රෝග රැසකට ගුණ පංච රස නෙල්ලි
පැරණි පොත පතෙහි සඳහන් අතැඹුල ලෙසින් ප්රකට විටමින් සී පදාර්ථය බහුල ලෙස අඩංගු රසපහකින් යුක්ත 'පංචරසා' යන නාමය පටබැඳ ගුණවත් පලතුරක් ලෙස සලකන නෙල්ලිs ආයුර්වේදයේ නැතිවම බැරි ඖෂධයකි.
මෙම ගෙඩියෙහි ලවණ රසය හැර අන් සියලුම රස මෙහි අඩංගුය. අමු හා වියළි ගෙඩිද, කොළ, පොතු, මල් හා ඇටද ඖෂධ වශයෙන් ගනී. ඇසට හිතකර, කෙස් වැවීමට උපකාරී වන ඖෂධයකි. හෘදය ශක්තිමත් කරයි. ලේ පිරිසිදු කරයි. කෑම අරුචිය නසයි.
නෙල්ලි රසකිඳ තම්බා වතුර දිනපතා පානය කිරීමෙන් ලේ ධාතුව පිරිසිදු කර දාහය නසා නිරෝගීමත් ශරීරයක් ඇතිකිරීමට බෙහෙවින් උපකාර වන බැව් ආයුර්වේදයේ සඳහන් වේ.
මුඛයේ තුවාලවලට කොළ තැම්බූ වතුරෙන් කට සේදීම ගුණදායකය, ශරීරගත සුදයැමේ රෝගයට නෙල්ලිපිටි හෝ යුෂ මීපැණි දමා බීම හොඳය. අර්ශසයට නෙල්ලි, රසකිඳ එකට අඹරා එම කල්කය එල මෝරු දමා බීම ගුණදායකය. වාත රක්ත කුෂ්ඨයට නෙල්ලි යුෂය ගිතෙල් සමඟ කකාරා බීමද මුත්ර දාහයට නෙල්ලි යුෂයට කහ කුඩු ස්වල්පයක් දමා බීමද, මුත්ර අඩස්සියට නෙල්ලි උණුවතුරෙන් අඹරා යටි බඩේ ගෑමද, නාසයෙන් ලේ යනවාට නෙල්ලි ගිතෙලෙන් බැද අඹරා හිසෙහි ගෑමද, හිස්හොරිවලට නෙල්ලි දෙහිඇට, උළුහාල්, ගොඩපර තම්බා හිස සේදීමද හොඳ බැව් ආයුර්වේදයෙහි සඳහන් වීම නිසා අත්දැකීම් ලද පුද්ගලයන් සමඟ මේ ලියුම්කරු සාකච්ඡාකර තිබේ.
අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද හිමිපාණන්ගේ හස්තසාර වෙදපොතෙහි මෙසේ සඳහන් වේ.
නෙල්ලි කුඩු තුනක (03) අනුපාතයට අරළුදෙකයි (02) බුලු කුඩු එකයි (01) යනුවෙන් කිරාගෙන එම කුඩු තුන් වර්ගය ගිතෙලෙන් අනා මී පැණි මිශ්ර කරමින් අඹරා කල්කයක් සාදාගෙන පස් ලෝහ තැටියක දමා තුනීකර අව්රශ්මිය නොවැටෙන ලෙසට දින තුනක් පවනේ වේලාගත යුතුයි.. නිවස තුළද හිරුරැස් නොවැටිය යුතුයි. එම කල්කය නෙල්ලි ගෙඩියේ ප්රමාණය ගුලිකරගෙන ආලෝකයට හිරුරැස් නොවැටෙන භාජනයකට දමා තබා ගත යුතුය.
දිනකට එක ගුලිය බැගින් රාත්රී ආහාර යෙන් පසු ගිල දමා මඳක් උණු වතුර ස්වල්පයක් පානය කරන්න. දිනපතා මෙය ආහාරයට ගන්නවා නම් මුළු ජීවිත කාලයම නිරෝගී ජීවිතයක් ගතකළ හැකි බැව් උන්වහන්සේ සඳහන් කර තිබේ.
වා පිත් සෙම් මුල්කොට ඇතිවන සියලු රෝග නිවාරණය කර. ආමාශගත සියලු රෝග ඇතුලු අර්ශස් රෝගයටද විශේෂයෙන් හිතකර බැව් එම පොතෙහි සඳහන් කර ඇත.
පොත පත ඇසුරිනි
කො. ආ. ගුණසේකර - ඇහැලියගොඩ