ලංකාවෙ ජීවත් වෙද්දි

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    මමත් හිතන්නෙත් මේ විදිහටම තමයි මචන්. :love:

    අපේ ලොකු අම්මලා ඒ දවස්වල තට්ටු තුනේ ගෙයක් හැදුවා. ගෙදර කාමර අටක් තීයෙනවා. හැම කාමරේටම වගේ ඇටෑච් බාත් රූම් එකක් තියෙනවා. ගේ හදන කාලෙත් ඒ ගෙදර හිටියෙ එයයි බාප්පයි විතරයි. දැන් ඒ ගේ හොදටම සවුත්තු වෙලා. ගේ මේන්ටේන් කරනවා තියා එයාලා ඒක හරියකට අතුගාන්නෙවත් නෑ.

    නිකන් වහලා දාලා තියෙන කාමර 7ක් ඇර ඇර සුද්ද කරද්දි කොහොමද ආතල් එක. :lol::lol:

    අවශ්‍යතාවට වඩා බොරැවට ලෝකෙට පේන්න...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    One financial decision today can make a massive difference in life 10 years down the life, good or worse.

    කෙනෙක්ගෙ වර්තමාන ආදායම තමන්ගේම හැකියාව සහ ශක්තිය මත තීරනය වෙනවා නම් එයාල අනිවාර්යෙන් හිතන්න ඕන තමන් වයසට ගියාම කොහොමද ජීවත් වෙන්නෙ කියලා.

    උදාහරනයක් විදිහට අකවුටන්ට් කෙනෙක් දැනට ලක්ශ දෙකක පඩියක් ගත්තත් එයා වයසට යද්දි එයාගෙ කැපෑසිටි එක අඩු වෙනවා. එතකොට වැඩ කරන තැන්වලිනුත් පල නොකියා පලා බෙදනවා (IT ෆීල්ඩ් එකෙත් මම දන්න උන්ට දැන් මෙහෙම වෙලා තියෙනවා). එහෙම වෙන්න කලින් හරි තීරන අරගෙන එයා එයාගෙ ආර්ථිකය හදාගෙන තිබ්බෙ නැත්තං එතනින් එහාට කඩා වැටීමක් තමයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙම ඇඩ්වයිස් එකක් දීපු ගමන් අපේ උන් කුහක කම කියල හිතන් රෙද්ද උස්සන් එනවා නේ බන්? ඇයි බන් එහෙම? :D:D:D

    මම හොදටම දන්න තට්ටු දෙකට පට්ටම ගෙයක් ගහපු කෙනෙක් ඉන්නවා. එයාගෙ පවුලෙ ඉන්නෙ තුන්දෙනයි. එයයි, වයිෆුයි අවුරුදු දොලහක විතර පුතයි.

    මේ ලගකදි මාව හම්බ වෙච්ච වෙලේ එයා කිව්වෙ ලොකු ගෙයක් හදාගත්තාම වෙන්නෙ පවුල ඈත් වෙන එකයි කියලා. මොකද කට්ටිය එකට ගැවසෙනවා අඩුයිනෙ. :rolleyes:

    මම පොර කියපු දේ තේරුම් ගත්තා. ඒත් වෙන එකෙක් නම් කියයි "මුන් මෙතන තට්ටු ගනන් ගෙවල් හදාගෙන කුහක කමට අපිට බන කියනවා" කියලා. :dull:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    හුගක් අය ගම වලින් කොළඹ ජොබ්වලට ඇවිල්ලා කොළඹ/ගම්පහ/කළුතර ඩොටේ පර්චස් විස්සේ විතර ඉඩම් අරන් ගන්න පුළුවන් නය ඔක්කොම අරන් ගෙයක් හදනවා. ගේ සම්පුර්ණයෙන්ම හදල ඉවර වෙනකොට වයස 45යි. නය ගෙවල ඉවර වෙනකොට 55යි.

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම හොදටම දන්න තට්ටු දෙකට පට්ටම ගෙයක් ගහපු කෙනෙක් ඉන්නවා. එයාගෙ පවුලෙ ඉන්නෙ තුන්දෙනයි. එයයි, වයිෆුයි අවුරුදු දොලහක විතර පුතයි.

    මේ ලගකදි මාව හම්බ වෙච්ච වෙලේ එයා කිව්වෙ ලොකු ගෙයක් හදාගත්තාම වෙන්නෙ පවුල ඈත් වෙන එකයි කියලා. මොකද කට්ටිය එකට ගැවසෙනවා අඩුයිනෙ. :rolleyes:

    මම පොර කියපු දේ තේරුම් ගත්තා. ඒත් වෙන එකෙක් නම් කියයි "මුන් මෙතන තට්ටු ගනන් ගෙවල් හදාගෙන කුහක කමට අපිට බන කියනවා" කියලා. :dull:

    AL ක්ලාස් යන කාලේ අපේ කොල්ලෙක් හිටියා..ඌ යාලුවෙලා හිටිය කෙල්ල බෝඩ් වෙලා හිටියෙ..මුන්ගෙ ගෙදර තට්ටු දෙකට ගහල තිබ්බෙ ...මූ විතරයි පවුලටම..මූ දවස් කීපයක්ම රෑට හොරාට කෙල්ල පන්නගෙන ගෙනත් තියා ගත්තා..අපිත් ඒ කාලෙ පාඩම් කරන්න යනව කියල රෑට අඩිය ගැහු⁣වෙ උන්ලයි ගෙදර උඩ තට්ටුවෙ..මුන්ලයි අම්මල අසාවටවත් උඩ තට්ටුවට එන්නේ නෑ ..මූ හිටියෙ බෝඩිංකාරයෙක් වගෙ..ලමයි දුරස් වෙනව බන් ..දැන් තමයි අපිටත් ඒ දේවල් තෙරෙන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    AL ක්ලාස් යන කාලේ අපේ කොල්ලෙක් හිටියා..ඌ යාලුවෙලා හිටිය කෙල්ල බෝඩ් වෙලා හිටියෙ..මුන්ගෙ ගෙදර තට්ටු දෙකට ගහල තිබ්බෙ ...මූ විතරයි පවුලටම..මූ දවස් කීපයක්ම රෑට හොරාට කෙල්ල පන්නගෙන ගෙනත් තියා ගත්තා..අපිත් ඒ කාලෙ පාඩම් කරන්න යනව කියල රෑට අඩිය ගැහු⁣වෙ උන්ලයි ගෙදර උඩ තට්ටුවෙ..මුන්ලයි අම්මල අසාවටවත් උඩ තට්ටුවට එන්නේ නෑ ..මූ හිටියෙ බෝඩිංකාරයෙක් වගෙ..ලමයි දුරස් වෙනව බන් ..දැන් තමයි අපිටත් ඒ දේවල් තෙරෙන්නේ

    අඩෝ පට්ට සීන් එක. :lol: හැබැයි ගන්න ලොකු දෙයක් තියෙනවා! :yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඒකට හේතුව මචන්, තීරන ගද්දි හැගීම්වලට මුල් තැන දෙන එක අපේ ජානවලම තියෙන දෙයක්.

    ණය වෙලා තරු පහේ හෝටල්වල වෙඩින්ස් ගන්නෙත්, ගෙදර තුන් හතර දෙනෙක් ඉද්දි කාමර හය හතක ගෙයක් හදාගන්නෙත්, අමාරුවෙන් ලීස් ගෙවාගෙන හරි ප්‍රාඩෝවල යන්නෙත් ඒකයි.

    එකෙන්ම එකගයි.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    AL ක්ලාස් යන කාලේ අපේ කොල්ලෙක් හිටියා..ඌ යාලුවෙලා හිටිය කෙල්ල බෝඩ් වෙලා හිටියෙ..මුන්ගෙ ගෙදර තට්ටු දෙකට ගහල තිබ්බෙ ...මූ විතරයි පවුලටම..මූ දවස් කීපයක්ම රෑට හොරාට කෙල්ල පන්නගෙන ගෙනත් තියා ගත්තා..අපිත් ඒ කාලෙ පාඩම් කරන්න යනව කියල රෑට අඩිය ගැහු⁣වෙ උන්ලයි ගෙදර උඩ තට්ටුවෙ..මුන්ලයි අම්මල අසාවටවත් උඩ තට්ටුවට එන්නේ නෑ ..මූ හිටියෙ බෝඩිංකාරයෙක් වගෙ..ලමයි දුරස් වෙනව බන් ..දැන් තමයි අපිටත් ඒ දේවල් තෙරෙන්නේ

    ඕක දැක්කහම මතක් උනේ..
    ඉස්ස්සර මමයි නංගියි අම්මයි තාත්තයි රෑ කෑම ටික බෙදාගෙන බිම වාදී වෙලා TV බලනවා රෑට.
    තිබ්බේ කළු සුදු එකක්, අර අතින් කරකවල චැනල් මාරු කරන්නේ...
    ඕක තියල තිබ්බේ පොඩි ඉස්ටූල් එකක් උඩ ඉතින් පුටු වල වාදී වෙලා බලන්න බෑ..

    ඔහොම හැදෙන බැදීම් මචන් අදටත් පට්ට ශක්තිමත්.

    මමත් ගෙදර රෑ කෑම ගන්නේ මමයි දුවයි නොනයි තුන්දෙනාම එකට.
    අද කාලේ ඔහොම හරි වෙලාවක් හදාගන්න ඕනේ දිනපතා...
    නැත්නම් එක ගෙදර ආගන්තුකයෝ වෙනවා අපිම.

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕක දැක්කහම මතක් උනේ..
    ඉස්ස්සර මමයි නංගියි අම්මයි තාත්තයි රෑ කෑම ටික බෙදාගෙන බිම වාදී වෙලා TV බලනවා රෑට.
    තිබ්බේ කළු සුදු එකක්, අර අතින් කරකවල චැනල් මාරු කරන්නේ...
    ඕක තියල තිබ්බේ පොඩි ඉස්ටූල් එකක් උඩ ඉතින් පුටු වල වාදී වෙලා බලන්න බෑ..

    ඔහොම හැදෙන බැදීම් මචන් අදටත් පට්ට ශක්තිමත්.

    මමත් ගෙදර රෑ කෑම ගන්නේ මමයි දුවයි නොනයි තුන්දෙනාම එකට.
    අද කාලේ ඔහොම හරි වෙලාවක් හදාගන්න ඕනේ දිනපතා...
    නැත්නම් එක ගෙදර ආගන්තුකයෝ වෙනවා අපිම.

    සහතික ඇත්ත මචන්! :love:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    තව විස්තර කියපන්කො මචන්.හරියටම කොතනද තියෙන්නේ? පාරට පේනවද

    මෙන්න ලොකේෂන් එක.
    https://goo.gl/maps/262MdwVQk1tWybnu8

    මේ තියෙන්නේ (මැප්ස් වල) මේක හදන කාලේ පෙනුන හැටි.
    දැන් ෆිනිෂ් කරලා ඉවරයි. පාරේ යන එන ගමන් බලාගෙන පලයන්.

    xxxxxxxxxxxxxx.jpg
     
    • Like
    Reactions: windows_ubuntu

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    අඩෝ පට්ට සීන් එක. :lol: හැබැයි ගන්න ලොකු දෙයක් තියෙනවා! :yes:

    ඌ බැදල අවුරැද්දක ලමයෙකුත් ඉන්නව..අර කෙල්ලමයි බැන්දෙ..අවුරැද්දට හැමදාම උන්ගෙ ගෙදර උඩ තට්ටුවෙ අපි සෙට් වෙනව තාමත් :lol: අපි තාමත් එදා වගේමයි:lol:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඌ බැදල අවුරැද්දක ලමයෙකුත් ඉන්නව..අර කෙල්ලමයි බැන්දෙ..අවුරැද්දට හැමදාම උන්ගෙ ගෙදර උඩ තට්ටුවෙ අපි සෙට් වෙනව තාමත් :lol: අපි තාමත් එදා වගේමයි:lol:

    :love::love::love:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවෙ ජීවත් වෙන්න ඔය කිසි දෙයක් ඕනෙ නෑ. බොරු මවාපෑම තිබ්බනම් හොදටම ඇති
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    puta YouTube video balala thrd dana eka nawattanna :lol::lol:

    thrd eka tikak yanakam hitiye comment ekak danna :dull::dull:

    Over capitalisation කියන්නෙ මොකෙක්වත් යු ටියුබර් කෙනෙක් හොයා ගත්ත දෙයක් නෙමෙයි. ඒක Finance management වල බේසික් එක. :lol:

    දන්නෙ නැත්තං www.google.com කියලා සෙවුම් යන්ත්‍රයක් තියෙනවා. එකේ "over-capitalise build house" කියලා සර්ච් කරලා ඉගෙන ගනින්. :dull:

    T7JxVpY.png