රෝහණ විජේවීරගේ gallery talk

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,628
    13,326
    113
    රෝහණ විජේවීරගේ gallery talk

    අපි බලයට ආවොත් හැමෝටම පුහුණු කම්කරුවට ගෙවනවට වැඩියෙං තඹ සතයක් ගෙවන්නෙ නෑ - රෝහණ විජේවීර

    Rohana-Wijeweera-JVP-DYS.jpg



    "අන්න තිරිකුණාමල වරාය තෙල් ටැංකි 98ක් එක්ක ජේ අර්ගෙ ආණ්ඩුවෙං අවුරුදු 25කට බදු දීල තියෙනවා ඇමරිකන් බහුජාතික සමාගමකට. ඇමරිකන් කාරයොන්ට බදු දුන්නාම වරායක් ඇමර්කින් කාරයෙන්ගෙ පස්වෙනි මිනීමරු නාවුක හමුදව මේ රටේ මුහුදු සීමාවෙ නැංගුරම් ලාගෙන ඉන්නවා. එතකොට සෝවියට් දේශය වගේ රටවල් වලට මේ රට සතුරු රටක් හැටියට සළකන්න සිද්ධ වෙනවා. එහෙම නං සෝවියට් දේශෙට අද සිද්ධ වෙලා තියෙනවා උස්බෙකිස්තානෙ හරි ටජිකිස්ථානෙ හරි එහෙම නැත්නං සයිබීරියාවෙ කෙළවරක හරි ලංකාවට මානලා රොකට් හයි කරන්න. අපි මොකද ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවාම මොකද කරන්නෙ. අපි කියනවා ජනතා විමුක්ති පෙරමුන බලයට පත් වුන පලවෙනි පැයේම ජේ ආර්ගෙ සම්මුතිය සම්පූර්ණයෙන්ම ඉරලා දාලා ඇමරිකන්කාරයොංගෙ කලිසං මිනිස්සුංගෙ කලිසං ගලෝලා වීසි කරනවා සැතපුම් 200ක් ඈතට"

    -- "ඊ ළඟට මේ ආණ්ඩුව අයුක්ති සහගත කොන්දේසි යටතේ ණය අරගෙන තියෙනව රුඉයල් කෝටි හයදාස් දෙසිය හැත්තෑ නමයක්. අපි බලයට පත් වුන ගමන් අපි කියනව ලෝකෙටම මේ රට මේ ජාතිය ලෝකයේ කිසිවෙකුට ණය නැති ජාතියක් කියලා අපි ණය අහොසි කරලා දානවා"

    - "හරි කවුරු හරි කියන්න පුලුවං ණය අර ගෙන අපි නොකෑවට උං (ජේආර්ලා) හරි කෑවනේ අපි අමාරුවෙං හරි ණය ගෙවමු කියලා. අපි ඒකට කියනවා මෙහෙම ලෝරෙන්සෝද අල්මේදා කැප්ටන් පෘතුගීසි කාරයා 1505 ලංකාවට ගොඩ බැස්ස දා ඉඳලා අවුරුදු 453ක් පරංගීයි ඕලන්දකාරයොයි ඉංග්‍රීසි කාරයොයි අපේ තේ දළු ටිකයි, මුතු මැණික් ටිකයි, කෝකෝවා ටිකයි රබර්කිරි ටිකයි කොල්ල කාගෙන ගියා. අද මේ පරම්පරාවෙ උගත් බුද්ධිමත් තරුණ ආර්ථික විද්‍යාඥ්ඥයො ගණිතඥ්ඥයෝ ඔක්කොම ඉන්නෙ අපි ගාව. අපි ඒ ගොල්ලොන්ට කියලා බොහොම සාධාරණව අර අවුරුදු 453යි ජේආර්ලා සිරිමාවෝලාගේ අවුරුදු 35යි මංකොල්ල කාපු ප්‍රමාණය ගණං හදනවා. හදලා අර කෝටි 6279 ඒ ටික අඩු කර ගෙන ඉතුරු ටික අපිට ගෙවන්න කියනවා. ඒක තමා අපේ ප්‍රතිපත්තිය"

    - "නිදහස් වෙළෙඳාකපාලය කියල එකක් හදලා හොඳට තාර දාලා අපේ සල්ලි වලිං හැදලා සල්ලි හම්බු කරනවා. අපි බලයට ඇවිත් පල වෙනි පැයේම ඔය නිදහස් වෙළෙඳ කලාපෙට ගෙනැල්ල තියෙන විදේශිකයෝ කොම්පැනි යන්ත්‍ර සූත්‍ර තඹ සතයක් ගෙවන්නෙ නැතුව රාජ සන්තක කරනවා අපි"

    - "අපි බලයට පත් වුණොත් උපාලි විජේවර්ධනලගේ සල්ලි ඔක්කොම තඹ සතයක් වන්දි ගෙවන්නෙ නැතුව රාජසන්තක කරලා මේ රටේ සංවර්ධනයට යොදා ගන්න එකයි අපේ ප්‍රතිපත්තිය"

    -"මගෙං ඇහුවා මිහින්තලේ ගොවියෙක් එහෙනං සහෝදරයා ඉදිරි දහ අට මාසේදී අපි ණය ගත්තට කමක් නැද්ද කියලා.මං කියනවා තමුන්නාන්සේලට කමක් නෑ. පුලුවං නං ඕනෙ තරං ණය ගන්න. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවාම තමුන්නාන්සේලාගෙං ඒ ණය ආපහු ඉල්ලන්නෙ නෑ."

    - "මේ ආණ්ඩු වලිං මිනිස්සුන්ට ගෙපැලක් කපා ගන්න හේනක් කොටා ගන්න අවසර දෙන්නෙ නෑ උස්සං ගිහිල්ලා හිරේ දානවා. එහෙනං අපි කියනවා තමුන්නාන්සේලාට කැලෑ කොටන්න අපේ ආණ්ඩුවක් ආවාම ඉඩ ලබා දෙන එකයි අපේ ප්‍රතිපත්තිය"

    - "ජේ ආර් ජයවර්ධන උන්නැහේ රාජ්‍ය ඇමතිව ඉන්න කාලේ ඩඩ්ලිගෙ ආණ්ඩුවෙ යෝජනාවක් ආවා මැණික් ගඟ හරහා බැම්මක් බැඳලා ගොවියොන්ට ජීවත් වෙන්න කුඹුරු කරන්න ජලාශයක් හදන්න කියලා. එයා කිව්වා ඒකට ඉඩ දෙන්න බෑ. එතකොට යාලෙ සත්තු මැරෙනවා වතුර නැතුව කියලා. මිනිසුන්ටත් වඩා සත්තු වටින ආන්ඩුවක්"

    - "අපි විතරයි මේ රටේ එකම දේශපාලන පක්ෂය පැහැදිලි ප්‍රතිඥ්ඥාවක් දීල තියෙන්නෙ. ජනාධිපතිට අගමැතිට ඕනෙ කෙනෙකුට පුහුණු කම්කරුවට ගෙවනවට වැඩියෙං තඹ සතයක් ගෙවන්නෙ නෑයි කියලා"

    -"- අපි පඩියකට වැඩ කරල නෙමෙයි මේ කෑ ගහන්නෙ. මගේ ජීවිතේ කවමදාවත් මම පඩියකට වැඩ කරල නෑ"

    - "අද අපිට සංවර්ධන සභා මන්ත්‍රීලා ඉන්නවා 13 දෙනෙක්. ඒ දහතුන් දෙනාට පඩිය හම්බු වෙනවා දහතුන්දාහක්. ඒ දහතුන්දාහෙං සතයක් ඒ ගොල්ලො ගන්නවද නෑ. දහතුන් දාහම පක්ෂෙ මුදල් ලේකම්ට බාර දෙනවා හැම මාසෙම. පියසේන රාමනායක තමුන්නන්සෙලගේ මන්ත්‍රීත් එහෙමයි දාහම දෙනවා. එයාට පඩියක් නෑ එය දුප්පත් මිනිහෙක්. පොඩි දරුවෙකුත් ඉන්නවා. එහෙම කියල සල්ලි දීල යන ගමං ඉල්ලනවද සහෝදරයා කීයක් හරි ආපහු ගන්න පුලුවංද කියලා. නෑ දරුවා ලෙඩ වුනොත් පක්ෂෙ යමක් කමක් තියෙන සහෝදරයෙක් ලඟට ගිහිං කියලා ඉල්ල ගන්නවා. එහෙම නැත්තං කියනවා අපිට පොල්ගෙඩි ටිකක් දෙන්න හාල් ටිකක් දෙන්න. අපිට ඉල්ලන්න ලැජ්ජ නෑ" (රෝහණ විජේවීර )


    source http://transyl2014.blogspot.com/2019/02/blog-post_5.html
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol::lol:අද කියල වෙනසක් නැහැ,.ඔය දැන් ඉන්නේ ලප කොටෙක්.විජේවීර කැලේ..:lol:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :lol::lol:අද කියල වෙනසක් නැහැ,.ඔය දැන් ඉන්නේ ලප කොටෙක්.විජේවීර කැලේ..:lol:
    පොඩ්ඩක් කල්පනාකරල බලන්න,
    මම පුංචි අම්මව බැන්ද නෙමෙයි, මම බැදපු ගෑනි මගේ පුංචිඅම්ම උනා, එච්චරයි.
    නැද්ද හා.....................
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    Attention Please
    විදග්ධ පුක් ශෝධක
    is working ahead
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ආකර්ෂණීය සටන් පාඨ ටිකක්. හැබැයි ඔවා මහපොළොවේ කොපමණ දුරට යථාර්ථයක් කරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්ණය. අනෙක එයා ඔවා කිය කියා සුර සැප විධින කොට ගමේ ගොඩේ අහිංසකයින් දුක් මහන්සියෙන් උපයාගත් සොච්චමද හොල්ලන කැටයට දමා, බලාපොරොත්තු දල්වා ගෙන කැළයටවී මදුරුවෝ තල තලා ජීවිතය හා මරණය තුල අතරමං වී සිටි එකයි වුණේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,628
    13,326
    113
    අපේ අයියල උඩ පැන පැන විසිල් ගහන්න ඇති :rofl:

    උබල හිතනවද බන් මු වැඩකට ඇති මිනිහෙක් කියලා
    මටනං හිතෙන්නේ මු අමු පිස්සෙක් කියලා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පොඩ්ඩක් කල්පනාකරල බලන්න,
    මම පුංචි අම්මව බැන්ද නෙමෙයි, මම බැදපු ගෑනි මගේ පුංචිඅම්ම උනා, එච්චරයි.
    නැද්ද හා.....................

    :rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    උබල හිතනවද බන් මු වැඩකට ඇති මිනිහෙක් කියලා
    මටනං හිතෙන්නේ මු අමු පිස්සෙක් කියලා

    Aniva ban.