රෝගීන් 97ක් මරා දැමීම සම්බන්ධයෙන් ජර්මන් හ#

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    රෝගීන් 97ක් මරා දැමීම සම්බන්ධයෙන් ජර්මන් හ#

    රෝගීන් 97ක්මරාදැමීම සම්බන්ධයෙන් ජර්මන් හෙද නිලධාරියෙකුට නඩු
    තමා සේවය කළ රෝහල්වල ප්රතිකාරගනිමින් සිටි රෝගීන් 97 දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් ජර්මන් ජාතික හෙද නිලධාරියෙකුට එරෙහිව අධිකරණයෙහි චෝදනා ගොනු කිරීම පිළිබඳ පුවතක් මේ දිනවල විශාල අවධානයක් දිනාගන්නට සමත්ව තිබේ. නීල්ස් හෝගල් නමැති මෙම හෙදනිලධාරියාට එරෙහිව නගා ඇති චෝදනා ඔප්පුවුව හොත් ඔහු දවෛනි ලෝකයුද්ධයෙන් පසුජර්මනියේ සිටි දරුණුම දාම ඝාතකයා (serial killer)බවටපත්වනු ඇත. රෝගීන් 97 දෙනෙකු මරාදැමීම සම්බන්ධයෙන් මෙවර චෝදනා නැගෙන විටත් හෝගල් සිටියේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳිමිනි. එයට හේතුවූයේ 2015 වසරේ ඔහුට එරෙහිව අධිකරණය ලබාදුන් නඩුතීන්දුවකි.
    නීල්ස් හෝගල් පිළිබඳ මෙම සිදුවීම් දාමය පිළිබඳව මුලින්ම වාර්තා වන්නට පටන් ගත්තේ මෙයට වසර 12 කට පමණ පෙරඑනම් 2005 වසරේය. ඔහු අතින් රෝගීන් මිය ගොස් ඇත්තේ ඔවුන්ගේ හෘදය වස්තුවේ ක්රියාකාරිත්වය අඩාල කරන ඖෂධ එන්නත් කිරීම නිසාය. හෝගල් සේවය කරමින් සිටි එක් රෝහලකදී ඔහු එක්තරා රෝගියෙකුට මෙවැනි ඖෂධයක් එන්නත් කරමින් සිටියදී වෙනත් හෙදියක එය දැකීම නිසා පළමු වරට ඔහු පිළිබඳ සැක මතුවිය. කෙසේ හෝ වේවා මෙම අවස්ථාවේදී එම රෝගියාගේ හෘදය වස්තුව කෘත්රිම ආකාරයෙන් නැවත පණගැන්වීමට ඔහු සමත්ව තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝගල්ට එරෙහිව නඩු පවරන ලද අතර එහිදී ඔහුට වසර හත හමාරක සිර දඬුවම් නියම කෙරිණි. මිනී මැරීමට තැත් කිරී මේ වරදටය.

    gettyimages-461168866-6dd3555db09d46217c2bf272d4eca8e810d17a2d-s800-c85.jpg
     
    • Like
    Reactions: Pasanartz and pml17

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    හෝගල් පිළිබඳ වඩාත් බියකරු තොරතුරු අනාවරණය වන්නට පටන් ගත්තේ මේ පිළිබඳ පැවැති නඩු විභාගය ට මාධ්හරහා විශාල ප්රසිද්ධියක් ලැබිමත් සමගය. මෙම නඩු විභාගය ගැන අවධානය යොමු කරගෙන සිටි එක්තරා කාන්තාවක් ඔහුට එරෙහිව තවත් පැමිණිල්ලක් කිරීමට පෙරට ආවාය. ඇගේ මවද මේ කියන කාලය තුළ ප්රතිකාර ගනිමින් සිට ඇත්තේ හෝගල් සේවය කළ රෝහලේ වන අතර ඇයද එහිදී මරණයට පත්ව තිබිණි. ඉහත කී කාන්තාව පැමිණිලි කර තිබුණේ තම මව ගේ මරණය සම්බන්ධයෙන් ද සැකයක් ඇති බවයි. මේ අතර තුර හෝගල් තමා සමග සිටි බන්ධනාගාර රැඳවියන් සමග සහ එක්තරා මනෝ වෛද්යවරයෙකු සමග පවසා තිබුණේ තමා අතින් තවත් රෝගීන් බොහෝ පිරිසක් ඝාතනය වූ බවයි.
    රෝගීන් ගේ හෘදයේ ක්රියාකාරිත්වය අඩපණකරන ඖෂධ හෝගල් ඔවුන්ට එන්නත් කරඇත්තේ අපූරු හේතුවක් නිසාය. මේ ආකාරයෙන් රෝගීන් මරණාසන්න තත්ත්වයට පත් කිරීමෙන් පසු ඔහු නැවතඔවුන් ගේ හෘදයන් කෘත්රිම ආකාරයෙන් පණ ගැන්වීමට කටයුතු කර තිබේ. මෙලෙකට යුතු කිරීමෙන් හෝගල් බලාපොරොත්තු වී ඇත්තේ රෝගීන් නැවත පණගැන්වීමට තමාට ඇති හැකියාව පිළිබඳවත මා සමග සේවය කළ සෙසු හෙද හෙදියන්ට සහ ඉහළ නිලධාරීන්ට ප්රදර්ශනයකර ' වීරයෙකු' බවට පත්වීමට බව අනාවරණය වී ඇත. සමහර රෝගීන් නැවත ප්රකෘති තත්ත්වයට පත්ව ඇති අතර රෝගීන් බොහෝ දෙනෙකු එහිදී මරණයට පත්ව තිබේ.
    හෝගල්පිළිබඳසැකමතුකරමින්ඉහතකීකාන්තාවවිසින්කරනලදපැමිණිල්ලසම්බන්ධයෙන්කෙරුණුවිමර්ශනවලින්පසුනැවතත්ඔහුටඑරෙහිවනඩුපැවරුණුඅතරමිනීමැරුම්සහමිනීමැරීමටතැත්කිරීම්සම්බන්ධයෙන් 2015 දීයළිත්ඔහුටදඬුවම්නියමකෙරිණි. අනුවමිනීමැරීම්හයක්සම්බන්ධයෙන්ඔහුවරදකරුබවටපත්වතිබිණි. ජීවිතාන්තය දක්වාසිරදඬුවම්නියමකෙරුණේඑහිදීය. තමා අතින් තවත් බොහෝ රෝගීන් මිය ගියබව හෝගල් ප්රකාශකිරීමත් සමග සම්බන්ධයෙන් වඩාත් පුළුල් පරීක්ෂණයක් දියත් කිරීමට ජර්මන් විමර්ශන අංශ පියවර ගත්තේය.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මෙම හෙද නිලධාරියා සේවය කළ රෝහල් තුළ එම කාලයේ, එනම් 1999 සහ 2005 අතරතුර මියගිය රෝගීන් බොහෝ දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගෙන පරීක්ෂණ සිදුකිරීමට පවා එහිදී පියවර ගැණිනි. එයටඅමතරවරෝහල්වලපසුගියලියකියවිලිබොහොමයක්දවිමර්ශකයන්ගේපරීක්ෂාවටලක්විය. හෝගල්සේවයකළකාලයතුළමෙමරෝහල්වලරෝගීන්මියගියප්රමාණයඉහළගොස්ඇතිබවදඑහිදීඅනාවරණයවීඇතැයිසඳහන්වේ. රෝගීන් 97 දෙනෙකු ඝාතන ය කිරීම සම්බන්ධයෙන් හෝගල්ට එරෙහිව පසුගිය 22 දා තෙවැනි වතාවටත් චෝදනා ගොනු කෙරුණේ මෙම විමර්ශනවල ප්රතිඵලයක් වශයෙනි.
    තමා විසින් කරනලද අපරාධ පිළිබඳව අවංකවම පසුතැවිලි වනබව නීල්ස් හෝග්ල් කලින් අවස්ථාව කප්රකාශ කර තිබිණි. මරණයට පත්වූ අයගේ ඥාතීන් ගෙන් සමාව ඉල්ලා තිබූ ඔහු තමාට දඬුවම් ලැබුණහොත් එය මෙම ඥාතීන්ට සහනයක් වනු ඇතැයිද පවසා ඇත. කෙනෙකු මියගිය සෑම අවස්ථාව කම තමා නැවත මෙවැන්නක් නොකරන බවට අදිටන් කරගත්තත් එම අධිෂ්ඨානය වැඩි කලක් පවත්වාගන්නට නොහැකි වූ බවද ඔහු කියා තිබේ.
    ඔහු අතින් මරණයට පත්වූ රෝගීන් සංඛ්යාව මීටත් වඩා වැඩි විය හැකි බවටද අදහස් පළ වෙයි. නමුත් මියගිය ඇතැමුන්ගේ සිරුරු ආදාහනයකර තිබිම නිසා පිළිබ ඳ සාක්ෂි සොයාගැනීමට නොහැකිව ඇති බවද සඳහන් වේ.
    මේ ආකාරයෙන් මිනීමැරීම සම්බන්ධයෙන් ජර්මනියේ හෙදනිලධාරියෙකුට චෝදනා එල්ලවූ පළමුවතාව මෙය නොවේ. මෙයට දස වසකරට මණ පෙරමේ ආකාරයෙන් ම පිරිමි හෙදිය කට මිනීමැරුම් චෝදනා එල්ලවිය. ඔහු අතින් මියගිය රෝගීන්ගණන 28කි. ඔවුන්බොහෝදෙනාඉතාවියපත්අයබවපැවසිණි. තමා ඔවුන් ඝාතනය කළේ ඔවුන් පිළිිබඳ උපන් අනුකම්පාව නිසා බවමෙ ම හෙදිය පවසා තිබූ අතර ඔහුටද ජීවිතාන්තය දක්වා සිරදඬුව ම්නියම කෙරිණි.

    කිත්සිරිමල්වත්ත
     
    Last edited:

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඊලග පාර පෝස්ට් එකක් දාද්දි එක පේලියට දිගටම දාපන් ..එතකොට හරහට දිග අ අ අ ට ..ස්කොරල් කරල බලන්න පුලුවන්..:lol::lol:
     

    Similar threads