රෝගීන් 97ක් මරා දැමීම සම්බන්ධයෙන් ජර්මන් හ#
රෝගීන් 97ක්මරාදැමීම සම්බන්ධයෙන් ජර්මන් හෙද නිලධාරියෙකුට නඩු
තමා සේවය කළ රෝහල්වල ප්රතිකාරගනිමින් සිටි රෝගීන් 97 දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් ජර්මන් ජාතික හෙද නිලධාරියෙකුට එරෙහිව අධිකරණයෙහි චෝදනා ගොනු කිරීම පිළිබඳ පුවතක් මේ දිනවල විශාල අවධානයක් දිනාගන්නට සමත්ව තිබේ. නීල්ස් හෝගල් නමැති මෙම හෙදනිලධාරියාට එරෙහිව නගා ඇති චෝදනා ඔප්පුවුව හොත් ඔහු දවෛනි ලෝකයුද්ධයෙන් පසුජර්මනියේ සිටි දරුණුම දාම ඝාතකයා (serial killer)බවටපත්වනු ඇත. රෝගීන් 97 දෙනෙකු මරාදැමීම සම්බන්ධයෙන් මෙවර චෝදනා නැගෙන විටත් හෝගල් සිටියේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳිමිනි. එයට හේතුවූයේ 2015 වසරේ ඔහුට එරෙහිව අධිකරණය ලබාදුන් නඩුතීන්දුවකි.
නීල්ස් හෝගල් පිළිබඳ මෙම සිදුවීම් දාමය පිළිබඳව මුලින්ම වාර්තා වන්නට පටන් ගත්තේ මෙයට වසර 12 කට පමණ පෙරඑනම් 2005 වසරේය. ඔහු අතින් රෝගීන් මිය ගොස් ඇත්තේ ඔවුන්ගේ හෘදය වස්තුවේ ක්රියාකාරිත්වය අඩාල කරන ඖෂධ එන්නත් කිරීම නිසාය. හෝගල් සේවය කරමින් සිටි එක් රෝහලකදී ඔහු එක්තරා රෝගියෙකුට මෙවැනි ඖෂධයක් එන්නත් කරමින් සිටියදී වෙනත් හෙදියක එය දැකීම නිසා පළමු වරට ඔහු පිළිබඳ සැක මතුවිය. කෙසේ හෝ වේවා මෙම අවස්ථාවේදී එම රෝගියාගේ හෘදය වස්තුව කෘත්රිම ආකාරයෙන් නැවත පණගැන්වීමට ඔහු සමත්ව තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝගල්ට එරෙහිව නඩු පවරන ලද අතර එහිදී ඔහුට වසර හත හමාරක සිර දඬුවම් නියම කෙරිණි. ඒ මිනී මැරීමට තැත් කිරී මේ වරදටය.