ලංකාවට වෙන්න තිබුණ දේ?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලංකාවට වෙන්න තිබුණ දේ?

    මේක අද දෙරණ තිබුණ කමෙන්ට් එකක්. හිතන්න යමක් ඇද්ද? මගේ අදහසක් නොවේ. ඔබේ සංවාදයට.....

    රොබට් ඕ බ්ලේක්ගේ, සරත් ෆොන්සේකා ජනාධිපති කරවීමේ සැලැස්ම සහ එය ක්‍රියාත්මක වූයේ නම් සිදුවන සිද්ධි දාමයේ අනුපිලිවෙල.
    1. ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පොළඹවා ගැනීම.
    2. රවීන්ද්‍රන් කරුනානායගම් හා අනුර කුමාර දිසානායක මගින්, ජවිපෙ සහය ෆොන්සේකාට ලබාදීම.
    3. ජනාධිපති පු‍ටුව පෙන්වා, ෆොන්සේකා ලවා කොටි නායකයින්ට මුහුදු මාර්ගයෙන් පලා යාමට සැලැස්වීම. නමුත් ෆොන්සේකා තම කටි නුවන භාවිතා කර එය මගහැරීමට චීන සංචාරයක් යොදා ගැනීම.
    සැලැස්මේ ඉතිරි කොටස ක්‍රියාත්මක වූයේ නම් සිදුවන දෙය.
    4. ෆොන්සේකා ජනාධිපති කිරීම.
    5. ඉන් පසු මහ මැතිවරණයක් පවත්වා එය කෙසේ හෝ ජයග්‍රහණය කරවීම. (මෙම සන්ධානය තුල එජාප, දෙමල සංධාන සහ ජේවීපියට ආසන විශාල ප්‍රමානයක් ලබාදී ෆොන්සේකාගේ හමුදා හිතවතුන්ට අඩු ආසන ප්‍රමානයක් ලැබීමට සැලැස්වීම.)
    6. උතුරු සහ නැගෙනහිර පලාත් දෙක එකතුකර, එම පලාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙන ලෙස ෆොන්සේකාට බල කිරීම.
    7. ෆොන්සේකා එම බලතල දීම ප්‍රතික්ෂේප කිරීම.
    8. දෙමල සංධානය ෆොන්සේකාගේ සංධානයෙන් ඉවත් වීම.
    9. ෆොන්සේකාට විරුද්ධ යුධ අපරාධ චෝදනා කරලියට ගෙන ඒම.
    10. මහාරාජාගේ සිරස, ෆොන්සේකාගේ ආන්ඩුවට ලබාදෙන සහ යෝගය ඉවත්කර ගැනීම සහ විපක්ෂයට සහයෝගය දීම.
    11. ෆොන්සේකාගේ විරුද්ධවදීන් සිරස මාධ්‍ය සාකච්ඡාවලට පැමිණ ෆොන්සේකාගේ පරන ජරා වැඩ හෙලිදරවු කිරීම.
    12. ලක්ෂ්මන් කිරීල්ල, ජයලත් ජවර්ධන, හරීන් ෆර්නැන්ඩු සහ ශිරාල් ලක්තිලක වැනි අය ෆොන්සේකාගේ ආන්ඩුව තුල සිටිමින්ම ඔහුව විවේචනය කිරීම.
    13. මෙතෙක් කල් ෆොන්සේකාගේ ඇඟ ඇතුලේ සැඟවී සිටි යකා එලියට පැමිණ තමුන්ගේ විරුද්ධවාදීන් කීපදෙනෙකු පරලොව යවා ඉතිරි අයට අමතක නොවන පාඩමක් ඉගැන්වීම.
    14. ෆොන්සේකාට විරුද්ධව මහජන උද්ඝෝශන පටන් ගැන්ම සහ ඒවාට සිදුවන වෙඩි තබීම් නිසා කිහිප දෙනෙකු මිය යාම.
    15. මහජන උද්ඝෝෂණ වලට වෙඩිතැබුව හොත් බරපතල ප්‍රති විපාකවලට මුහුන දීමට සිදුවන බවට ඇමරිකාවවිසින් ෆොන්සේකාට අනතුරු හැඟවීම.
    16. ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ජිනීවා මානව හිමිකම් සමුලුවට ගේන ඒම.
    17. ෆොන්සේකාට විරුද්ධව මහජන කැළඹිලි ඉතා දරුණු මුහුනුවරක් ගැනීම.
    18. ෆොන්සේකාට විරුද්ධව දෝෂාභියෝගයක් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒම. ආන්ඩු පක්ෂයත් (එජාපය ප්‍රමුක සංධානය) එයට සහයදීම.
    19. මොන තර්ජන ආවත් තමන් බලය අත නොහරිනබවට ෆොන්සේකා තර්ජනය කිරීම.
    20. ලසන්ත වික්‍රමතුන්ග ඝාතනයට විරුද්ධව ඇමරිකානු අධිකරණයක ෆොන්සේකාට එරෙහිව නඩු පැවරීම.
    21. වහාම බලය අතහරින ලෙස ඇමරිකාව විසින් ෆොන්සේකාට දැන්වීම. එසේ කරන්නේ නම් ඇමරිකාව තුල දේශපාලන ‍රැකවරන ලබාදෙන බවට ඇමරිකාව විසින් ෆොන්සේකාට රහසේ දැන්වීම.
    22. නෝර්වේ ප්‍රමුක බටහිර රටවල් විසින් කොටින්ට ලබාදෙන අධාර උපකාර වැඩිකිරීම.
    23. කොටි නැවතත් අපරාධ එක දෙක සිදු කිරීමට පටන් ගැන්ම.
    25. ෆොන්සේකා බලය අතහැර ඇමරිකාවට පැන යාම.
    26. ෆොන්සේකාට විරුද්ධව ඇමරිකාවේ පනවා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීම.
    27. රටේ බලය සඳහා විවිධ දේශපාලන කණ්ඩායම් කුලල් කාගැනීම.
    28. කොටි නැවත සන්නද්ධ වීම ආරම්භ වීම සහ අපරාධ සිදුකිරීමට පටන් ගැන්ම.
    29. රනිල් විච්ක්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු, ඉතා දුර්වල සභාග ආන්ඩුවක් ශ්‍රීලංකාව තුල බලයට ඒම.
    30. කෙලී මහාරාජාට අළුත් ආන්ඩුවේ ඇමති ධූරයක් හිමිවීම, අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්ෂයට එකතුවීම සහ ජන අරගල කන්ඩායම නව රජයට සහාය පලකිරීම.
    31. සිරස නැවත ආන්ඩු පක්ෂයට සහයෝගය දීම.
    32. පාක්‍යසෝති සරවන මුත්තු, නිමල්කා ෆනෑන්ඩු, සුනිලා අබේසේකර, වික්‍රමබාහු කරුනාරත්න, කුමාර් රූපසිංහ, ටෙරන්ස් පුරසිංහ, සුනන්ද දෙශප්‍රිය, භාෂන අබේවික්‍රම යන අයට දේශ බන්ධු සම්මානය හිමිවීම.
    33. දුර්වල සභාග ආන්ඩුව, උතුරු හා නැගෙනහිර පලාත් ඒකබද්ධ කර ඉඩම් සහ පොලිස් බලතල පැවරීම.
    34. බලය බෙදා හැරීම සහ සුළු ජනකොටස් සමග සමගියෙන් කටයුතු කිරීමට, ශ්රී ලංකා රජයේ ඇති කැපවීම අන් රටවලට ආදර්ශයක් බව ඇමරිකාව විසින් පැවසීම.
    35. ඇමරිකානු රජයේ සුභපැතුම ශ්රී ලංකා රජයට පිරිනැමීමට රොබට් ඕ බ්ලේක් ශ්රී ලංකාවට පැමිනීම.
    36. රොබර්ට් ඕ බ්ලෙක් පිලිගැනීම සඳහා, ලක් රජය නියෝජනය කරමින්, රනිල් වික්රමසිංහ, ජයලත් ජයවර්ධන, හරීන් ෆනෑන්ඩු, ශිරාල් ලක්තිලක, ලක්ෂ්මන් කිරි ඇල්ල යන රජයේ මන්ත්රී වරුද, විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් ඩිලාන් පෙරේරා මන්ත්රීවරයාද ගුවන් තොටුපල වෙත යෑම.
     
    • Like
    Reactions: sanddun

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mekanam sirama kathawak ban.fonseka janadipathi unanam meke kiyala thiyena widihata rata athule gatum athi karanna lesi wenawa.samahara wita meka mehema nowee siriyawata wage NATO eken awith gahala lankawa iwarayakma wennath ida thibuna
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    32. පාක්‍යසෝති සරවන මුත්තු, නිමල්කා ෆනෑන්ඩු, සුනිලා අබේසේකර, වික්‍රමබාහු කරුනාරත්න, කුමාර් රූපසිංහ, ටෙරන්ස් පුරසිංහ, සුනන්ද දෙශප්‍රිය, භාෂන අබේවික්‍රම යන අයට දේශ බන්ධු සම්මානය හිමිවීම.

    :lol::lol::lol: