ලංකාවෙන් අතුගෑවිලා යයි ද?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    ජනගහනය වැඩියි

    මිනිස්සුන්ට විකල්ප රැකියා නෑ
     
    • Like
    Reactions: Cypress

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    තායිලන්තයෙන් ඉගෙනගත හැකි කුලී රථ රැකියාව සහ කර්මාන්තය

    මෙරට කුළීරථ රියදුරන්ගේ ප්‍රදේශ මූලික අධිපතිවාදීත්වය ඊයෙ පෙරේ දා ඇති වූ හදිසි තත්වයක් නොවේ. අතීත ගැල් කරුවෝ ද මේ අකාරයෙන් රංඩු වූවෝ විය යුතුමය. මේ ඔවුන්ගේ හයවැනි හෝ හත්වන පරම්පරාව වේ. ඒ නිසා මේක අරුම පුදුම රෝද හතර හෝ තුනේ ප්‍රශ්නයක් නොවේ.

    ගැටළුව අවබෝධ කර ගැනීමට පෙර කුළී රථ සේවාවේ ප්‍රධාන ගනුදෙනුකරුවන්, ස්වදේශික සහ විදේශික යනුවෙන් වෙන්කර ගැනීම සුදුසු ය. දැන් අපි ආසියාවේ ඉතාම කාර්ය බහුල සංචාරක ගමනාන්තයක් වන තායිලන්තය තෝරා ගනිමු. වර්ණවත් කුළීරථ දහස් ගනනක් දිනපතා දකින්න පුළුවන් බැංකොක් නගරය දැක ඇති බොහෝ දෙනෙක් මෙරට සිටිය හැක. නැතිනම් තායිලන්තයේ ප්‍රධාන මාර්ගයක ඕනෑම වීඩියෝවක් හෝ පිංතූරයක් අන්තර්ජාලයෙන් නරඹන කෙනෙකුට ඕනෑම මොහොතක අතිවිශාල කුළීරථ ප්‍රමාණයක් එකවර දැකිය හැක. මේ ටැක්සි සේවාව සම්පූර්ණයෙන්ම දේශීය සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන් පැය 24 පුරාම තායිලන්තයේ ප්‍රධාන නගර මෙන්ම කුඩා නගර වල ද ඉතාම සක්‍රීය සේවාවක් සපයමින් සිටී. වෛවර්ණ ටැක්සි බැංකොක් හී සංස්කෘතියකි. ඒවා වසර ගණනාවක් කාලයෙන් කාලයට වෙනස් වූ විවිධ මීටරයක් ඔස්සේ මිළ තීරණය කරමින් ධාවනයේ යෙදුනි.

    මේ සියළු තත්වයන් 2020 වනවිට වෙනස් වීමට පටන් ගත්තේ ය. ඒ Bolt (බෝල්ට්) නැමති නව APP එකක් තායි ටැක්සි සේවාවට එක්වීමත් සමඟ ය. බෝල්ට් ඇප් එක 2020 වසරේ දී තායි ජනතාව අතට පත්වන විටත් Grab (ග්‍රෑබ්) නැමති තවත් ටැක්සි APP එකක් තායි කුලීරථ රියදුරන් සහ ජනතාව අතර ඉතා ප්‍රසිද්ධව තිබුණු අතර බෝල්ට් එහි කූඨප්‍රාප්ති මොහොත විය.

    ග්‍රැබ් සහ බෝල්ට් ටැක්සි ඇප් තායිලන්තයට පැමිණි විට, ඔවුන්ගේ සාම්ප්‍රදායික කුලී රථවලට සැලකිය යුතු තර්ජනයක් එල්ල කළ අතර, එමඟින් ව්‍යාපාර අහිමි වීම, විවේචන ඉහළයාම, ගැටුම්, මිළ පිළිබඳ වෙනස්කම් සහ තරඟකාරිත්ව වැඩි විය. ඩිජිටල් මීටරයක් හරහා මිළ තීරණය කරමින් ධාවනය වෙමින් තිබූ දහස් ගණනක් සාම්ප්‍රදායික ටැක්සි රථ එක රැයකින් කඩා වැටෙන තත්වයට පත්වෙමින් තිබුණි. බොහෝ ටැක්සි රථ ඒ වනවිටත් මීටරය නොසලකා කතාබහකරගත් ගාණකට පහසුකම් හයර් යමින් සිටියේ ය. සංචාරකයන්ට මුහුණබලා ගනන් කියන්නට ඇතැම් ටැක්සිකරුවන් කරයුතු කලහ. දේශීය තායි වැසියන්ට ද එය එසේම සිදු විය.
    අනෙක් පුදුමසහගත ප්‍රධාන කරුණක් වූයේ බෝල්ට් සහ ග්‍රෑබ් ඇප් දෙක පැමිණීමටත් පෙර Uber ඇප් එක තායිලන්තය තුළ ක්‍රියාත්මක වුව ද සංචාරකයන් තායිලන්තය තුල දී Uber භාවිතාව ඉතාම අල්ප වශයෙන් සිදුකළ බැවින් එය කර්මාන්තයට විශාල බලපෑමක් ඇති නොකළේ ය.

    බෝල්ට් සහ ග්‍රෑබ් යනු කාගේ කවු ද
    අද 2025 වන විට තායිලන්තයේ ජනප්‍රියම සහ ලාබදායීම ටැක්සි ඇප් එක පිළිවෙලින් බෝල්ට් සහ ග්‍රෑබ් ය. දේශීය තායි වැසියන මෙන්ම සංචාරකයන් ද එක හා සමානව මෙම ඇප් දෙකම භාවිතා කරති. සංචාරකයෙකුට වුව ද ඉතා පහසුවෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගත හැක. අද වනවිට ටැක්සි වලට අමතරව ආහාරපාන ප්‍රවාහනය, ලිපි හා භාණ්ඩ ප්‍රවාහනය, සතුන් ප්‍රවාහනය ඇතුළු බොහෝ සේවා Bolt සහ Grab යන එම ඇප් දෙක හරහා සිදු වේ.
    තායිලන්තයේ ඇති මෙවැනි ව්‍යාපාර වල දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඒවා පාලනය කිරීමේ අධිකාරී බලය රාජ්‍ය සතුවීමයි. එමන්ම ඇප් එක ඔස්සේ රියදුරු විස්තර සහ GPS ක්‍රියාත්මක වීම සංචාරක ආකර්ෂණය සහ ආරක්ෂාව පිළිබඳ ඉතාම යහපත් සහතිකයක් ද විය.

    ග්‍රැබ් 2013 අගභාගයේදී තායිලන්තට හඳුන්වාදුන් අතර යුරෝපීය (එස්තෝනියානු) සමාගමකට අයිති එකකි. බෝල්ට් අයතනය 2020 දී තායි වෙළඳපොළට ඇතුළු වූ අතර මැලේසියානු සමාගමක් හරහා තායිලන්තයට පැමිණ දැන් සිංගප්පූරුව පදනම් කරගත් ව්‍යාපාර ජාලයකට අයත් වේ.
    මෙහි අද පවතින විශේෂම ලක්ෂණය නම් සියරට තුල දී ජාල දෙකේම පූර්ණ පාලනය තායිලන්තය සතුවීමයි. අප කවුරුත් දන්නා 7-11කුඩා ප්‍රමාණයේ සිල්ලර භාණ්ඩ අලෙවිසැල් ජාලය ද ඊට කදිම නිදසුනකි.
    7-11 සහ තායිලන්තය
    7 Eleven ඇමරිකානු සමාගම් මූලයක් වුවත් අද එය සම්පූර්ණයෙන්ම ජපානය සතු දැවැන්ත ව්‍යාපාරයකි. අද වනවිට උතුරු ඇමරිකානු කලාපයේ 7-11 අලෙවිසැල් වේගයෙන් වැසී යමින් පවතින අතර ලොව විශාලතම 7-11 අලෙවිසැල් ජාලය දැන් පවතින්නේ ජපානයේ වන අතර දෙවනි තැන හිමිවන්නේ තායිලන්තයට යි. නමුත් තායිලන්තය තුල එම වෙළෙඳසැල් පවත්වාගෙන යන ආකර ය ගැන එහි අත්දැකීම් ඇති කෙනෙකුට අමුතුවෙන් පැහැදිළි කළයුතු නොවේ.

    ටැක්සි සහ bolt ඇප් තරඟකාරීවයේ වත්වන් තත්වය
    2020 දී බෝල්ට් ඇප් එක පැමිණ දැන් වසර 5ක් ගත වී ඇත. නමුත් සාම්ප්‍රදායික ටැක්සි කරුවන් සහ ඇප් ටැක්සිකරුවන් අතර ගැටුම අඩුවැඩි වශයෙන් රට පුරා පවතී. නමුත් තායි ආණ්ඩුව සහ ප්‍රවාහන බලධාරින් මෙම තත්වය යම්කාත් දුරකට පාලනය කර තිබේ. එහි ප්‍රධානතම කාර්ය භාරයක් වූයේ සිය පූර්ණ කාළීන රැකියාව ලෙස ටැක්සි දුවන අය සහ අමතර ආදායමක් ලෙස ඇප් එකක් භාවිතාකොට ටැක්සි ධාවනය කරන අය වෙන් කිරීමයි. ඒ අනුව පාර්ට් ටයිම් ටැක්සි රැකියාව කරනු ලබන අය ඇප් එක සමඟ ලියාපදිංචි වීමේ දී පවතින ගාස්තු, ඉන්ෂුවරන්ස් ගාස්තු සහ ඊට අදාල වාහනයේ ලියාපදිංචිය ඇතුළු බොහෝ කටයුතු සාමාන්‍ය ටැක්සිරථ රියදුරන්ගේ ලියාපදිංචියෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කළේය.

    ඊට අමතරව පූර්ණකාලීනව ඇප් හරහා ටැක්සිරථ රැකියාව කරන අයටත් සාමාන්‍ය ටැක්සිරථ රැකියාව කරන අයත් APP වල ලියාපදිංචි වීමේ දී සහන කිහිපයකුත් ලබා දී ඇතැයි අන්තර්ජාලය කියැවීමේ දී සොයා ගත හැකියි.
    එහෙත් මේ මොහොත වන විටත් ප්‍රධාන සංචාරක කළාප අශ්‍රිතව ගැටුම් පවතී. වඩාත් යහපත් තත්වය නම් එම ගැටුම් නිසා විදේශීය සංචාරකයන් අපහසුතාවට පත් වූ සිද්ධීන් ඉතාම අල්ප වශයෙන් වාර්තා වීමයි.
    එමෙන්ම මෝටර් සයිකල් ටැක්සි සේවාව ද තායිලන්තය පුරා ඉතා ජනප්‍රිය අතර මේ සියළු ඇප් යතුරුපැදි ධාවනයේ යෙදෙන රියදුරන් ද භාවිතා කරනු ලැබේ. එමෙන්ම සංචාරක කළාප අශ්‍රිතව අඩියෙන් අඩිය මුදල් මාරු කිරීමේ ස්ථාන මෙන්ම ටැක්සි සේවා සපයන ලියාපදිංචි ආයතනය ද වේ. වරක් අප රැඳී සිටි හෝටලයේ සිට බැංකොක් හි ස්වර්ණභූමි ගුවන්තොටුපළට ටැක්සි ගාස්තුව බාත් (තායි මුදල් ඒකකය) 1400 ක් විය. මම එම හෝටලයේ සිට ගුවන්තොටුපළට ගාස්තුව ඇප් එක හරහා පරීක්ෂා කළ විට එය තායි බාත් 1200ක් පමණ විය. මම බෝල්ට් ඇප් එක භාවිතාකරන රියදුරෙක්ගෙන් මේ වෙනස ගැන ඇසූ විට ඔහු සඳහන් කළේ කෙටි දුර සඳහා බෝල්ට් ඇප් එක තමන්ට බොහෝ වාසිදායක නමුත් වෙනත් දිස්ත්‍රික්කයකට ධාවනය කිරීමේදී සිය ලියාපදිංචිය ප්‍රකාරව එය පාඩු බවයි. එම නිසා බොහෝ බෝල්ට් ඇප් එක භාවිතා කරන රියදුරන් දුර ගමනාන්ත ලබා නොගන්නා බවය. එනම් ඇප් එක හරහා වුව ද යම් නියාමනයකට හෝ ගාස්තු ගෙවීමකට හෝ ඇප් රියදුරා යටත් වේ. (සහ ආපසු පැමිනෙණ ගමනට සංචාරකයෙක් හෝ වෙනත් කස්ටමර් කෙනෙක් නොලැබුණහොත් ගමන කොහොමත් පාඩු ය) දිස්ත්‍රික්ක මාරුවීම, දුරගමන් සේවා සඳහා ඇප් එක හරහාම රජයට ගෙවිය යුතු මුදල් ආදී ගැඹුරු තොරතුරු විශ්ලේෂණය මට නොතේරෙයි.(එම රියදුරා පැහැදිළි කළ පරිදි)

    මේ නියාමනය ගැන මෙරට අණ්ඩුවට තායිලන්තය රජයෙන් උපදෙස් හෝ මඟපෙන්වීමක් ලබාගත හැක. මීට වඩා හොඳ ක්‍රම යුරෝපයේ, ඇමරිකාවේ හෝ ඔස්ට්‍රේලියාවේ තිබෙන්නට පුළුවන් ය. නමුත් අපට බොහෝ සෙයින් සමාන සහ අපේ ආණ්ඩුවකට පහසුවෙන් ලඟාවිය හැකි තායිලන්තය වැනි අපේ සුහද මිතුරෙකුගෙන්, මේ තත්වයට ඔවුන් මුහුණ දුන් ආකාරය සහ විසඳුම් පිළිබඳව අවංක උපදෙසක් ගත හැක.
    සියයට සීයක් මේ ගැටළුවට විසඳුම් නැතත් අත්දැකීම් හුවමාරුව හෝ අපට මේ මොහොතේ ඉතා වැදගත් විය හැක. සියළු ටැක්සිකරුවෝ ඉක්මණින් සුගතිමඟට ගැනීම එම කර්මන්තයටත් සංචාරක කර්මාන්තයටත් එක හා සමානව වටී. ටැක්සි අර්බුදයේ පොඩි පොඩි සිදුවීම් පවා ලෝකයට යන්නේ මහා විශාල ලෙසය. අපේ ආර්ථිකයේ කොඳුනාරටිය සංචාරක කර්මාන්තය යි.

    උදිතමාල් හේමචන්ද්‍ර
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    pick me , uber වලට කෙලවලා ආය චන්ද දිනන්න වෙන්නේ නෑ .
    ඔය හන්දි ගානේ වාත වෙන කබරයෝ කැ ගැහුවට මොකුත් වෙන්නේ නෑ
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    Dhanika-Perera.jpg



    homelander-laughs-hysterically-homelander-laughs.gif
     
    • Haha
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අරමුදලට කුට්ටිය දීපු ගමන් ඕව නවතීවි. ඔය දගලන්නේ මොකාටද කියල අපි දන්නේ නැද්ද

    මුන් ඉස්සරත් ඔය ගේම් එක ගැහුවා, උද්ගෝෂණ කරලා සමාගම් වලින් කප්පම් ගත්තෙ. උන්ම තමයි මේකත් ප්‍රෙෂර් කරන්නෙ, දැන් පික්මී, ඌබර් උන් ටික පගාව ගෙවයි, උද්ගෝෂණ නවතියි. ත්‍රීවීල් උන් පික්මී ඌබර් උන්ට දිගටම ගහයි, එකෙක් දෙන්නෙක් ඇරෙස්ට් කරයි මිනිස්සුන්ගේ කට වහන්න.

    කම්පැනි දෙකෙන් පැලවත්තට කුට්ටිය ඉල්ලන්නෙ !
    ඔය වැඩේම තමයි ලප කොටායි, කස්ටම් නාකි සීවලී වේස තට්ටයයි BYD වාහන වලට කලේ. උන් ඉල්ලන කුට්ටිය ජොන් කීල්ස් ලා දුන්නා නම් පැලවත්ත අරමුධලට, ඔය මෝටර් ප්‍රශ්නයක් එන්නේ නෑ. අමුම කුපාඩි හැත්තක් තමයි.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේ කම්මැකි ගමේ වල බහින නූගත් බීඩි හැත්ත ත්‍රීවීල් ගත්තට ආන්ඩුව පලිද? අන්ඩුවද මුන්ට ත්‍රිවිල් ගන්න කිව්වෙ, මම නම් කියන්නෙ තව ඔය පික්මි වගෙ සේවා එන්න ඔනේ. ත්‍රීවිල් වලට්‍ කොලබට වගෙ අතුලුවෙනකොට ටිකට් එකක් ගන්න සෙට් කරන්න ඔනේ, මුන්ට ත්‍රීවිල් රස්සා එපා වෙන්න,
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,553
    113
    35
    Spain
    2020 චන්ද පොරොන්දුත් දැන් ඔට්ටුද? අලුත් එකක් හොයන් වරෙන්

    නැත්නම් මම උඹේ සීයල ආච්චිලගේ චන්ද පොරොන්දු උස්සන් එනවා

    Cracking Up Lol GIF
    හා, ඒ කියන්නේ ටොප් කොල්ලා මධ්‍යස්ත මතධාරියා වගේ හිටියට ජෙප්පෙක් කියන එක නෙ ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    2020 චන්ද පොරොන්දුත් දැන් ඔට්ටුද? අලුත් එකක් හොයන් වරෙන්

    නැත්නම් මම උඹේ සීයල ආච්චිලගේ චන්ද පොරොන්දු උස්සන් එනවා

    Cracking Up Lol GIF
    අඩේ ෂුවර් එකටම මේ අනුලා කුමාරි
    පොර හොරෙන් ඉන්නේ එළකිරි එකේ ටෝපාකොල්ල කියල නම දාගෙන
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හා, ඒ කියන්නේ ටොප් කොල්ලා මධ්‍යස්ත මතධාරියා වගේ හිටියට ජෙප්පෙක් කියන එක නෙ ?

    අඩේ ෂුවර් එකටම මේ අනුලා කුමාරි
    පොර හොරෙන් ඉන්නේ එළකිරි එකේ ටෝපාකොල්ල කියල නම දාගෙන
    මධ්‍යස්ත මතධාරියෙක් නම් කොහොමද හරියටම කරන්න ඕන
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මධ්‍යස්ත මතධාරියෙක් නම් කොහොමද හරියටම කරන්න ඕන
    මධ්‍යස්ථ කියල තමයි අනුලා කුමාරි 1991 ඉඳන් මාරුවෙන් මාරුවට කොලේ
    දැන් මද්‍ය්ස්තා වෙලා වැඩක් නැහැ කොමඩ්ර්
    ඔයා ජවිපෙ ඉඳන් මාලිමා මාරුවෙලා දැන් හෝදලා ඉවර කරගන්න ඉඩ මදි
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මධ්‍යස්ථ කියල තමයි අනුලා කුමාරි 1991 ඉඳන් මාරුවෙන් මාරුවට කොලේ
    දැන් මද්‍ය්ස්තා වෙලා වැඩක් නැහැ කොමඩ්ර්
    ඔයා ජවිපෙ ඉඳන් මාලිමා මාරුවෙලා දැන් හෝදලා ඉවර කරගන්න ඉඩ මදි
    මොකක්ද අර්බුදය?