රෝහණ විජේවීර

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    රෝහණ විජේවීර නම් ආදරණීය 'සාමාන්‍ය මිනිසා' ගැන ලියවුණ පළමු කතාව

    මෙතෙක් ඉතිහාසය අනුව, ලංකාවේ දේශපාලනයට හොඳින් හෝ නරකින් වැඩි ම බලපෑමක් ඇති කළ පුද්ගලයන් ලෙස මා සලකන්නේ පහත සඳහන් සිව්දෙනා ය.

    1. ජේ.ආර්. ජයවර්ධන
    2. රෝහණ විජේවීර
    3. වේලුපිල්ලේ ප්‍රභාකරන්
    4. මහින්ද රාජපක්ෂ

    මේ අය තරම් ලංකාවේ වෙනත් කිසිදු දේශපාලකයකු සමාජයේ වෛරයට ද ලක් වී නැත. මොවුන් අතරින් ධනේශ්වර ප්‍රභූ සමාජයට අයත් වන්නේ ජේ.ආර්. ජයවර්ධන පමණි. අනෙක් අය බොහෝ දුරට සමාන සමාජ මට්ටම්වලින් පැමිණෙන ගැමියෝ ය. මහජන මුදල්වලින් දැන් ධනවත් වී ලොකුවට හිතාගෙන සිටියත්, රාජපක්ෂ පවුලත්, ප්‍රභාකරන් පවුලට වඩා ලොකු වෙනසක් නැති එකකි.

    මේ අය සියලු දෙනා අතර, ඉතා නරක දේශපාලකයන් මෙන් ම සංවේදී මිනිස්සු ද ජීවත් වූ බව ඔවුන් පිළිබඳ ලියැවුණු ලේඛනවලින් කියැවේ.

    මේ අතරින් විජේවීර හා ප්‍රභාකරන් යනු පහළ සමාජ පංති පදනම් කරගෙන දේශපාලන ව්‍යාපාර ගොඩනැගූ අයයි. එහිදී ඔවුන් පෙන්වූ සුවිශේෂ ම ලක්ෂණ වන්නේ අරමුණ කෙරෙහි ඇපකැපවීම හා පරිත්‍යාගයයි. මෙම ඇපකැපවීම කෙතරම් එකක් ද යත් එය වරෙක අතිශය කෘර ප්‍රචණ්ඩත්වයකි. පරිත්‍යාගය ජීවිත පරිත්‍යාගය දක්වා දිගු වූවකි.

    මෙම පුද්ගලයන් පිළිබඳ සංවිධාන විසින් ගොඩනගනු ලබන වීර කතා තුළින් ඔවුන්ගේ සැබෑ චරිත විවරණය වන්නේ නැත. එසේ ම, එමගින් ඔවුන්ගේ සැබෑ වටිනාකම ඇගයෙන්නේ ද නැත.

    සංවිධානයට යම් ආකාරයක සම්බන්ධයක් තිබුණු ඇඩෙල් බාලසිංහම් විසින් ප්‍රභාකරන් පිළිබඳ ලියන ලද Will to Freedom කෘතිය ප්‍රභාකරන් චරිතය දෙස ආලෝකයක් හෙළන එකකි. සාම සාකච්ඡා පැවති වකවානුවේදී මම එය කොටස් වශයෙන් හිරු පුවත්පතට පරිවර්තනය කළෙමි. එසේ කළේ සිංහල අප දෙමළ අරගලය කුමක් ද යන්න තේරුම් ගත යුතු යයි මා විශ්වාස කළ හෙයිනි. ඒ වෙනුවෙන්, දෙමළ අරගල සාහිත්‍යය ඒ අන්දමින් ම පරිවර්තනය කළ යුතුව තිබිණි. එහෙත්, අපගේ ව්‍යායාමය බොහෝ දෙනෙක් වැරදියට අර්ථකථනය කළ හ. අද වන විට මා විසින් පරිවර්තනය කරන ලද කොටස්වල පත්තර කෑල්ලක්වත් මා අත නැත. ඒවා ළඟ තබා ගැනීම තබා ලංකාවේ ජීවත් වීමවත් කළ නො හැකි තත්වයක් තිබිණි.

    ලංකාවේ විප්ලවීය අරගල දේශපාලන හා සංස්කෘතික වශයෙන් තේරුම් ගන්නට අවශ්‍ය අය අනිවාර්යයෙන් ම Will to Freedom කියවිය යුතු ය.

    විජේවීරගේ චරිතය දෙස එවැනි මානුෂීය ආලෝක ධාරාවක් හෙළන කිසිදු කෘතියක් මම දැක නැත. ඔහු පිළිබඳ පළ වූ නඩු වාර්තා, 1971 කැරැලිකරුවන් විසින් ලියන ලද පොත් හා ලිපි, රචනා ආදියෙහි ඇත්තේ ද්වේෂ සහගත පදනමකි. එහි වරදක් ඇතැයි ද මම නො සිතමි. හේතුව විජේවීරගෙන ඒ අයට ලැබුණේ ද ද්වේෂය පමණක් නිසා ය.

    විජේවීරට සමීපව සිටි ඔහුගේ බිරිය චිත්‍රාංගනී විජේවීර කියන දේවල ඇත්තේ ද විජේවීරගෙන් මිදුණු සගයන් කියන දේ ම වැනි වූ ද්වේෂයකි. එය ද අසාධාරණ යයි මම නො සිතමි. හේතුව, ඇය වනාහි බලහත්කාර විවාහයක ගොදුරක් හා විජේවීරගේ දරුවන්ගේ මව මිස විජේවීර සමග ආදර සම්බන්ධයක් තිබුණු අයෙක් නො වන බැවිනි.

    විජේවීර චරිතය ගැන මානුෂීය ආලෝක ධාරාවක් හෙළන පළමු ලේඛනය මට මේ සතියේ කියවන්නට ලැබිණි. එය ලියා ඇත්තේ තිස්ස කොරතොටයි. විජේවීර සැඟවී ජීවත් වූ 1983 -1985 සමයේ ඔහුට නවාතැන් දී, ඔහුත්, පවුලත් සමග ජීවිතය බෙදා ගත්, දේශපාලනයක් නො කළ, සාමාන්‍ය, බුද්ධිමත් ගැහැනියකගේ සමග සම්මුඛ සාකච්ඡාවක් වන එය ඉතා සුන්දර කතාවකි.

    1988 කාලයේදී මම ගමනායක සමග යම් ඇසුරක් කර ඇත්තෙමි. ඒ වන විට ඔහු 23 හැවිරිදි මට සහෝදරයකුට වඩා පියකු බඳු විය. ඔහු තුළ තිබූ සංවේදී මිනිස් ගුණ ගැන මට අත්දැකීම් කීපයක් තිබේ. ඒවා පසු කලෙක ලියමි.

    මට විජේවීර කිසි කලෙක හමු වී නැත. ඔහු පිළිබඳ මට සුවිශේෂ හැඟීමක් කවදාවත් තිබුණේ නැත. පක්ෂයේ වැඩ කරන කාලයේ පවා මට නම් දැන් ඔය ජවිපෙ, පෙසප සමහරුන්ට තිබෙන අන්දමේ අන්ධ භක්තියක් ඔහු හෝ වෙනත් කිසිදු විප්ලවවාදියකු පිළිබඳ තිබුණේ නැත.

    එහෙත්, විජේවීර ගැන සුසිලා පත්මිනී ජයතිලක නම් මෙම සාමාන්‍ය ගැහැනිය කියන කතා ටිකත් එක්ක මට ඇත්තෙන් ම ඔහු ගැන ගෞරවයක් ඇති විණි. ඒ ගෞරවය ඇති වන්නේ ඔහු තුළ ජීවත් වූ ආදරණීය සාමාන්‍ය මිනිසා වෙනුවෙනි.

    මෙම සම්මුඛ සාකච්ඡාව මව්බිම පුවත්පතේ වෙබ් අඩවියේ පළ වී ඇත. එහෙත් එය අසම්පූර්ණ ය. එබැවින් එය මෙහි නැවත පළ කරමි. එහි මවිසින් කරන ලද පරිවර්තනය Ceylon Today පුවත්පතෙහි පළ වී තිබේ.
    (කියවීමේ පහසුව සඳහා පහළට යන්න)

    http://www.w3lanka.com/2016/01/blog-post.html
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    දනිස්සෙන් උඩට මිනියවත් උස්සන්න නොදී මලමිනියකටවත් ඒ ගවුරවය ලබන්න දුන්නේ නැති එකාලා මනුස්ස ජීවිත කීදාහක් නැති කරන්න ඇතිද .. රටේ උගත්තු , බුද්දීමට්ට්හු , මාද්‍ය වේදීන් , රජයේ සේවකයන් කොච්චර අමු අමුවේ මරන්න ඇතිද.... අන්තිමට පණපිටින් BBQ උනා බොරැල්ල කනත්තේ....... නොදකින් පාහර හැත්ත
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    Politicians

    Victim Position Date Location Method Perpetrator(s) Rohana Wijeweera Leader of the Janatha Vimukthi Peramuna 13 November 1989 Borella
    Government Forces are blamed.[1] Upatissa Gamanayake Deputy leader of the Janatha Vimukthi Peramuna 13 November 1989

    Government Forces are blamed.[1] O. Kariyawasam Liberal candidate 26 October 1989 Wattala, Gampaha District
    JVP is blamed.[2] Merrill Kariyawasam UNP MP (Agalawatta) September 1989

    JVP is blamed.[3][4][5] P.D. Wimalsena LSSP member and trade unionist 15 May 1989

    JVP is blamed.[2] Indrapala Abeyweera SLFP organiser, Kalutara 10 January 1989

    JVP is blamed.[2][4] Lionel Jayatilake Minister & UNP MP (Kuliyapitiya) 26 September 1988 Kuliyapitiya Shot JVP is blamed.[3][4][5] L.W. Panditha CPSL member and trade unionist 27 July 1988 Dematagoda, Colombo District
    JVP is blamed.[2] S. B. Yalegama Former SLFP MP (Rattota) & USA candidate 28 May 1988/
    25 August 1988? Matale
    JVP is blamed.[2][4][5] Nandalal Fernando General Secretary, UNP 20 May 1988 Wellawatte
    JVP is blamed.[4] G.V.S. de Silva District Minister & UNP MP (Habaraduwa) 1 May 1988 Galle
    JVP is blamed.[3][4] Vijaya Kumaranatunga Founder of Sri Lanka Mahajana Party and actor 16 February 1988 Colombo Shot JVP is blamed.[2][3][4] Harsha Abeywardena Chairman, UNP 23 December 1987 Wellawatte
    JVP is blamed.[4] Keerthi Abeywickrema UNP MP (Deniyaya) 18 August 1987 Parliament of Sri Lanka, Sri Jayawardenapura Kotte Bombing JVP is blamed.[2][3][4][5] Jinadasa Weerasinghe UNP MP (Tangalle) 1 August 1987 Angunakolapelessa Shot JVP is blamed.[4][5] W.M.P.G. Banda UNP MP (Galagedara)

    JVP is blamed.[4] Lesley Ranagala UNP MP (Borella)

    JVP is blamed.[4] Daya Sepali Senadhira UNP MP (Karandeniya)

    JVP is blamed.[4] Journalists

    Victim Position Date Location Method Perpetrator(s) Richard de Zoysa Journalist, author, human rights activist and actor 18 February 1990 Moratuwa Shot Pro-government paramilitary squads are blamed.[6] Sagarika Gomes Broadcaster, Rupavahini 13 September 1989

    JVP is blamed.[2][3] K. Amaratunge Chief News Editor, Rupavahini 13 August 1989

    JVP is blamed.[2] Premakeerthi de Alwis Broadcaster 31 July 1989 Colombo Shot JVP is blamed.[2][3] Thevis Guruge Chairman, ITN & broadcaster, Radio Ceylon 23 July 1989

    JVP is blamed.[2][3] Academics

    Victim Position Date Location Method Perpetrator(s) Professor Stanley Wijesundera[7] Vice Chancellor, University of Colombo 8 March 1989 Colombo Shot JVP is blamed.[2][3] Professor Chandratne Patuwathavithane Vice Chancellor, University of Moratuwa

    JVP is blamed.[2][3] Others

    Victim Position Date Location Method Perpetrator(s) Gladys Jayawardene Chairperson, State Pharmaceuticals Corporation 12 September 1989

    JVP is blamed.[2] Wijedasa Liyanarachchi Lawyer 2 September 1989 General Hospital, Colombo Multiple injuries resulting from torture Sri Lanka Police is blamed.[8][9] Padmasiri Thrimavitharana Medical student and prominent student activist 22 October 1988 Rathnapura Multiple injuries resulting from torture Pro-government paramilitary squads are blamed.[10] Daya Pathirana Leader, Independent Students Union, University of Colombo 15 December 1986 Near Bolgoda Lake, Piliyandala Cut-throat JVP led Inter University Students' Federation (IUSF) is blamed.[3][11][12][13]
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    3ae7ed6dc1e285ef778f4f2d7f0bc247_L.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රෝහණ විජේවීර නම් ආදරණීය 'සාමාන්‍ය මිනිසා' ගැන ලියවුණ පළමු කතාව

    මෙතෙක් ඉතිහාසය අනුව, ලංකාවේ දේශපාලනයට හොඳින් හෝ නරකින් වැඩි ම බලපෑමක් ඇති කළ පුද්ගලයන් ලෙස මා සලකන්නේ පහත සඳහන් සිව්දෙනා ය.

    1. ජේ.ආර්. ජයවර්ධන
    2. රෝහණ විජේවීර
    3. වේලුපිල්ලේ ප්‍රභාකරන්
    4. මහින්ද රාජපක්ෂ

    මේ අය තරම් ලංකාවේ වෙනත් කිසිදු දේශපාලකයකු සමාජයේ වෛරයට ද ලක් වී නැත. මොවුන් අතරින් ධනේශ්වර ප්‍රභූ සමාජයට අයත් වන්නේ ජේ.ආර්. ජයවර්ධන පමණි. අනෙක් අය බොහෝ දුරට සමාන සමාජ මට්ටම්වලින් පැමිණෙන ගැමියෝ ය. මහජන මුදල්වලින් දැන් ධනවත් වී ලොකුවට හිතාගෙන සිටියත්, රාජපක්ෂ පවුලත්, ප්‍රභාකරන් පවුලට වඩා ලොකු වෙනසක් නැති එකකි.

    මේ අය සියලු දෙනා අතර, ඉතා නරක දේශපාලකයන් මෙන් ම සංවේදී මිනිස්සු ද ජීවත් වූ බව ඔවුන් පිළිබඳ ලියැවුණු ලේඛනවලින් කියැවේ.

    මේ අතරින් විජේවීර හා ප්‍රභාකරන් යනු පහළ සමාජ පංති පදනම් කරගෙන දේශපාලන ව්‍යාපාර ගොඩනැගූ අයයි. එහිදී ඔවුන් පෙන්වූ සුවිශේෂ ම ලක්ෂණ වන්නේ අරමුණ කෙරෙහි ඇපකැපවීම හා පරිත්‍යාගයයි. මෙම ඇපකැපවීම කෙතරම් එකක් ද යත් එය වරෙක අතිශය කෘර ප්‍රචණ්ඩත්වයකි. පරිත්‍යාගය ජීවිත පරිත්‍යාගය දක්වා දිගු වූවකි.

    මෙම පුද්ගලයන් පිළිබඳ සංවිධාන විසින් ගොඩනගනු ලබන වීර කතා තුළින් ඔවුන්ගේ සැබෑ චරිත විවරණය වන්නේ නැත. එසේ ම, එමගින් ඔවුන්ගේ සැබෑ වටිනාකම ඇගයෙන්නේ ද නැත.

    සංවිධානයට යම් ආකාරයක සම්බන්ධයක් තිබුණු ඇඩෙල් බාලසිංහම් විසින් ප්‍රභාකරන් පිළිබඳ ලියන ලද Will to Freedom කෘතිය ප්‍රභාකරන් චරිතය දෙස ආලෝකයක් හෙළන එකකි. සාම සාකච්ඡා පැවති වකවානුවේදී මම එය කොටස් වශයෙන් හිරු පුවත්පතට පරිවර්තනය කළෙමි. එසේ කළේ සිංහල අප දෙමළ අරගලය කුමක් ද යන්න තේරුම් ගත යුතු යයි මා විශ්වාස කළ හෙයිනි. ඒ වෙනුවෙන්, දෙමළ අරගල සාහිත්‍යය ඒ අන්දමින් ම පරිවර්තනය කළ යුතුව තිබිණි. එහෙත්, අපගේ ව්‍යායාමය බොහෝ දෙනෙක් වැරදියට අර්ථකථනය කළ හ. අද වන විට මා විසින් පරිවර්තනය කරන ලද කොටස්වල පත්තර කෑල්ලක්වත් මා අත නැත. ඒවා ළඟ තබා ගැනීම තබා ලංකාවේ ජීවත් වීමවත් කළ නො හැකි තත්වයක් තිබිණි.

    ලංකාවේ විප්ලවීය අරගල දේශපාලන හා සංස්කෘතික වශයෙන් තේරුම් ගන්නට අවශ්‍ය අය අනිවාර්යයෙන් ම Will to Freedom කියවිය යුතු ය.

    විජේවීරගේ චරිතය දෙස එවැනි මානුෂීය ආලෝක ධාරාවක් හෙළන කිසිදු කෘතියක් මම දැක නැත. ඔහු පිළිබඳ පළ වූ නඩු වාර්තා, 1971 කැරැලිකරුවන් විසින් ලියන ලද පොත් හා ලිපි, රචනා ආදියෙහි ඇත්තේ ද්වේෂ සහගත පදනමකි. එහි වරදක් ඇතැයි ද මම නො සිතමි. හේතුව විජේවීරගෙන ඒ අයට ලැබුණේ ද ද්වේෂය පමණක් නිසා ය.

    විජේවීරට සමීපව සිටි ඔහුගේ බිරිය චිත්‍රාංගනී විජේවීර කියන දේවල ඇත්තේ ද විජේවීරගෙන් මිදුණු සගයන් කියන දේ ම වැනි වූ ද්වේෂයකි. එය ද අසාධාරණ යයි මම නො සිතමි. හේතුව, ඇය වනාහි බලහත්කාර විවාහයක ගොදුරක් හා විජේවීරගේ දරුවන්ගේ මව මිස විජේවීර සමග ආදර සම්බන්ධයක් තිබුණු අයෙක් නො වන බැවිනි.

    විජේවීර චරිතය ගැන මානුෂීය ආලෝක ධාරාවක් හෙළන පළමු ලේඛනය මට මේ සතියේ කියවන්නට ලැබිණි. එය ලියා ඇත්තේ තිස්ස කොරතොටයි. විජේවීර සැඟවී ජීවත් වූ 1983 -1985 සමයේ ඔහුට නවාතැන් දී, ඔහුත්, පවුලත් සමග ජීවිතය බෙදා ගත්, දේශපාලනයක් නො කළ, සාමාන්‍ය, බුද්ධිමත් ගැහැනියකගේ සමග සම්මුඛ සාකච්ඡාවක් වන එය ඉතා සුන්දර කතාවකි.

    1988 කාලයේදී මම ගමනායක සමග යම් ඇසුරක් කර ඇත්තෙමි. ඒ වන විට ඔහු 23 හැවිරිදි මට සහෝදරයකුට වඩා පියකු බඳු විය. ඔහු තුළ තිබූ සංවේදී මිනිස් ගුණ ගැන මට අත්දැකීම් කීපයක් තිබේ. ඒවා පසු කලෙක ලියමි.

    මට විජේවීර කිසි කලෙක හමු වී නැත. ඔහු පිළිබඳ මට සුවිශේෂ හැඟීමක් කවදාවත් තිබුණේ නැත. පක්ෂයේ වැඩ කරන කාලයේ පවා මට නම් දැන් ඔය ජවිපෙ, පෙසප සමහරුන්ට තිබෙන අන්දමේ අන්ධ භක්තියක් ඔහු හෝ වෙනත් කිසිදු විප්ලවවාදියකු පිළිබඳ තිබුණේ නැත.

    එහෙත්, විජේවීර ගැන සුසිලා පත්මිනී ජයතිලක නම් මෙම සාමාන්‍ය ගැහැනිය කියන කතා ටිකත් එක්ක මට ඇත්තෙන් ම ඔහු ගැන ගෞරවයක් ඇති විණි. ඒ ගෞරවය ඇති වන්නේ ඔහු තුළ ජීවත් වූ ආදරණීය සාමාන්‍ය මිනිසා වෙනුවෙනි.

    මෙම සම්මුඛ සාකච්ඡාව මව්බිම පුවත්පතේ වෙබ් අඩවියේ පළ වී ඇත. එහෙත් එය අසම්පූර්ණ ය. එබැවින් එය මෙහි නැවත පළ කරමි. එහි මවිසින් කරන ලද පරිවර්තනය Ceylon Today පුවත්පතෙහි පළ වී තිබේ.
    (කියවීමේ පහසුව සඳහා පහළට යන්න)

    http://www.w3lanka.com/2016/01/blog-post.html

    හොද ආදරනිය මිනිසා මාවො වාද ය අනුකරණය කරන්න ගොහින් රටම කැවා :lol: