ලංකාවේ වගේ ගැම්මේ ඉන්න බැහැ...ikman එකේ ඇල්ටෝ එකක් දැම්මත් අහවල් ජොබ් එක කරන කෙනාගේ කියල දාන අයියලට ඒ ගැම්ම පිටරටකට ගියාම ලැබෙන් නෑවෙන රටක ගිහින් සැපට ඉන්නනම් තමන්ට කියල ගෙයක් ගන්න ඕන. තනි පඩියකින් ගෙදරක මෝගේජ් එක ගෙවන ගමන් සැපට ඉන්න බෑ, ලෙවකන්න තමයි වෙන්නෙ. හොඳම විසඳුම තමයි බැඳලා දෙන්නම ඒ යන රටේ හොඳ ජොබ් එකක් කරන එක. එතකොට මොගේජ් එක දෙකට බෙදෙන හින්දා රෙන්ට් එකට ඉන්නවටත් වඩා අඩු ගානක් මාසෙකට වියදම් වෙන්නෙ. ඒකත් වියදමක් නෙමේ ගෙදරකට කරන ඉන්වෙස්ට්මෙන්ට් එකක්.
වෙන රටක ඉන්නකොට ටැක්ස් ඇතුළු අනික් දේවල් වලට ලොකු ගානක් කැපුනට ඒකෙන් කොටසක් පැන්ෂන් එක විදිහට බිල්ඩ් වෙනවා. ඒ හින්දා ලංකාවෙදි වගේ අනිවාර්යෙන් ඉතුරු කරගන්න ඕන කියලා දෙයක් නෑ. ඊට අමතරව ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා ලයිට් බිල් එහෙම වැඩි උනොත් රජයෙන් rebate එකක් දෙනවා වගේ සමාජ ආරක්ෂණයක් තියනවා.
මම ඉන්නෙත් ඔස්ට්රියා..මටත් ඒක හිතිල තියනවා..පිටරටක පදිංචියට යන එකයි ලංකාවෙ ඉන්න එක්යි සාපේක්ශයි. පිටරටකට ඇවිත් සෙට්ල් වෙන්න ලොකු කාලයක් යනවා..ඒ වෙනුවෙන් කැපකිරීම් කරනවට වඩා ලංකාවේ ගේමක් ගහන එක වටිනවා කියල හිතෙනවා.දැන් ගොඩක් මිනිස්සු ලංකාවෙන් යන්නෙ මෙහෙ හම්බෙන පඩියෙන් ජිවත් වෙන්න බැරි නිසානෙ. එත් වෙන රටකට ගියත් ඩොලර් 3000, 4000, 5000 වැඩිම උනොත් 10,000 ක් ගනී අවුරුදු ගානක් ගිහින් ( බිස්නස් එකක් නොකර ජොබ් එකක් විතරක් කරොත් මම කියන්නෙ ) එත් එහෙම හම්බකරන ගානෙනුත් 30% - 40% tax එක ගෙව්වම ඉතුරු වෙන ගානෙන් මාසෙට අමතර ගානක් ඉතුරු කරගන්න බෑ මම හිතන විදිහට expenses වලට අයින් කරාම. හොඳට කාල ඇඳලා හොඳ වාහනයක් අරගෙන ට්රැවල් කරලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඇති. එත් මට හිතෙන්නෙ ඒ ගානම මෙහෙ ඉඳන් හම්බකරොත් පිටරටක ඉන්නවට වැඩිය සැපේ ඉන්න පුළුවන්. උදා: මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක් හෙව්වත් ලක්ෂ 7 කට වැඩියෙන් එනවා. ඒ වගේ ගානක් මෙහෙ ඉඳන් හොයනවා කියන්නෙ සුපිරියට ඉන්න පුළුවන් ට්රැවල් කරලා. quality of life එකේ වෙනසක් තියෙනවා ඒක ඇත්ත. එත් ඉතින් ලංකාවේ උනත් සල්ලි තියෙන මිනිස්සු සැපට ඉන්නවනෙ. මම හරිද වැරදිද දන්නෙ නෑ මට හිතුන දේ
------ Post added on Nov 26, 2022 at 3:19 AM



mase padiya laksha 12k venakan masa ganak hamba unata passeda vadinne?