රෝග වලට ගුණ දෙන පේර

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
රෝග වලට ගුණ දෙන පේර

රසවත් පළතුරක් මෙන්ම රෝග වලට ගුණ දෙන පේර​

attachment.php

දිනකට ඇපල් ගඩියක් ආහාරයට ගත්තොත් වෛද්‍යවරයා වෙත යෑම නොදැනම ඈත් වෙන බවට ඉංග්‍රීසි කියමනක් ඇත. මෙය අපට ආදේශ කර ගත හැකි පළතුරක් ( Fruit ) ඇත්නම් ඒ වෙන කිසිවක් නොව පේර බව අමතක නොකරන්න.

පේර පිලිබඳ ඉතිහාසය කිවොත් 1526 වැනි දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියනු ලැබේ. බටහිර ඉන්දීය දූපත්වලින් හඳුනා ගත් පේර ස්පාඤ්ඤ ජාතින් විසින් පිලිපීනයටද, පෘතුගීසින් විසින් ඉන්දියාවටද හඳුන්වා දෙන ලදී.මීටර් 6-9 අතර උසකින් වැඩෙන පේර ගෙඩිය රවුම් හෝ ගෝලාකාර හැඩයක් ගැනේ. තුනී පොත්ත කහ හෝ කොළ පැහැයක් ගන්නා අතර මාංශල කොටසේ ඇට පිහිටා ඇත.

රසවත් පළතුරක් ( Fruit ) වන පේර ගෙඩියක පෝෂණ සංයුතිය
පෝෂණය සංයුතියග්‍රෑම් ප්‍රෝටීන් ග්‍රෑම් 0.9

මේදය ග්‍රෑම් 0.3

යකඩ ග්‍රෑම් 0.7

කාබොහයිඩ්ටෙඩ්්‍රට ග්‍රෑම් 11.2

තන්තු ග්‍රෑම් 5.2

කැල්සියම් මිලිග්‍රෑම් 10

පොස්පරස් මයික්‍රොග්‍රෑම් 28

යකඩ මයික්‍රොග්‍රෑම් 1. 4

තෙතමනය ග්‍රෑම් 81.7

පේර විටමින් සී බහුල පලතුරක් ( Fruit ) වන අතර එහි පෝෂණීය ගුණය දෙහි දොඩම් කුලයේ පළතුඑැවලට නොදෙවෙනිය. පිටත පොත්තේ විටමින් සී බහුලව අන්තර්ගතව ඇත. මාංශලමය සහ ඇටද පෝෂණීය ගුණයෙන් යුක්තය.ඉදුන පේර පල්පය කිරි සමග මිශ්‍ර කර පානය කෙරේ.



මෙම පානය කුඩා දරුවන්ට මෙන්ම ගැබිනි මව්රුන්ට ඉතා ගුණදායක වේ. එමෙන්ම දිනකට ඉදුන පේර ගෙඩියක් ආහාරයට ගැනීම නිසා මලබද්ධය වැලකෙනවා පමණක් නොව මල හොඳින් බුරුල් වෙන හැකියාව ලැබේ.



රසවත් පළතුරක් ( Fruit ) වන පේර ගෙඩියක ගුණ
හිස්බඩ පේර ගෙඩියක් ආහාරයට ගැනීමෙන් හදවත් රෝගවලට ගුණ ලබා දේ. රක්ත හීනතාවය සහ ස්නායු ආබාධ සඳහාද ගුණ ලබා දේ.දත් නැති අයට පේර ආහාරයට ගැනීම අපහසු වුනත් දන්ත සෞඛ්‍යය වෙනුවෙන් පේර ආහාරයට ගැනීම ඉතා ගුණදායකය. පේරවල අඩංගු ටැනින් ́බසබ, මැලික් ඵ්කසජ, ඔක්සැලික් ධං්කසජ සහ පොස්පරස් සංයුතිය දත්වලට අවශ්‍ය ශක්තිය සපයා දෙනු ලැබේ.



පේර හොඳින් විකා ආහාරයට ගැනීම විදුරුමස් රෝග වෙනුවෙන් ගුණදායකය. විදුරුමස් ඉදිමෙන අවස්තාවන්හිදී පේර මුල් තම්බා ගත් ජලයෙන් හොඳින් කට සෝදා ගැනීම ගුණදායක වේ.



පාචන රෝගයේදී අමුපේර යොදා ගන්නා අතර නොමේරූ පේර මෝරු සමග යොදා ගැනේ. කුඩා දරුවන්ගේ පාචන රෝග තත්වයන්ටත් , කොලරා රෝග තත්වයට ප්‍රතිකාර ලෙසින්ද පේර යොදා ගැනේ. යෝනි මාර්ගය ආහි්‍රත රෝගාබාධයන්හිදී මෙන්ම හිසකෙස් රෝග වෙනුවෙන් පේර කොළ තම්බා ගත් දියරයෙන් අදාල ස්ථාන සෝදා ගැනීමෙන් ගුණ ලැබේ.



විටමින් ඩී බහුල පලතුරක් ලෙසින්ද පේර වෙනුවෙන් ඉහල වටිනාකමක් ලැබී ඇත.ඉදුර පේර යුෂ විවිධ අතුරු නිෂ්පාදන වෙනුවෙන් යොදා ගැනේ. ඇට ඉවත් කොට තම්බා ගත් පේර යුෂ යොදා ගෙන ජල්ලි , ජෑම් ආදි විවිධ නිෂ්පාදන සකසා ගනු ලැබේ. එහෙත් පේර පමණ ඉක්මවා ආහාරයට ගැනීම දිරවා ගැනීමේ අපහසුතාවයන් ඇති කරනු ලැබේ.



මීටර් 8-10 අතර උසක වැඩෙන පේර ගසට එතරම් වපසරියක් අවශ්‍ය නැත. වසර තුනක පමණ කාලයකදී ඵල දරණ පේර ගසක ආයු කාලය වසර 48 ක් පමණ වේ.



ඇමරිකානු ජාතිකයන් Giyaba නමින්ද, හින්දුස්ථානයේදී Journey Mango යන නමින්ද, පේර හඳුන්වා ඇත.



source http://thewoman.lk/fruits-delicious/
 

Attachments

  • Fruit guava thewoman.lk 2.jpg
    Fruit guava thewoman.lk 2.jpg
    39.2 KB · Views: 456
  • Like
Reactions: pathumdc