ලංකාවට ගිය කල - මුං මොක්කුද

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සම්ප්‍රදාය කියන්න පුළුවන් අයිඩෙන්ටි එහෙම දීලා අපි අහවල් ඉස්කෝලේ කියලා ඔප්පු කරලා පනිනවා නම්. මෙහෙම ගියාම අසහන කාරයෝ - කුඩු කාරයොත් මේ කාලේ අල්ලලා ඉස්කෝල ඇතුළට පනියි. කොලු කමට මේවා කරන එවුනුත් ඇති. ඒත් තේරුම් ගන්න ඕනේ මේක මිනිසා හඳට ගිය යුගය නෙමේ කියලා. අපේ කාලෙත් ඕවා වුණා කියලා කම්පා වෙන හුඟක් අයගේ යුග වලදි මොබයිල් ෆෝන් , ඉන්ටර්නෙට් විතරක් නෙමෙයි කම්පියුටර් කියලා ජාතියක්වත් තිබිලා නෑ. දැන් ලෝකේ සංකීර්ණයි. අපචාර , විෂමාචාර සහ අවභාවිතාවන් වැඩියි. එහෙම යුගේක බාලිකා පාසලක වැඩිහිටියෝ තමන්ගේ ඉස්කෝලෙට කඩා වදින පිරිස " අසවල් පාසලේ අහිංසක , දඟකාර කොලුවන්" පමණක් කියලා නිකම් ඉන්නවා නම් ඒක තමයි වැරැද්ද.
    අමතක කරන්න එපා. සේයා සදෙව්මි දූෂණය කරලා මැරුවාම හුඟ දෙනෙක් ඇහුවේ ළමයෙක් උස්සගෙන ගියාම නොදන්න තරමට ජනේල ඇරලා දාලා අම්මලා නිදිය ගන්නේ ඇයි කියලා. කවුරුත් ඒ වෙලාවේ කිව්වද අපේ කාලේත් ඔහොමයි - ජනේල් දොරවල් ඇරලා වුණත් නිදා ගත්තා. ගමේ මොකටද බය වෙන්නේ. අපේ කාලෙත් ළමයි නිදාගන්නේ අම්මා ළඟ ද ආච්චි ළඟද කියන එක දන්නේ නෑ කියලා කවුරුත් කිව්වද ? නෑනේ. එතකොට වැඩේ වැරදිලා ඉවර නිසා ඔක්කොම චෝදනා දරුවෝ පරිස්සම් කර ගත්තේ නැති වැඩිහිටියන්ට.

    -FB
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,558
    6,320
    113
    මහනාමයි යශෝදරයිද යකෝ බිග් මැච් ගහන්නේ මලා.:shocked: