පල්ලෙවත්තගේ යෝජනාව කෙටියෙන් .....
" ණය හුවමාරු කරගැනීම "
ශ්‍රී ලංකාව මේ වන විට චීන රජයෙන් ලබාගෙන ඇති සියළුම ණය පොලිය එකවර ගෙවීමට ජපානය සම්බන්ධ කරගන්නවා ,
ජපානය විසින් චීනයට මුළු ණය මුදලම එකවර ගෙවා දමන අතර එතැන් සිට අළුත් ගිවිසුමක් යටතේ අපි ජපානයට ඒ ණය මුදල ගෙවන්න එකඟවෙනවා ...
" නව එකඟතාවයෙන් රටට ලැබෙන වාසිය " ?
නව එකඟතාවය අනුව අප විසින් ජපානයට ගෙවිය යුතු ණය පොළිය 0.5% - 1 % ත් අතර වන නිසා ණය පොලිය ලෙස චීනයට ගෙවීමට ගිය ඩොලර් බිලියන ගණනක මුදල් රටට ඉතුරු වෙනවා....
ඒ වගේම ජපාන රජය මේ ණය අය කර ගැනීම අරඹන්නේ ණය නිකුත් කිරීමෙන් වසර 12 කට පසුවයි ,
ඒ වසර 12 තුළ අපට ගෙවීමට කිසිදු ණය වාරිකයක් නොමැති අතර ඒ කාලය තුළ රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරගැනීමට ක්‍රම සම්පාදනය කර ගැනීමට අපට අවකාශ ලැබෙනවා.....
එහෙම කොහෙද බන් ණය ගෙවන්න වෙන රටකින් අපිට ණය දෙන්නෙ? වෙන රටවල් අපිට ණය දෙන්නෙ ණය ගෙවන්න නෙමෙයි ප්‍රොජෙක්ට්ස් වලට. ණය ඉල්ලන්නෙ මොකටද කියල කියන්න ඕනෙ. ඒක දෙන්නෙත් වාරික වලින්. දහසක් කන්ඩිශන් දාල. දැන් මේ පාර අයි එම් එෆ් ලෝන් එක හෝල්ඩ් කරල තියෙන්නෙ ඒ කියල තියෙන කන්ඩිශන් යහපාලන ආන්ඩුව සපුරපු නැති නිසාලු.
ඔන්න ජපන් රජය හරි, ජයිකා හරි ණය දෙන ආයතනය ලිඛිතව කිව්වොත් අපේ රට වැටිල ඉන්න තත්වෙන් ගොඩ ගන්න සත්භාවයෙන් අපිට ආධාර කරන්න ලෑස්තියි කියල අපිට පිලිගන්න පුලුවන්. නැත්තන් මේව මේ මිනිස්සු රවට්ටන්න කියන සුරංගනා කතා.



මිනිස්සුන්ට සේවයක් වෙන ප්‍රොජෙක්ට් එකක් කරන්න ආධාර දෙන්න කියල කිව්වම සලකල බලා කොන්දේසි දාල ඒකට ණය දෙනවා මිසක් නිකන් ආ මෙන්න කියල දෙන්නේ නෑ අඩු පොලී ණය 


