රෝසි නෝන ඉවතට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රෝසි-ඉම්තියාස් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ඉවතට

    කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා යන අය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.

    ඒ අනුව ඔවුන් දෙදෙනාට අද(30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00ට රැස්විමට නියමිතව තිබේ.

    එහිදී පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බව සඳහන්.
    source


    එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සජිත් ඇතුළු 35ක් නෑ

    අද පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සාමාජිකයින් 35 දෙනෙක සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (30) රැස්වීමට නියමිතව තිබේ.

    අද පස්වරු 03.00ට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන් මහත්වරුන් කෘත්‍යාධිතකාරී මණ්ඩලයෙන් ඉවත්කර ඇති බවට වාර්තා වෙයි.

    පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් පසු පත්කළ නව කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙලෙස අද පස්වරුවේ මෙලෙස රැස්වන අතර එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් ඇතුලත් වී නොමැති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබේ.

    ඊයේ පස්වරු 03.00ට පමණ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ දී මෙම සාකච්ඡාව පැවැති බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.
    source
     
    • Like
    Reactions: FURY477

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    . සජියට පල නොකිය පලා බෙදනවා... එත් ඉන්නව...
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Lol gunp eka watuna thanak.😂😂 dan itin gunp karayo tika awith rep kapai .
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    . සජියට පල නොකිය පලා බෙදනවා... එත් ඉන්නව...


    වෙන මොනවා කරන්නද බන්. මේපාර ඌටත් ලිස්සල යන්න දෙන්නෙ නෑ වටේ අය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    සජිතුත් එකයි රනිල් වක්‍රමසිංහ ත් එකයි
    දෙන්නම දුංගහල වත් පන්නන බැහැ:lol::lol:
    දෙන්නටම වෙන් වෙලා යන්න පුරුෂ ශක්තියකින් නැහැ:lol:

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    uta wenama illanna ba illuwoth apath na. SF ta una de wenne. ekai kudalla wage ellila inne.


    වෙන මොනවා කරන්නද බන්. මේපාර ඌටත් ලිස්සල යන්න දෙන්නෙ නෑ වටේ අය

    සජියගේ කොන්ද පන මදි ...SF ට වඩා සැහෙන චන්ද ටිකක් ගනියි වෙනම ඉල්ලුවොත්.....
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    කියන්න බෑ වටේ ඉන්න සෙට් එක වැඩේ අතාරින පාටක් නෑ වගේ මේ පාර

    සජියගේ කොන්ද පන මදි ...SF ට වඩා සැහෙන චන්ද ටිකක් ගනියි වෙනම ඉල්ලුවොත්.....


    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා දෙන්නත් එලියෙලු...
    link
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    සජිතුත් එකයි රනිල් වක්‍රමසිංහ ත් එකයි
    දෙන්නම දුංගහල වත් පන්නන බැහැ:lol::lol:
    දෙන්නටම වෙන් වෙලා යන්න පුරුෂ ශක්තියකින් නැහැ:lol:

    මහින්ද ට වෙනම පක්ෂයක් හදල අනිත් ඔක්කොම පරද්දන්න පුළුවන් වුනේ හේතු කීපයක් නිසා.
    සිංහල මිනිස්සු කැමති වීම, යුද්දේ ඉවර කිරීම, රට සංවර්ධනය කිරීම.
    සජිත් ට ඒවා කරන්න බෑ. බදුර්දීන්, හකීම්, මංගල එක්ක කරට අත දාගෙන මුස්ලිම් දෙමල චන්ද වලින් විතරක් ගොඩ යන්න සිංහලයාට කෝචෝක් කරපු එකාට මහින්දලා දාපු සෙල්ලම් දාන්න බෑ කියල රනිල් දන්නවා. සජිතුත් දන්නවා. ඒකයි රනිල් එලවන්නෙත්, සජිත් එල්ලිලා ඉන්නෙත්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජියගේ කොන්ද පන මදි ...SF ට වඩා සැහෙන චන්ද ටිකක් ගනියි වෙනම ඉල්ලුවොත්.....
    :yes: ෆොන්සේකට වඩා නං ගන්නව :yes: කොහොමත් යූඑන්පියේ චන්ද වැඩියෙන්ම ගන්න සෙට් එක සජියා එක්ක නෙ ඉන්නේ. රනිල්ට තියෙන්නෙ අලියා ලාංචනේ විතරයි.