ලංකාවට පාටි බස් එකක්....සිරාවට

Apr 7, 2017
6
4
0
ලංකාවට පාටි බස් එකක්....සිරාවට

ගෙදෙට්ට වෙලා උඩබලාගෙන ලියන්න දෙයක් ගැන හිත හිතා ඉන්නකොට අහම්බෙන් දැක්කා පිටරට පාටි බස් එකක් ගැන තිබ්බ Site එකක්...නිකමට හොයල බැලුව මොකද්ද මේ කියල...මං මුලින් හිතුවෙ ලංකාවෙ අපිට නම් මෙහෙම අත්දැකීමක් ලබන්න බැරුව ඇති කියලා...හොයද්දි හම්බුනා මට ලංකාවේ ප්‍රථම සහ එකම පාටි බස් එක ගැන....



හැබෑටම මොකද්ද මේ පාටි බස් එකක් කියන්නෙ? දන්නේ නැත්තන් අහගන්නකෝ. පාටි බස් එකක් කියන්නේ විනෝදාත්මක කටයුතු සඳහාම විශේෂයෙන් තැනුණු සුඛෝපභෝගී බස් එකක්...

අපි ඉතින් පාටියක ගියොත් යන්නෙ මොකක් හරි ගොඩනැගිල්ලක් ඇතුලෙ හිරවෙලා කිසිම පෞද්ගලිකත්වයක් නැතුව කාලා බීලා නටල එන්නනෙ......හැබැයි මේක ඒ තාලෙ සාම්ප්‍රදායික පාටි දාන තැනක් නම් නෙවේ...මේකෙ තියෙන විශේෂත්වය තමයි ගමන්කරන ගමන් වුණත් පාටියෙ සතුට අඩු නැතුව විඳගන්න පුළුවන් වීම...

ලංකාවේ ඔයාලට නම් මේක වෙනස්ම අත්දැකීමක් වෙයි....
මීට කලින් මේ වගේ දෙයක් ලංකාවේ අහල දැකල තිබුන් නැති හන්දා අද මං හිතුවා මේ බස් එක ගැන පොඩි විස්තරයක් ඔයාලාටත් කියන්න...
15 දෙනක්ගෙන් යුත් පිරිසකට ඉතාම විනෝදාත්මක ප්‍රිය සාදයක් පැවැත්වීමේ පහසුකම මේකෙ තියෙනවා....කැමති නම් මේ බස් එකේ යාන්තමට පොඩි අඩියක් ගහන ගමන් කැරොකෙ සංගීතයේ මිහිරත් විඳගෙන කොළඹ වටේ පොඩි රෝන්දයක් යන්නත් පුළුවන්...✌

හොඳම දේ කියන්නෙ මේ සුපිරි බස් එක ඇතුලෙ ගේම් ගහන්නම කියාපු Gaming Playstation එකක් තියෙනවා කීවොත් ඔයාලා පුදුම වෙයි ...හැබැයි මේකෙ Game ගහලා පැරදුනොත් ලේසියෙන් ගැලවෙන්න නම් බෑ....පැරදෙන කෙනා අනිවාර්යයෙන් පොඩි අඩියක් ගහන්නම ඕනි....ඒ කිව්වෙ මොකද්ද කියල දන්නවා ඇතිනෙ....😉😉😉🍷🍸🍺



දැන් ඉතින් කොච්චර සුපිරි වුණත් මේකෙ පාටියක් දාන්න යන වියදම ගැනත් අපි පොඩ්ඩක් දැනන් ඉන්න එපැයි....මට දැනගන්න ලැබුණු විදියට නම් ලංකාවේ 15 දෙනෙක්ගෙන් යුත් පිරිසකට එක රාත්‍රියකට මේ බස් එක ඇතුලෙ පාටියක් දාන්න යන්නෙ රු.15,000ක් වගේ සුළු මුදලක් විතරයි...ආහාරපාන සියල්ල ඔයාලා විසින්ම සපයා ගන්න වෙනවා හැබැයි...ඒ වගේම මධසාර භාවිතයටත් මේක ඇතුලෙ කිසිම තහනමක් නෑ...විදෙස් රටක කෙනෙක් මේ බස් එක ඇතුලෙ පාටියක් දානවා නම් ගාන ටිකක් සැරයි හැබැයි...විදෙස් රටක එක පුද්ගලයෙක්ට මෙයාලා ඩොලර් 100 ක මුදලක් අය කරනවා...ඒ අතින් නම් අපේ අයට මේකෙ සෑහෙන ලාභයක් තියෙනවා නෙහ්....



බස් එකේ පාටිය Enjoy කරල Club එකකට Hotel එකකට යන්න කැමති නම් ඒකටත් මේ අය අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදෙන්න සූදානම්...🚌🚌🚌

ඒ වගේම මෙයාලගෙම අංග සම්පූර්ණ පහසුකම් වලින් යුත් Apartment එකක නවතිනවා නම් ඔයාලට විශේෂ වට්ටමකුත් ලැබෙනවා...මේ Apartment එකෙත් විශේෂත්වයක් තියෙනවා...ඒ තමයි මේකටම වෙන්වුණ Lift එක..ඒ කිව්වෙ මේකෙ ලිෆ්ට් එක Private Lift එකක්.. ⛺



කාන්තාවන් සඳහා පමණක් පැවැත්වෙන සුඛෝපභෝගී ප්‍රිය සාද වලට නම් මේ බස් එක කදිමයි..හේතුව තමා බස් එකට ප්‍රවේශ වෙන්න පුළුවන් සාදයට සම්බන්ධ වෙන අයට විතරක් වීම....ඒ නිසා පෞද්ගලිකත්වය කියන එක උපරිමෙන්ම මේ බස් එක ඇතුලෙ රැඳෙනවා පාටියක් අවසානයේදිත්....💁💁💁
www.partyceylon.lk සයිට් එකට ගියොත් ඔයාලට මේ පාටි බස් එක ගැන වැඩි විස්තර බලාගන්න පුළුවන්....photo ටික නම් මං ඉස්සු‍වෙ එයාලගෙ Facebook Page එකෙන්.....:rolleyes:




එහෙනම් මං ගියා....කස්ටිය පාටියක් එහෙම දැම්මොත් ඕකෙ මටත් කියන්ඩෝ...............
 
Last edited:

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ Apartment එකෙත් විශේෂත්වයක් තියෙනවා...ඒ තමයි මේකටම වෙන්වුණ Lift එක..ඒ කිව්වෙ මේකෙ ලිෆ්ට් එක Private Lift එකක්.. ⛺

    ලිෆ්ට් එකේ යන තත්පර 15ට 20ට මොකටද බන් ප්‍රයිවට් එකක්
    ඔන්න ලිෆ්ට් එක ඇතුලේ ඇඳක් දාලා නිදා ගන්න තිබ්බා නම් අන්න ඒක පට්ටම විෂේෂයි
     
    Apr 7, 2017
    6
    4
    0
    ලිෆ්ට් එකේ යන තත්පර 15ට 20ට මොකටද බන් ප්‍රයිවට් එකක්
    ඔන්න ලිෆ්ට් එක ඇතුලේ ඇඳක් දාලා නිදා ගන්න තිබ්බා නම් අන්න ඒක පට්ටම විෂේෂයි

    ඒකත් අැත්ත ෙනහ්....ෙලාල්...:lol: