+ රොහාන් පල්ලේවත්තට +
රොහාන් පල්ලේවත්තට වදින මඩට පිලිතුරක් ලෙසිනි
ඉස්සෙල්ලම කියන්න ඕනේ මට පල්ලේවත්තගේ කිසි අදාලත්වයක් නැති බව..පල්ලේවත්ත නෙවේ ඕනෑම කෙනෙක් ඇවිත් රටට යහපතක් කරනවා අපි ඒ ගැන සතුටු විය යුතුය..එහෙම් යහපතක් නොවේ නම් ඔහුව ප්‍රතික්ෂේප කිරීමට ජනතාව කටයුතු කරනු ඇත..
1. පලමු චෝදනාව ඔහු පැමිණි විගස රටේ ණය ගෙවනවා කියන එක..මේක වට කරගෙන ඔහුට තොර තෝංචියකින් තොරව ජෙප්පන් මඩ ගසති..හේතුව පැහැදිලිය..පල්ලේවත්ත නිසා ප්‍රධානතම පහර වදින්නේ ජෙප්පන්ට ලැබෙන්නාවූ පාවෙන චන්දයටය.
දැන් අපි ඔහු කිව් දේ තාර්කිකව විමසා බලමු..රටේ ණය ගෙවන්නට ඔහු බිලියනපතියකු විය යුතු බවද රටේ විශාලතම ධනවතා වන ධම්මික පෙරේරා අසලටවත් පල්ලේවත්ත නොමැති බවද ඇතැම්හු පවසති..
බලන්න එය කොතරම් මෝඩ තර්කයක්ද කියා..රටේ ණය ගෙවන්න බිලියන පතියකු විය යුතුද..ණයක් ගෙවීමට අවශ්‍ය වන්නේ නිවැරදි ආර්ථික විද්‍යා දර්ශනයක් මිසක් තමන් ධන කුවේරයකු වීම නොවේ..අනික තමන්ගේ ධනයෙන් ණය ගෙවනවා කියා පල්ලේවත්ත කොහේවත් පවසා නැති අතර එසේ කිරීමටද අවශ්‍යතාවක් නැත..ඇයි කාගෙවත් පව්වලට කිසිවෙක් තනිව කරගහන්න ඕනේ..පල්ලේවත්ත කියන අන්දමට ඔහු පවසන්නේ තමන්ගේ ව්‍යවසායකත්ව දර්ශනය මත ඉතා අඩු පොළියකට දීර්ඝ කාලීන ණය ලබා ගත හැකි බවත් ඒ ඇසුරු කරගෙන ණය ගෙවීමට හැකි බවත්‍ය..එසේම ඔහු පවසනවා තමන්ගේ කණ්ඩායමට ගන්නේ හොර දූෂිතයන් නොවන රට ගැන හිතන නායකයින් බව..ඉතින් අයථා මුදල් පරිභෝජන අඩු වනු ඇත..
කෙසේ වෙතත් උචිත ව්‍යවසායකර්හ්ව දර්ශනයක් සහිතව නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිතව ආකල්ප සාධකය ඉහළ නැංවීමට හැකි නම් ණය ප්‍රශ්නය විසදීම මහ ලොකු දෙයක් නොවනු ඇත..
2. සමහරුන් චෝදනා කරන්නේ පල්ලෙවත්ත මෙතෙක් මිනිසුන් වෙනුවෙන් කල දෙයක් පවසන ලෙසය..දුප්පත් මිනිසෙකුට ගෙයක් හදලා තියෙනවාද මහලොකු ධන පතියා ලෙස විමසති..එයද ඉතාම ප්‍රාථමිකය..
අපි අවුරුදු ගණනාවක් තිස්සේ කලේ මේ දේය..බොරු ශෝභනේට සහ තාවකාලික වාසි වලට අදාලව තීරණ ගැනීමය.අවුරුදු ගණනාවක් කිසි වැඩක් නොකළ අයෙක් මැතිවරණය කිට්ටුවෙද්දී පාරට තාර ටිකක් දමන්නට ගනී..කිසිවෙකුට රැකියාවක් සොයා දෙයි..බත් පැකට් එකකට අරක්කු බෝතලේකට චන්ද දහස් ගණනාවක් ලබා ගත හැක..රජයේ ප්‍රතිපාදන වලින් ගෙයක් සාදා තමාගේ නම ගසා ගන්නා නියම දේශපාලකයෙක් ලෙස අපේ මිනිසුන් සිතයි..ඉතින් ඔවුන්ට අනුව පල්ලෙවත්ත කළ දෙයක් නැත..
එහෙත් ඔහු තමාගේම ව්‍යාපාරයක් ක්‍රියස්ත්මක කරමින් එයින් අපනයන ආදායමක් ලංකාවට ගෙනෙන ව්‍යවසායයෙකි..එයින් සෘජුව සහ වක්‍රව බොහෝ දෙනාට රැකියා හා වරප්‍රසාද ලැබේ..එමෙන්ම අන් බොහෝ දේශපාලකයින්ට තියෙන දූෂණ,මැරකම් චෝදනා ඔහුට නැත..
3. ඔහු පැමිණෙන්නේ ඔහුගේ ව්‍යාපාර වලින් බදු සහන ලබාගෙන එයින් තමාගේ ව්‍යාපාරය දියුණු කර ගන්නට බවද කියයි..
පල්ලේවත්තට යහමින් සල්ලි ඇත.. සැබවින්ම දේශීය ව්‍යාපාරිකයින් සදහා රජය විසින් බදු සහන ලබා දිය යුතුය..දේශීය ආයෝජකයින් දිරිමත් වන්නේ එවිටය..ඔහු ඔහුගේ ව්‍යාපාරද නංවමින් රට න්ංවන්නේනම් අපට එය කාරි නොමැත..එහෙත් මෙතෙක් රට කෑ දේශපාලුවන්ටත් වඩා පල්ලේවත්තට චෝදනා කරන්නේ ඔහුගේ ආගමනයට ඇති බිය නිසා විය හැක .
4. ඇතැම්හු චෝදනා කරන්නේ අපි කොහොමද පල්ලේවත්ත විශ්වාස කරන්නේ..මෙයා කොහොමද රට හදයි කියලා කියන්නේ..අනිත් එවුන් වගේම මෙයත් ගියාම ඔහොම ඉදියි කියාය..
ඉතින් අපි අවදානමක් ගත යුතුය..සමහර විට කිරවනා ගලක් ලෙස අප සිතනා දේ මැණිකක්ද විය හැක.අවුරුදු ගණනාවක අසංවර්ධිත කුජීත දේශපාලන ශාපයෙන් රට විනාශ වී ඇත්තේය..සමහර විටෙක පල්ලේවත්ත අපට සංවර්ධනයේ නියමුවෙකුවිය හැක..සමහරවිටෙක අනික් එවුන් වගේම බොරු කාරයෙකු වීමටද විය හැක..එහෙත් සමහර විටෙක අපේ කතිරයෙන් මුලු ලංකාවේම හෙට දිනය වෙනස් වන්නටද ඉඩ ඇත..ඉතින් අවස්ථාවක් දීලා බලමු..බංග්ලාදේශය යම් දිනයක ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගනීවි යැය් ඔබ අද නොසිතන්නේද...එහෙත් එදා අය නම් එසේ නොසිතූහ..අවශ්‍ය වන්නේ නියම චින්තනය සහ සංවිධානය පමණකි..