් යනවා බල ඉදියා.ටිකෙන් ටික තරු එක දෙක දිලිසෙන්න ගන්නවා.ඇට්ටෝනිය රිකිලි උඩින් අඩසද දකුනු අඹරට එබිකම් කරනවා.
    "හූ හූ ඇද්ද මෝඩයා කෙල්ලෙක් නිසා ඇන්දුනා නේද?ඔය කෙල්ලන්ගේ simple mode
    පේන්නේ සල්ලි පුසුඹ නොදැනෙනකම් විතරයි මිනිහෝ.ආදරෙන් පැරදිලා ජීවිතෙනුත් පැරදිය තෝ කම්මැලි කමට පාඩම් නොකර ඉදලා" හද මට කින්ඩි දානව වගේ දැනුණා.අන්තිමේ ගොඩක් දෙනෙක්ට වගේ හන්ය්හානේ මගෙත් වේදනාබර මතක ගොන්නට එකතු උනා

    නිමි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    රොබරොසියා මල් යායට හැලිලා
    අපි යන පරේ පාවඩ එලලා.....
    මගේ මුල් ම කෙටිකතාව අඩුලුහුඩු ගොඩක් ඇති.කමෙන්ට් එකක් දාන් යන්නෝ.නැති එවුන්ට කොටිය කාහන්
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~.
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,188
    2,389
    113
    Srilanka

    කතාව හොදයි මචන්. උබ තාම ඒ ලෙවල් කරන එකෙක්ද බන්.... ඉන්ජන්ට කෙම නෑ බන්.chemical & processng කරොත් තමා. ඒක පේරා නෑ😌