රෝහණ විජේවීර නම් ආදරණීය 'සාමාන්‍ය මිනිසා' ගැන ලියවුණ පළමු කතාව
මෙතෙක් ඉතිහාසය අනුව, ලංකාවේ දේශපාලනයට හොඳින් හෝ නරකින් වැඩි ම බලපෑමක් ඇති කළ පුද්ගලයන් ලෙස මා සලකන්නේ පහත සඳහන් සිව්දෙනා ය.
1. ජේ.ආර්. ජයවර්ධන
2. රෝහණ විජේවීර
3. වේලුපිල්ලේ ප්‍රභාකරන්
4. මහින්ද රාජපක්ෂ
මේ අය තරම් ලංකාවේ වෙනත් කිසිදු දේශපාලකයකු සමාජයේ වෛරයට ද ලක් වී නැත. මොවුන් අතරින් ධනේශ්වර ප්‍රභූ සමාජයට අයත් වන්නේ ජේ.ආර්. ජයවර්ධන පමණි. අනෙක් අය බොහෝ දුරට සමාන සමාජ මට්ටම්වලින් පැමිණෙන ගැමියෝ ය. මහජන මුදල්වලින් දැන් ධනවත් වී ලොකුවට හිතාගෙන සිටියත්, රාජපක්ෂ පවුලත්, ප්‍රභාකරන් පවුලට වඩා ලොකු වෙනසක් නැති එකකි.
මේ අය සියලු දෙනා අතර, ඉතා නරක දේශපාලකයන් මෙන් ම සංවේදී මිනිස්සු ද ජීවත් වූ බව ඔවුන් පිළිබඳ ලියැවුණු ලේඛනවලින් කියැවේ.
මේ අතරින් විජේවීර හා ප්‍රභාකරන් යනු පහළ සමාජ පංති පදනම් කරගෙන දේශපාලන ව්‍යාපාර ගොඩනැගූ අයයි. එහිදී ඔවුන් පෙන්වූ සුවිශේෂ ම ලක්ෂණ වන්නේ අරමුණ කෙරෙහි ඇපකැපවීම හා පරිත්‍යාගයයි. මෙම ඇපකැපවීම කෙතරම් එකක් ද යත් එය වරෙක අතිශය කෘර ප්‍රචණ්ඩත්වයකි. පරිත්‍යාගය ජීවිත පරිත්‍යාගය දක්වා දිගු වූවකි.
මෙම පුද්ගලයන් පිළිබඳ සංවිධාන විසින් ගොඩනගනු ලබන වීර කතා තුළින් ඔවුන්ගේ සැබෑ චරිත විවරණය වන්නේ නැත. එසේ ම, එමගින් ඔවුන්ගේ සැබෑ වටිනාකම ඇගයෙන්නේ ද නැත.
සංවිධානයට යම් ආකාරයක සම්බන්ධයක් තිබුණු ඇඩෙල් බාලසිංහම් විසින් ප්‍රභාකරන් පිළිබඳ ලියන ලද Will to Freedom කෘතිය ප්‍රභාකරන් චරිතය දෙස ආලෝකයක් හෙළන එකකි. සාම සාකච්ඡා පැවති වකවානුවේදී මම එය කොටස් වශයෙන් හිරු පුවත්පතට පරිවර්තනය කළෙමි. එසේ කළේ සිංහල අප දෙමළ අරගලය කුමක් ද යන්න තේරුම් ගත යුතු යයි මා විශ්වාස කළ හෙයිනි. ඒ වෙනුවෙන්, දෙමළ අරගල සාහිත්‍යය ඒ අන්දමින් ම පරිවර්තනය කළ යුතුව තිබිණි. එහෙත්, අපගේ ව්‍යායාමය බොහෝ දෙනෙක් වැරදියට අර්ථකථනය කළ හ. අද වන විට මා විසින් පරිවර්තනය කරන ලද කොටස්වල පත්තර කෑල්ලක්වත් මා අත නැත. ඒවා ළඟ තබා ගැනීම තබා ලංකාවේ ජීවත් වීමවත් කළ නො හැකි තත්වයක් තිබිණි.
ලංකාවේ විප්ලවීය අරගල දේශපාලන හා සංස්කෘතික වශයෙන් තේරුම් ගන්නට අවශ්‍ය අය අනිවාර්යයෙන් ම Will to Freedom කියවිය යුතු ය.
විජේවීරගේ චරිතය දෙස එවැනි මානුෂීය ආලෝක ධාරාවක් හෙළන කිසිදු කෘතියක් මම දැක නැත. ඔහු පිළිබඳ පළ වූ නඩු වාර්තා, 1971 කැරැලිකරුවන් විසින් ලියන ලද පොත් හා ලිපි, රචනා ආදියෙහි ඇත්තේ ද්වේෂ සහගත පදනමකි. එහි වරදක් ඇතැයි ද මම නො සිතමි. හේතුව විජේවීරගෙන ඒ අයට ලැබුණේ ද ද්වේෂය පමණක් නිසා ය.
විජේවීරට සමීපව සිටි ඔහුගේ බිරිය චිත්‍රාංගනී විජේවීර කියන දේවල ඇත්තේ ද විජේවීරගෙන් මිදුණු සගයන් කියන දේ ම වැනි වූ ද්වේෂයකි. එය ද අසාධාරණ යයි මම නො සිතමි. හේතුව, ඇය වනාහි බලහත්කාර විවාහයක ගොදුරක් හා විජේවීරගේ දරුවන්ගේ මව මිස විජේවීර සමග ආදර සම්බන්ධයක් තිබුණු අයෙක් නො වන බැවිනි.
විජේවීර චරිතය ගැන මානුෂීය ආලෝක ධාරාවක් හෙළන පළමු ලේඛනය මට මේ සතියේ කියවන්නට ලැබිණි. එය ලියා ඇත්තේ තිස්ස කොරතොටයි. විජේවීර සැඟවී ජීවත් වූ 1983 -1985 සමයේ ඔහුට නවාතැන් දී, ඔහුත්, පවුලත් සමග ජීවිතය බෙදා ගත්, දේශපාලනයක් නො කළ, සාමාන්‍ය, බුද්ධිමත් ගැහැනියකගේ සමග සම්මුඛ සාකච්ඡාවක් වන එය ඉතා සුන්දර කතාවකි.
1988 කාලයේදී මම ගමනායක සමග යම් ඇසුරක් කර ඇත්තෙමි. ඒ වන විට ඔහු 23 හැවිරිදි මට සහෝදරයකුට වඩා පියකු බඳු විය. ඔහු තුළ තිබූ සංවේදී මිනිස් ගුණ ගැන මට අත්දැකීම් කීපයක් තිබේ. ඒවා පසු කලෙක ලියමි.
මට විජේවීර කිසි කලෙක හමු වී නැත. ඔහු පිළිබඳ මට සුවිශේෂ හැඟීමක් කවදාවත් තිබුණේ නැත. පක්ෂයේ වැඩ කරන කාලයේ පවා මට නම් දැන් ඔය ජවිපෙ, පෙසප සමහරුන්ට තිබෙන අන්දමේ අන්ධ භක්තියක් ඔහු හෝ වෙනත් කිසිදු විප්ලවවාදියකු පිළිබඳ තිබුණේ නැත.
එහෙත්, විජේවීර ගැන සුසිලා පත්මිනී ජයතිලක නම් මෙම සාමාන්‍ය ගැහැනිය කියන කතා ටිකත් එක්ක මට ඇත්තෙන් ම ඔහු ගැන ගෞරවයක් ඇති විණි. ඒ ගෞරවය ඇති වන්නේ ඔහු තුළ ජීවත් වූ ආදරණීය සාමාන්‍ය මිනිසා වෙනුවෙනි.
මෙම සම්මුඛ සාකච්ඡාව මව්බිම පුවත්පතේ වෙබ් අඩවියේ පළ වී ඇත. එහෙත් එය අසම්පූර්ණ ය. එබැවින් එය මෙහි නැවත පළ කරමි. එහි මවිසින් කරන ලද පරිවර්තනය Ceylon Today පුවත්පතෙහි පළ වී තිබේ.
(කියවීමේ පහසුව සඳහා පහළට යන්න)
http://www.w3lanka.com/2016/01/blog-post.html