ලංකාවබංකොලොත්වෙමින්.. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,058
    1,210
    113

    ලංකාව බංකොලොත් වෙමින්.. සාගතයෙන් පිරුණු පෝලිම් යුගයක් එනවා..


    විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත!

    කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිම රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට අපේ රට පත්වෙමින් තිබේ. හිතුවක්කාරී, අදූරදර්ශී, වගකීම් විරහිත පාලනය හේතුකොටගෙන මේ බරපතළ ආදීනවයන්ට රටට මුහුණ දීමට සිදුව තිබේ.

    ආණ්ඩුව රටේ ජන ජීවිත, සිය දේශපාලන සහ ආත්මාර්ථකාමී න්‍යාය පත්‍ර සමඟ සමපාත කරමින් සූදුවක යෙදෙමින් සිටින අතර මෙහි ඛේදවාචකය රටේ ඉදිරි පරම්පරාවට පවා අත්විඳින්නට සිදුවන බව ආණ්ඩුව සිහිතබා ගත යුතුය.

    • අවිධිමත් සංවෘත ආර්ථික රටාවකට යොමුවෙමින් මෑත යුගයේ ලොව කිසිදු රටක් නොගන්නා ලද තරමේ අඥාන තීන්දුවක් ආණ්ඩුව ගෙන තිබේ. එහි බරපතල ප්‍රතිවිපාක ඉතාම නුදුරේ දී අත්විඳීමට සිදුවනු ඇත.

    • ආණ්ඩුවේ ඇමතිවරු දිනපතා රටට විහිලු සපයමින් සිටින අතර රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන් තුළ පිළිතුරක් නැත.

    • තුන්වේල තබා එක වේලක් හෝ පෝෂදායී ආහාර වේලක් ගැනීමට නොහැකි තරම් ජනතාව අන්ත අසරණව සිටින මොහොතක, ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු තුන්වේල දෙවේලකට හෝ එක වේලකට සීමාකරන්න යැයි ප්‍රකාශ නිකුත් කරන තරමට ආණ්ඩුවේ සෞභාග්‍යය දෝර ගලා තිබේ.

    • මේ ව්‍යසනකාරී මොහොතේ පවා අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක බරපතළ හිඟයක් ඇති අතර, අනෙක් පසින් භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යාම හමුවේ “සාගතයෙන් පිරුණු රටක්” සහ පෝලිම් යුගයක් නිර්මාණය වෙමින් තිබේ.

    • ගැටළුවක් මතු වූ සෑම විටකම ආණ්ඩුව සිදු කරන්නේ ඔලුගෙඩි මාරු කිරීම සහ චරිත වෙනස් කිරීම මිස උද්ගතව ඇති ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීම නොවේ. මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු වුවත්, රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින් සංගීත පුටු තරගයක් ආරම්භ කොට තිබේ.

    සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම නොවලහා කළයුතුය. සෞභාග්‍යය වෙනුවට ජනතාව මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න ඉරණමෙන් ඔවුන්ව ගලවා ගැනීමේ වගකීම ආණ්ඩුව නොවලහා බාර ගත යුතු අතර එය එසේ නොවන්නේ නම් ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වීම වැළැක්විය නොහැකි බවද අවධාරණය කරමු.

    සජිත් ප්‍රේමදාස
     
    • Like
    Reactions: TNHM

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,213
    2,913
    113
    සජිත් ජනාධිපති උනනානම් දැන් තියෙන විවස්ථාව අනුව සජිත්ට ඇමතිකම් 4 තියාගන්න පුළුවන්
    එත් මේ රාජපක්ෂ පවුලට දීලා පිරිමහන්න බෑ '
    ඒ අතින් බැලුවම සජිත් ජනාධිපති උනානම් හොදයි කියල හිතෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,883
    13,577
    113
    Malabe
    240528445_2970459593196935_2097812529540831221_n.jpg
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,118
    1,258
    113
    Crooked Island
    සජියට PHD එකක් කරන්න තිබුනා ඌට මොලයක් තියනවානන්, තාත්තගේ කාලේ ගත්තු ආතල් මදිවෙලා , අනිත් උන් ගැන කියන්න තියෙන්නෙත් ඔයටික තමයි, ඔන්න මොනවා හරි ලෝකෙට දෙයක් කරලා කෑගහනවනන් කමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: wtsamantha and TNHM

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,374
    2,704
    113
    පෘථිවිය

    ලංකාව බංකොලොත් වෙමින්.. සාගතයෙන් පිරුණු පෝලිම් යුගයක් එනවා..


    විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත!

    කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිම රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට අපේ රට පත්වෙමින් තිබේ. හිතුවක්කාරී, අදූරදර්ශී, වගකීම් විරහිත පාලනය හේතුකොටගෙන මේ බරපතළ ආදීනවයන්ට රටට මුහුණ දීමට සිදුව තිබේ.

    ආණ්ඩුව රටේ ජන ජීවිත, සිය දේශපාලන සහ ආත්මාර්ථකාමී න්‍යාය පත්‍ර සමඟ සමපාත කරමින් සූදුවක යෙදෙමින් සිටින අතර මෙහි ඛේදවාචකය රටේ ඉදිරි පරම්පරාවට පවා අත්විඳින්නට සිදුවන බව ආණ්ඩුව සිහිතබා ගත යුතුය.

    • අවිධිමත් සංවෘත ආර්ථික රටාවකට යොමුවෙමින් මෑත යුගයේ ලොව කිසිදු රටක් නොගන්නා ලද තරමේ අඥාන තීන්දුවක් ආණ්ඩුව ගෙන තිබේ. එහි බරපතල ප්‍රතිවිපාක ඉතාම නුදුරේ දී අත්විඳීමට සිදුවනු ඇත.

    • ආණ්ඩුවේ ඇමතිවරු දිනපතා රටට විහිලු සපයමින් සිටින අතර රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන් තුළ පිළිතුරක් නැත.

    • තුන්වේල තබා එක වේලක් හෝ පෝෂදායී ආහාර වේලක් ගැනීමට නොහැකි තරම් ජනතාව අන්ත අසරණව සිටින මොහොතක, ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු තුන්වේල දෙවේලකට හෝ එක වේලකට සීමාකරන්න යැයි ප්‍රකාශ නිකුත් කරන තරමට ආණ්ඩුවේ සෞභාග්‍යය දෝර ගලා තිබේ.

    • මේ ව්‍යසනකාරී මොහොතේ පවා අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක බරපතළ හිඟයක් ඇති අතර, අනෙක් පසින් භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යාම හමුවේ “සාගතයෙන් පිරුණු රටක්” සහ පෝලිම් යුගයක් නිර්මාණය වෙමින් තිබේ.

    • ගැටළුවක් මතු වූ සෑම විටකම ආණ්ඩුව සිදු කරන්නේ ඔලුගෙඩි මාරු කිරීම සහ චරිත වෙනස් කිරීම මිස උද්ගතව ඇති ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීම නොවේ. මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු වුවත්, රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින් සංගීත පුටු තරගයක් ආරම්භ කොට තිබේ.

    සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම නොවලහා කළයුතුය. සෞභාග්‍යය වෙනුවට ජනතාව මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න ඉරණමෙන් ඔවුන්ව ගලවා ගැනීමේ වගකීම ආණ්ඩුව නොවලහා බාර ගත යුතු අතර එය එසේ නොවන්නේ නම් ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වීම වැළැක්විය නොහැකි බවද අවධාරණය කරමු.

    සජිත් ප්‍රේමදාස
    අපරාදේ උගත් බුද්දිමත් මෙයාව ජනාධිපති නොකරපු එක

    අඩුගානේ කොරෝනා අස්සේ ජනේලෙන් එබිලා බලල හරි පද්දල දෙනවා

    කෙල්ලොන්ට පෑඩ් කාගන්න බැරිවෙන්නම දීල
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,817
    5,557
    113
    ලම්කාව බම්කොලොම්ත් උම්න්නොත් අපි මොකෝ කරන්නේ භොම්ඛ ? :shocked:
    ගොයිතැනක් බතක් කරගෙන,අලයක් කොලයක් වවාගෙන,ගල් යුගේ වාගෙ ඉතුරු ටික නිදහසේ ගෙවල දානව...වෙන කොරන්න දෙයක් නෑනෙ බන්... :( :(
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,058
    1,210
    113
    පුතානෝගෙ නිව්ස් එකක් දැක්කම ගුපියොයි ජෙප්පොයි නිකන් පෝම් වෙලා එනවා නිකන් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,685
    20,756
    113
    Wakanda
    මූට දුන්න නම් මෙලහට සීගිරියත් විකුනලා. මූ හිතන් ඉන්නේ ඊගාව පාර හම්බවෙයි කියල. :rofl: :rofl: :rofl:
    ඊලගපාර පාවෙන චන්ද පොහොට්ටුවට නෑ
    සජ්ජා ජනපති කොහොමත්