රෝග රැසකට ගුණ පංච රස නෙල්ලි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රෝග රැසකට ගුණ පංච රස නෙල්ලි

    පැරණි පොත පතෙහි සඳහන් අතැඹුල ලෙසින් ප්‍රකට විටමින් සී පදාර්ථය බහුල ලෙස අඩංගු රසපහකින් යුක්‌ත 'පංචරසා' යන නාමය පටබැඳ ගුණවත් පලතුරක්‌ ලෙස සලකන නෙල්ලිs ආයුර්වේදයේ නැතිවම බැරි ඖෂධයකි.

    මෙම ගෙඩියෙහි ලවණ රසය හැර අන් සියලුම රස මෙහි අඩංගුය. අමු හා වියළි ගෙඩිද, කොළ, පොතු, මල් හා ඇටද ඖෂධ වශයෙන් ගනී. ඇසට හිතකර, කෙස්‌ වැවීමට උපකාරී වන ඖෂධයකි. හෘදය ශක්‌තිමත් කරයි. ලේ පිරිසිදු කරයි. කෑම අරුචිය නසයි.

    නෙල්ලි රසකිඳ තම්බා වතුර දිනපතා පානය කිරීමෙන් ලේ ධාතුව පිරිසිදු කර දාහය නසා නිරෝගීමත් ශරීරයක්‌ ඇතිකිරීමට බෙහෙවින් උපකාර වන බැව් ආයුර්වේදයේ සඳහන් වේ.

    මුඛයේ තුවාලවලට කොළ තැම්බූ වතුරෙන් කට සේදීම ගුණදායකය, ශරීරගත සුදයැමේ රෝගයට නෙල්ලිපිටි හෝ යුෂ මීපැණි දමා බීම හොඳය. අර්ශසයට නෙල්ලි, රසකිඳ එකට අඹරා එම කල්කය එල මෝරු දමා බීම ගුණදායකය. වාත රක්‌ත කුෂ්ඨයට නෙල්ලි යුෂය ගිතෙල් සමඟ කකාරා බීමද මුත්‍ර දාහයට නෙල්ලි යුෂයට කහ කුඩු ස්‌වල්පයක්‌ දමා බීමද, මුත්‍ර අඩස්‌සියට නෙල්ලි උණුවතුරෙන් අඹරා යටි බඩේ ගෑමද, නාසයෙන් ලේ යනවාට නෙල්ලි ගිතෙලෙන් බැද අඹරා හිසෙහි ගෑමද, හිස්‌හොරිවලට නෙල්ලි දෙහිඇට, උළුහාල්, ගොඩපර තම්බා හිස සේදීමද හොඳ බැව් ආයුර්වේදයෙහි සඳහන් වීම නිසා අත්දැකීම් ලද පුද්ගලයන් සමඟ මේ ලියුම්කරු සාකච්ඡාකර තිබේ.

    අග්ගමහා පණ්‌ඩිත බලන්ගොඩ ආනන්ද හිමිපාණන්ගේ හස්‌තසාර වෙදපොතෙහි මෙසේ සඳහන් වේ.

    නෙල්ලි කුඩු තුනක (03) අනුපාතයට අරළුදෙකයි (02) බුලු කුඩු එකයි (01) යනුවෙන් කිරාගෙන එම කුඩු තුන් වර්ගය ගිතෙලෙන් අනා මී පැණි මිශ්‍ර කරමින් අඹරා කල්කයක්‌ සාදාගෙන පස්‌ ලෝහ තැටියක දමා තුනීකර අව්රශ්මිය නොවැටෙන ලෙසට දින තුනක්‌ පවනේ වේලාගත යුතුයි.. නිවස තුළද හිරුරැස්‌ නොවැටිය යුතුයි. එම කල්කය නෙල්ලි ගෙඩියේ ප්‍රමාණය ගුලිකරගෙන ආලෝකයට හිරුරැස්‌ නොවැටෙන භාජනයකට දමා තබා ගත යුතුය.

    දිනකට එක ගුලිය බැගින් රාත්‍රී ආහාර යෙන් පසු ගිල දමා මඳක්‌ උණු වතුර ස්‌වල්පයක්‌ පානය කරන්න. දිනපතා මෙය ආහාරයට ගන්නවා නම් මුළු ජීවිත කාලයම නිරෝගී ජීවිතයක්‌ ගතකළ හැකි බැව් උන්වහන්සේ සඳහන් කර තිබේ.

    වා පිත් සෙම් මුල්කොට ඇතිවන සියලු රෝග නිවාරණය කර. ආමාශගත සියලු රෝග ඇතුලු අර්ශස්‌ රෝගයටද විශේෂයෙන් හිතකර බැව් එම පොතෙහි සඳහන් කර ඇත.

    පොත පත ඇසුරිනි

    කො. ආ. ගුණසේකර - ඇහැලියගොඩ
     
    • Like
    Reactions: RIDER89

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ජීවක ගුණ ඇතිනෙල්ලි

    රස ගුණයෙන් සපිරි නෙල්ලි දේශීය වෛද්‍ය විද්‍යාව රැක දෙන ප‍්‍රාණ වායුව ලෙස හැඳින්වීම වැරැදි නැතැයි සිතමි. ඒරණ්ඩ කුලයට අයත් නෙල්ලි දෙමළ බසින් නෙල්ලියක් කායි යනුවෙන්ද හඳුන්වනු ලබයි. මෙම ශාකය මධ්‍යම ප‍්‍රමාණයේ ගසකි. කුඩා පත‍්‍රයන්ගෙන් සමන්විත වේ. මෙම ශාකයේ අතු එකිනෙක ළගින් පිහිටා ඇති අතර එම අතුවල කොළ කුරුලු පිහාටු සේ ඈතට දිස්වේ. මෙම ශාකය අප රටේ වියළි ප‍්‍රදේශවල දක්නට ලැබේ. විශේෂයෙන් අම්පාර මොණරාගල බහුල වශයෙන් දක්නට ලැෙබි. ඉන්දියාව බුරුමය වැනි රටවල ආර්ථික භෝගයක් ලෙස වගා කෙරේ.

    අප රටේ නෙල්ලි වර්ග දෙකක් ඇත. එනම් වල් නෙල්ලි හා ගම් නෙල්ලි හෙවත් වෙද නෙල්ලි යනුවෙනි.වෙද නෙල්ලි ගුණයෙන් අනූන වන අතර බීජ කුඩාවේ. මාංශ ප‍්‍රමාණය වැඩි වේ. මෙහි බෝවීම බීජ මගින් සිදුවේ. ඖෂධ සඳහා අමු නෙල්ලි හා වියලි නෙල්ලි වශයෙන් ගනු ලබයි. නෙල් යනු ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ ති‍්‍රපලා හෙවත් ති‍්‍රපල් යන සංයුක්ත වර්ගයේ එක් වර්ගයක් වේ. අනෙක් වර්ග දෙක අරඑ සහ බුළු වේ.

    මෙම ඖෂධ වර්ගයේ “සී” විටමින් බහුල වේ. නෙල්ලි අමුවෙන් කෑමෙන් දත්මුල් වලින් ලේ ගැලීම නතර කර ගැනීමට හැකිවේ. තවද දියවැඩියාව ශරීරයේ ශක්තිය වැඩි කිරීමට හා ලේ පීනසට තෙල් සාදා ගැනීමෙන් පසු හිස ගෑමට ඉතා සුදුසු වේ.මෙම නෙල්ලි ලා කොළ පාටින් සහ කහ පාටින් යුක්තවේ. නෙල්ලි බීජ මගින් සහ අංකුර වලින් ගත් ශාක වගා කිරීමට ගනු ලැබේ.

    නෙල්ලි ගෙඩියේ ලුණු රස ඇඹුල් හා තිත්ත රස මධුර මෙන්ම කහට රස ආදි සැම රසයක්ම ඇත. වීර්ය වඩන අතර හිස කෙස් වැඩීමද සිදු කරයි. කෑම අරුචිය නසන අතර රත්පිත ප‍්‍රමේහය විෂ උණ වමණය බඩ පිපුම මළබද්ධ ඉවත් කිරීම හා ඉදිමුම තුන්දොස් සඳහා ඉතා හිතකර වේ. ශරීරය වර්ණවත් කර ගැනීම සඳහා වේලුන නෙල්ලි උපයෝගි කරගනු ලබයි. නෙල්ලි ඇට කුඩුකර සකස් කර භාවිතයට ගැනීමෙන් උණ රෝගය වමනය වාතය මෙන්ම පිතද නසා සුවය ගෙන දේ.

    සියලු ප‍්‍රමේහය රෝග සඳහා අමු නෙල්ලි මී පැණි සමග පානය කිරීමෙන් ඉක්මන් සුවය ලැබේ. සෙංගමාල රෝගය අජීර්ණ හෘද රෝග හා පාණ්ඩුව ආදි ලෙඩ රෝග සඳහා විවිධ බෙහෙත් වර්ග සමග මිශ‍්‍ර කිරීම සඳහා නෙල්ලි උපයෝගි කර ගනු ලැබේ. මේ අයුරින් ඖෂධ පැළෑටියක් වශයෙන් නෙල්ලි දුවලා පුතාලට දේශීය වෛද්‍ය විද්‍යාවට නැතිවම බැරි ශාකයක් ලෙස පෙනීයනවා නොවනු මානයි.

    ජයසේන දෙදිවලගේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    11.gif
    ++
     
    • Like
    Reactions: Alaya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ