රෝසි-ඉම්තියාස් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ඉවතට
කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා යන අය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනාට අද(30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00ට රැස්විමට නියමිතව තිබේ.
එහිදී පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බව සඳහන්.
source
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සජිත් ඇතුළු 35ක් නෑ
අද පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සාමාජිකයින් 35 දෙනෙක සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (30) රැස්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 03.00ට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන් මහත්වරුන් කෘත්යාධිතකාරී මණ්ඩලයෙන් ඉවත්කර ඇති බවට වාර්තා වෙයි.
පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් පසු පත්කළ නව කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙලෙස අද පස්වරුවේ මෙලෙස රැස්වන අතර එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් ඇතුලත් වී නොමැති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබේ.
ඊයේ පස්වරු 03.00ට පමණ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ දී මෙම සාකච්ඡාව පැවැති බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.