රෝස්_පාන්_හදමු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    රෝස්_පාන්_හදමු

    පාන් පිටි 500g
    යිස්ට් තේහැදි 1 1/2
    මාජරින් මේසහැදි 3 පමණ
    රස අනුව ලුණු
    සිනි මේසහැදි 1
    මද රස්නේ වතුර අවශ්‍ය පමණ

    මුලින් වතුර නැතිව අනිත් සියල්ල එකට දමා හොදින් මිශ්‍ර කරන්න.පසු වතුර ටික ටික දමා ඇගිලි තුඩු වලින් හොදට සොප්ට් පිටි මිශ්‍රනයක් හදා ගන්න.

    මේ මිශ්‍රනය ගොඩක් වතුර ගතියටත්/ගොඩක් තදටත් හදා ගන්න එපා

    පසු විනාඩි 5-10 හොදින් අනා ගන්න.එහෙම අනන කොට අතට දැනෙවි පිටි ටික හොඳ සොප්ට් ගතියට එනවා.

    පසු විනාඩි 45 හෝ පැයක් තෙත රෙද්දකින් වසා තියන්න.

    පසු පැයකට පසු පෙනෙවි පිටි ටික හොදින් පිපිලා තියෙනවා.පසු එක නැවත පොඩි වේලාවක් හොදින් අනා ගන්න.

    දැන් එක සමාන බෝල හදා ගන්න.ඔයාලා ගාව තියෙන ට්‍රේ එකට කොපමණ පොඩි පාන් දාන්න පුළුවන් ද බලලා එ ප්‍රමාණයට පිටි බෝල හදා ගන්න.

    පසු එ එක පිටි බෝලයක් පාන් පිටි ඉස ගත්ත ලැල්ලක රෝල් කර පැතලි කරන්න.ට්‍රේ එකේ දිග ප්‍රමාණය අනුව.

    පසු එක ට්‍රේ එකේ කොනකින් තියා අතින් ෂේප් කරන්න.පසු එ දමා ගත්ත පාන් එකේ සයිඩ් එකට තෙල් ටිකක් ගාන්න.එතකොට පාන් ටික බේක් වු විගස ගලවා ගන්න පහසුයි.

    මේ පිලිවෙලට හදා ගත්ත පාන් ට්‍රේ එක පිරෙන්නකම් දමා ගන්න.

    පසු නැවත පැයක් පිපෙන්න තියන්න.( ඔයාලා ගන්න කේක් ට්‍රේ එක ටිකක් ගැඹුරු ට්‍රේ එකක් වෙන්න ඕනා )

    පසු 200 වලට විනාඩි 25-30 තියා බේක් කරන්න.

    පසු පුලුස්සා ගත්ත පාන් එක නිවෙන්න තියන්න.

    දැන් බටර් නයිප් එකක් අරගෙන පාන් ටික හිමින් හිමින් ගලවා ගන්න.

    පසු නැවත එ ගලවා ගත්ත පාන් ටිකේ ඔලිව් ඔයිල් හෝ ගී ගා ගෙන පැතලි එකට ට්‍රේ එකේ දමා විනාඩි 5-6 බේක් කරන්න.

    මේ සදහා පාවිච්චි කරපු පාන් ට්‍රේ එකේ ( ඇත්තටම එක කේක් ට්‍රේ එකක් හොදේ ) සයිස් එක සමානයි.
    ( හරි හතරැස් ට්‍රේ එකක් )

    ට්‍රේ එකේ උස = අගල් 3
    පළල = අගල් 8
    දිග = අගල් 8


    12301693_1527901490869531_5205673288380977495_n.jpg


    12313721_1527901497536197_2749659047634604843_n.jpg


    12301582_1527901654202848_3452773806848756648_n.jpg


    12072694_744130295692142_3404600889673713210_n.jpg





    සෝර්ස්