රෝහල -COVID 19

kingdewi

Well-known member
  • මේ වසංගතය වෙලාවේ රෝහලට එන එක අඩුකරන්න, තවම පනුබෙහෙත් ටික ගන්නත් OPD එනවා මිනිස්සු.
    OPD තමයි අවධානම් ගොඩක්ම !! පරිස්සමෙන් !!! මොකද ඔය අමුඩ ලේන්සුව මූනෙ අලවන් ආවට කොරෝනා වලින් ආරක්ෂාවක් නැහැ !
    දත් ටික පරිස්සම් කරගන්න ,ෆිලින් කරපුව එහෙම ගලව ගන්නෙපා ,මොකද ඉමර්ජන්සි විතරයි ඩෙන්ටල් වල කරන්නේ !
    සායන බෙහෙත් ගන්න යන්න එපා ! රෝහලට කෝල් කරන්න .වැඩපිළිවෙලක් දැනටම හදල තියෙන්නේ බෙහෙත් පෝස්ට් කරලා එවන්න .බෙහෙත් ටික ලැබුනට පස්සේ ප්‍රවේසමෙන් බලන්න තමන්ට හුරු පුරුදු බෙහෙත් ටික නේද කියල .සැකයක් වෙනසක් තියේ නම් පැකට් එකේ විස්තරය විදියට නම්බර් එකෙන් අහන්න .
    තමන්ට අසනීප නම් ,අපහසුව අඩු වෙන්නෙත් නැත්නම් සුවසැරිය ට කෝල් කරලා රෝහල් ගතවෙන්න .මොකද සමහරු නිකරුනේ මියගිහින් තියෙනවා රෝහල් ගතවෙන්නේ නැතුව අවශ්‍ය බරපතල රෝග වලදීත් !!
    අනික හැකිතාක් තමන්ගෙන් රෝහල් සේවකයා ආරක්ශාකරන්න , රෝහල් සේවකයාගෙන් තමනුත් ආරක්ෂා වෙන්න !
    කොහොමත් අපිට මේ වසංගතය පාලනය කරගන්න පුළුවන් !! මොලෙන් වැඩකරමු !!!
     
    • Like
    Reactions: animation