ලංකාවෙ තනි පුද්ගල ව්‍යාපාරයක්...?

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ලංකාවෙ තනි පුද්ගල ව්‍යාපාරයක්...?

    මචංලා ලංකාව තුල තනි පුද්ගල ව්‍යාපාරයක් පටං ගන්නේ කොහොමද? අපේම නමක් එකක්..
    කොහොමද Register කරන්නේ කොහාටද යන්න ඕන? දන්න එකෙක් කියපල්ලකෝ.. අපේ ව්‍යාපාරයේ policy එකට පාරිබෝගිකයෝ යටත් වෙන විදියට කොහොමද කරන්න ඕන..

    උදා :
    අපි web developing solution එකක් පටං ගන්නවා කියමුකෝ ඒකට කොහොමද අපේ customer එක්ක agreement එකක් ගහන්නේ කොහෙමෙද අපේ කොන්දේසිවලට යටත් කරලා..

    Bump එකක්වත් දාලා පලයං මචං..
    :):):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබ සිවික් එකක් ගත්තාද මචන් මොකො කරගත්තේ අපි තාම අර ත්රෙඩ් එක බම්ප් කරනවා :(
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    උබ සිවික් එකක් ගත්තාද මචන් මොකො කරගත්තේ අපි තාම අර ත්රෙඩ් එක බම්ප් කරනවා :(
    මං ඒකට Replay එකක් දාන්න යන්නේ බං මේ සෑහෙන්න කියවන්න තියනවනේ.. :D අද ආවේ බං PC එකෙන්..
    මචංක් 4ක් 5ක් බැලුවා ඔක්කෝම තියෙන්නේ පට්ට ගහපුවා.. වද්දපුවා ගොඩක් :(
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Agreement walanam loku seen 1 thiyanawa Ekath hoyala balanna mamath wadakata Atha gahanna enne me tike Hira wela ekaii Jaya wewa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මට මතක විදියට..

    මුලින් ප්‍රාදේශීය ලේකම් එකෙන් තනි පුද්ගල වයාපාරයක අයදුම් පතක් ගන්න..
    ඒ එක්කම කරන්න ඕන දේවල් කියනවා.. ඒ අයදුම්පත හරියට පුරවන්න.
    වයාපාරය කරන ස්තානය තමන්ගේ නමට නැත්නම් ,
    ඔයා වයාපාරය කරනවට කිසුදු විරුද්දත්වයක් නෑ කියලා ග්‍රාමසේවක ඉස්සරහා අත්සන් කරලා ලියුමක් ගන්න වෙනවා. ඔප්පුවේ කොපියකුත් දෙන්න වෙයි..
    නගර සබහවට සුලු බද්දක් ගෙවන්න වෙනවා.
    ප්‍රාදේශීය ලේකම් එකට ලියාපදින්චි ගාස්තු 2500ක් ද කොහෙද ගෙවන්න ඕනා..

    ඔයා අවශ්ය ලියවිලි හරියට දුන්නම ප්‍රාදේශීය ලේකම් එකෙන් ඔයගේ සහතිකය දින 7ත් 14ත් වගේ කාලයක් ඇතුලත ලැබෙයි.

    ආයතනයක නීති රීති නම් ඔයා දෙන බිල් එකක දාන්න වෙයි. ඒවලට එකගයි කියලා පාරිබෝගිකයගෙන් අත්සනක් අරන් දෙන්න වෙයි.
    මන් ඔයගැන දන්නේ නෑ. දන්න කෙනෙක්ගෙන් හරියටම අහගන්න.

    තනිපුද්ගල වයාපාර අයදුම් පතේ නම් ආයතනයේ නීති ගැන සටහනක් දාන්න තිබුනේ නෑ.
     
    • Like
    Reactions: owlX

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Contact Dulanka ඌ CCTV මෙව්වා එකක් පටන් ගත්තා..
    ;) අහ් එල බං හිල්මන් පාරවල් දදා ඇති කොල්ලා දැං :p

    මට මතක විදියට..

    මුලින් ප්‍රාදේශීය ලේකම් එකෙන් තනි පුද්ගල වයාපාරයක අයදුම් පතක් ගන්න..
    ඒ එක්කම කරන්න ඕන දේවල් කියනවා.. ඒ අයදුම්පත හරියට පුරවන්න.
    වයාපාරය කරන ස්තානය තමන්ගේ නමට නැත්නම් ,
    ඔයා වයාපාරය කරනවට කිසුදු විරුද්දත්වයක් නෑ කියලා ග්‍රාමසේවක ඉස්සරහා අත්සන් කරලා ලියුමක් ගන්න වෙනවා. ඔප්පුවේ කොපියකුත් දෙන්න වෙයි..
    නගර සබහවට සුලු බද්දක් ගෙවන්න වෙනවා.
    ප්‍රාදේශීය ලේකම් එකට ලියාපදින්චි ගාස්තු 2500ක් ද කොහෙද ගෙවන්න ඕනා..

    ඔයා අවශ්ය ලියවිලි හරියට දුන්නම ප්‍රාදේශීය ලේකම් එකෙන් ඔයගේ සහතිකය දින 7ත් 14ත් වගේ කාලයක් ඇතුලත ලැබෙයි.

    ආයතනයක නීති රීති නම් ඔයා දෙන බිල් එකක දාන්න වෙයි. ඒවලට එකගයි කියලා පාරිබෝගිකයගෙන් අත්සනක් අරන් දෙන්න වෙයි.
    මන් ඔයගැන දන්නේ නෑ. දන්න කෙනෙක්ගෙන් හරියටම අහගන්න.

    තනිපුද්ගල වයාපාර අයදුම් පතේ නම් ආයතනයේ නීති ගැන සටහනක් දාන්න තිබුනේ නෑ.

    තැන්කිව් මචං විස්තර ටිකට Rep++
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට මතක විදියට..

    මුලින් ප්‍රාදේශීය ලේකම් එකෙන් තනි පුද්ගල වයාපාරයක අයදුම් පතක් ගන්න..
    ඒ එක්කම කරන්න ඕන දේවල් කියනවා.. ඒ අයදුම්පත හරියට පුරවන්න.
    වයාපාරය කරන ස්තානය තමන්ගේ නමට නැත්නම් ,
    ඔයා වයාපාරය කරනවට කිසුදු විරුද්දත්වයක් නෑ කියලා ග්‍රාමසේවක ඉස්සරහා අත්සන් කරලා ලියුමක් ගන්න වෙනවා. ඔප්පුවේ කොපියකුත් දෙන්න වෙයි..
    නගර සබහවට සුලු බද්දක් ගෙවන්න වෙනවා.
    ප්‍රාදේශීය ලේකම් එකට ලියාපදින්චි ගාස්තු 2500ක් ද කොහෙද ගෙවන්න ඕනා..

    ඔයා අවශ්ය ලියවිලි හරියට දුන්නම ප්‍රාදේශීය ලේකම් එකෙන් ඔයගේ සහතිකය දින 7ත් 14ත් වගේ කාලයක් ඇතුලත ලැබෙයි.

    ආයතනයක නීති රීති නම් ඔයා දෙන බිල් එකක දාන්න වෙයි. ඒවලට එකගයි කියලා පාරිබෝගිකයගෙන් අත්සනක් අරන් දෙන්න වෙයි.
    මන් ඔයගැන දන්නේ නෑ. දන්න කෙනෙක්ගෙන් හරියටම අහගන්න.

    තනිපුද්ගල වයාපාර අයදුම් පතේ නම් ආයතනයේ නීති ගැන සටහනක් දාන්න තිබුනේ නෑ.

    ඔප්පුවේ කොපිය දෙන්න ඕන ප්‍රාදේශීය සභාවට. ස්ථානය ඔබගේ නෙවෙයි නම් අයිතිකරුගෙන් සහතික කරන ලද (විරුද්ධතාවක් නොමැති බවට) ලිපියක් ඕන.
    නගර සභා බල ප්‍රදේශයට අයත් නම් පමණයි නගර සභාවේ ලියාපදිංචි වෙන්න ඕන නැත්නම් ප්‍රාදේශීය සභාවෙන් අවසර ගත්තම ඇති.

    නගර සභාවකට අයත් නම්,

    01. මුලින්ම අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට ගොස් තනි ව්‍යාපාරයකට ඉල්ලුම්පතක් ලබාගන්න.
    02. ඉල්ලුම් පත්‍රය නිසි පරිදි පුරවා ස්ථානයේ ඔප්පුවේ පිටපත් සහ හැදුනුම්පත් පිටපත් සහ අදාල අවසර ලියුම් අරන් යන්න. මෙහි දී ග්‍රාම සේවකගෙන්ද විරෝධතාවයක් නොමැති බවට සහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට සහතික කරන ලද ලිපියක්ද අවශ්‍ය වේ.
    03. ඉන්පසු අදාළ පරීක්ෂක වරයෙක් ඔබගේ ව්‍යාපාරික ස්ථානය බැලීමට සතියක් තුල පැමිණේවි. නමුත් පුළුවන් නම් ඔහුගේ දුරකථන අංකය ලබාගෙන සතියකට පසු නොපැමිණියේ නම් මතක් කරන්න.
    04.ඉන්පසු එම ප්‍රාදේශීය සභාවට ඔබට ගෙවීමට සිදු වන බලපත්‍ර ගාස්තු වලට අදාළ කුවිතාන්සිය රැගෙන නගර සභාවේ ඔබේ ප්‍රදේශය බාර ආදායම් පරීක්ෂක හමුවන්න.
    05. ඔහුගෙන් බලපත්‍රය සඳහා ඉල්ලුම් පත්‍රය සහ දැන්වීම් පුවරු සඳහා අදාළ ඉල්ලුම් පත්‍රය ලබා ගන්න.
    06. කිසිම අවස්තාවක ව්‍යාපාරය කාර්යයන් සඳහන් කිරීමේදී කිහිපයක් සඳහන් නොකරන්න. මන්ද කාර්යයන් වැඩි වන තරමට ඔබගේ ගාස්තුව වැඩිවේ.
    07.නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් භාර දෙන්න.
    08. ඉන්පසු ආදායම් පරීක්ෂක මහතා ඔබගේ ව්‍යාපාරික ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණේ. (ඔහුට හොඳින් සලකන්න) :)
    09. පසුව ආදායම් පරීක්ෂක මහතා දන්වන දිනක ගොස් ලියාපදිංචි ගාස්තු ගෙවා කුවිතාන්සිය ලබාගන්න
    08. එම කුවිතාන්සියේ පිටපතක් නැවත ප්‍රාදේශීය සභාවට ලබාදීමෙන් අනතුරුව සති දෙකක් ඇතුලත ඔබට වෙළඳ බලපත්‍රය ලබා ගත හැකි වෙයි.

    මෙහෙදී කියන්න ඕන දේ තමයි ඔය ක්‍රියාවලියේ සිටින සියලුම දෙනාට හොඳින් සවන් දී ඉතාම හොඳින් කතාකර තමන්ගේ කාර්යය කරගන්න. නැතහොත් ඔබට අනිවාර්යෙන්ම රස්තියාදු වීමට සිදුවෙයි.
    විශේෂයෙන්ම පරීක්ෂක මහතුන්ට හොඳින් සලකන්න. ඔබට ක්‍රියාශීලී සේවයක් ලැබෙනු ඇත.
    ඒ වගේමයි. ඔබට ආදායම් පරීක්ෂක මහතා සමඟ කතාකොට (දන්නවනේ ;) ) ඝනකාධිකාරී තුමාට ලිපියක් ලියා දැන්වීම් පුවරු සඳහා නිදහස් වීමක් ලබාගත හැකිවේ. (නව ව්‍යාපාර වලට)