ලංකාවෙ තහනම් කියල කියන පර්යේෂණ කරන්න ක්‍&#3515

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ලංකාවෙ තහනම් කියල කියන පර්යේෂණ කරන්න ක්‍&#3515

ලංකාවෙ තහනම් කියල කියන පර්යේෂණ කරන්න ක්‍රමයක් තියෙනවද? අපිට මතකයි ඉස්සර තනි කෙනෙකුට යන්න පුළුවන් ප්ලේන් එකක් හැදුව කියල පොලිසියෙන් අල්ලන් ගියා. ඒ මනුස්සයට රජයෙන් අවසරයක් දුන්න නම් දැන් සමහර විට අපිත් ප්ලේන් නිෂ්පාදනය කරල සල්ලි හොයන රටවල් අතරට යන්න තිබ්බ. පිස්තෝල හදපු අය හිටිය, පොරව පොලිසියෙන් අරන් ගියා, පොර කිව්ව ඒ කාලෙ පිටරටින් ලක්ෂ 200 ට ගෙන යුද්ද ටැංකිය ලක්ෂ 20 න් හදල දෙන්නම් ඒ කොලිටියටම කියල. දැන් ඔය වගේ වැඩ පර්යේෂණ විදිහට කරගෙන යන්න ලංකාවෙ ක්‍රමවේදයක් තියෙනවද?
අපි කැම්පස් වල අවු 4ක් ප්‍රොජෙක්ට් කියල කලෙත් බොරු දේවල් නෙ බං කොහොම හරි ඩිග්‍රිය දාගන්න. ඒත් දැන් අපිට සල්ලි තියෙනව, ප්‍රායෝගික පුහුණුව තියෙනව අවුරුදු ගණන්. දැන් අපි දන්නව වැඩක් හරියට කරන විදිහ. අලුත් නිපැයුම් සාර්ථකව අත්හදා බලලත් තියෙනව. රටට වැඩදායි විදිහට මේව කරගෙන යන්න ඕනෙ. ඒත් හොයාගත්ත ඒව එලියට දාගන්න බැරුව කී දෙනෙක් ඇතිද. අනිත් එක වැරදී වැරදී හරි කරගෙන යන එකෙන් අවසානයේ සාර්ථක දේවල් එලියට එනව. ඒත් එක පාරක් හරි පොලිසියට වගේ ආරංචි උනොත් බඩු පැකට් නිසා සාර්ථක වෙච්ච දේවල් අවුරුදු ගණන් එලියට දන්නෙ නැතුව කීදෙනෙක් ඉන්නව ඇතිද.

දැන් බලපන් drones. මොරටුව යුනි එකේ කීප දෙනෙක් කරගෙන යනව පොඩි පොඩි පර්යේෂණ, උන්ට ලොකුවට උදව් දෙන්න එකෙක් නෑ, අනිත් එක උන් ලොකුවට කරන දේකුත් නෑ, බොරුවට කෑලි ගෙනල්ල බෝඩ් එකට පොඩි ප්‍රෝග්‍රෑමින් පාරක් දාන එක ඇරෙන්න. අනිත් එක වැදගත්ම දේ. උන්ටත් වඩා වැඩ කාරයො ඉන්නෙ එලියෙ, උන් එලියට එන්නෙත් නෑ පොලිසියෙන් පෝරියල් කන්න වෙයි කියල නව නිර්මාණ කරන්න ගිහින්. අපි රජයේ කැම්පස් වල ඉගන ගත්ත දේවල් වලට වැඩිය එළියේ ඉන්නව ඉගෙන ගත්තෙම නැති හෝ ප්‍රයිවට් ඩිග්රි කරපු වැඩ්ඩො. සමහර වෙලාවට අපි ඉගෙන ගෙනත් මෙලොව ඉඳන් එලොව පොල් අතගානකොට, එළියේ ඉන්න ඉගෙන ගත්තෙ නැති එකෙක් එක ගැන එක්ස්පර්ට් දැනුමක් තියෙනව. මම මේ කතා කරන්නෙ අලුත් පොල් ගාන මැෂින් එකක් වත් වී කොටන මැෂින් එකක් වත් හදන එක නෙමෙයි, ඒවත් ඕනෙ තමයි. ඒත් මම කියන්නෙ ඇත්තටම අපේ රටට ලොකු වැඩක් වෙන, සල්ලි එන දේවල් ගැන.

පිට රටක අවු: 16 ක වගේ එකෙක් uranium හදල, ඌව පොලිසියෙන් අල්ලල, ඊට පස්සේ ඌට පර්යේෂණ කරන් යන්න කියල උපකරණත් දීල, ආරක්ෂාවත් දීල තියෙන්නෙ. ලංකාවෙ එහෙම උනා නම් ටයර් එකක ඉඳි අළු වෙලා උදේ වෙනකොට ත්‍රස්තක්‍රියා කලා කියල ..

මම කියන්නෙ නෑ යුරේනියම් හදන්න කියල, ඒත් අනිත් රටවල් වල නීත්‍යානුකූලව කරන, ඒ රටවල් ඒ පර්යේෂණ නිසා විශාල විදේශ විනිමයක් හොයන සහ අපේ රටේ වගේ ගොබ්බ රටවල් විසින් නීතිවිරෝදී කියල ලේබල් ගහල තියෙන දේවල් ගැන මම කියන්නෙ.

ඇත්තටම මේව කරගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් ලංකාවෙ නැද්ද? දන්නැති නිසයි අහන්නෙ? දැනට ලංකාවෙ තහනම් කරල තියෙන දේවල් ගැන පර්යේෂණ කරන් යන්න විදිහක් නැද්ද රජය දැනුවත් කරල?

1. න්‍යෂ්ටික පර්යේෂණ.
2. අවි ආයුද පිලිබඳ පර්යේෂණ
3. මගී ගුවන් යානා/ ප්‍රහාරක ගුවන් යානා/ එන්ජින්
පිලිබඳ පර්යේෂණ
4. රොකට්/ එන්ජින්
පිලිබඳ පර්යේෂණ
5. මගී නැව්/ ප්‍රහාරක නැව් පිලිබඳ පර්යේෂණ

මේව මෙහෙම කිව්වම හිතෙන්න පුළුවන් කව්ද යකෝ ඕව දන්නෙ කියල. ඕව සංකීර්ණ වැඩී කියල .. අතේ පිච්චිය නැතුව ඉන්නව ගුවන් යානයක් හදන්න පුළුවන් ද කියල, එහෙම නෑ, තනි පුද්ගලයෙක්ට යන්න පුළුවන් ප්ලේන් හදපු මිනිස්සු, තුවක්කු හදපු මිනිස්සු වැඩිය ඉගන ගත්ත අය නෙමෙයි, ගොඩක් සල්ලි තිබුන අයත් නෙමෙයි ... අනිත් එක සුද්දො ඔය එන්ජින් වගේ දේවල් කෝටි ගණන් වලට විකුනුවට ඒව හදන්න මහලොකු
කොස්ට් එකක් යන්නෙ නෑ. RND කොස්ට් එක එකතු කරලත් අපිට ඕව හදන්න පුළුවන් 1/100 ක කොස්ට් එකට.

මෙහෙම ක්‍රමවේදයක් නැත්තන් අපි මොකක්ද මේක ඇති කරන්න කරන්න ඕනෙ .. කියන්න බලන්න .. රජයට බරක් වෙන්නෙ නැති විදිහක් වෙන්නත් ඕනෙ. කොහොමත් රජයේ සල්ලි නෑනෙ, සල්ලි තියෙන්නෙ උන්ගෙ පොකට් වලනෙ. නැත්තන් සල්ලි දෙන්න වෙයි කියල හිතල උන් කීයටවත් මේවට අවශ්‍ය වටපිටාව හදන්නෙ නෑ.

මගේ ප්‍රශ්නයට උත්තර දෙන ගමන් සංවාදයට විවෘත්තයි ...


 
Last edited:
  • Like
Reactions: Boomslang

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ඔය වගේ දෙයක් එන්න ඔන දේශපාලඥයකුගේ සංකල්පයක් විදියට මිසක් අපි උබ වගේ තර්ඩ් ක්ලාස් මිනිහෙකුගෙන් නෙවයි :lol:
    ඔය කාගෙ කාගෙ හරි සංකල්පයක් විදියට ඔ්කක් ආපු දවසකට කෙරෙයි
    :confused:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,132
    3,986
    113
    ඕකට ඉතින් පාලකයෝ උගත් අය වෙන්න ඕන. අපේ රටේ ඉන්න පාලකයෝ කවුද එච්චර අලුත් දේවල් ගැන උනන්දු?
    අනික තමයි අපේ රටේ එකෙක් හැදුවොත් කොහෙන්ද පිටරටින් ගෙන්නද්දී එන කොමිස් සහ ඒවා අනුමත කරන්න ගිවිසුම් ගහන්න යන රට සවාරි?
    ඇත්ත තත්වය ඕකයි. ඔහොම දෙකට ජාත්‍යන්තර වශයෙන් ගන්න ඕන පර්මිෂන් ගන්න කොලයක් පුරවන්න කැමති එකෙක් ඉන්නවද ඇමති කෙනෙක්? නෑ. ඕන ඕක අල්ලලා දාපන් ලොකු වැඩ නොකර කියල තමයි කියන්නේ.
    කොහොම උනත් පුද්ගලික වශයෙන් පිටරට ඕව කරන විශ්ව විද්‍යාලයකට ගිහින් තමයි කරන්න වෙන්නේ. ඒක ඉතින් රට වෙනුවෙන් නෙවෙයි තමන් ට තියන උනන්දුව සහ තමන්ගේ ආසාව නිසා කරන්න වෙන්නේ.
     
    • Like
    Reactions: sandaru d

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    e athinnam innovators latanam koyi anduwath salakuwe na ban ,balahan ara baby incubate ekata pulse oximeter ekata surgical glows ekata wechcha dee ,mamanam kiyanne hoyala balahan karanna puluwan widihak athi machan
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    e athinnam innovators latanam koyi anduwath salakuwe na ban ,balahan ara baby incubate ekata pulse oximeter ekata surgical glows ekata wechcha dee ,mamanam kiyanne hoyala balahan karanna puluwan widihak athi machan

    අඩුම ගානෙ automated රේල් ගේට්ටුවක් හදන්නවත් අතහිත දෙනවද බන්. කොයි ආණ්ඩුවත් කලේ කොමිස් කුට්ටිය ගහගන්න රටින්ම ගෙන්නපු එක
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔය වගේ දෙයක් එන්න ඔන දේශපාලඥයකුගේ සංකල්පයක් විදියට මිසක් අපි උබ වගේ තර්ඩ් ක්ලාස් මිනිහෙකුගෙන් නෙවයි :lol:
    ඔය කාගෙ කාගෙ හරි සංකල්පයක් විදියට ඔ්කක් ආපු දවසකට කෙරෙයි
    :confused:

    ඔව් බං ඒක තමයි, ඒත් දැන් ඉතින් ඉස්සර වගෙත් නෙමෙයිනෙ බං .. මහින්දගේත් පුතාල ඉන්නව, සිරිසේන ගෙත් පුතෙක් ඉන්නව. උන් එල මීහරක් නෙමෙයි නෙ බං, අපි වගේම තාක්ෂනය එක්ක හැදුනු වැඩුණු පරම්පරාවනෙ .. ඉතින් මුන්ට වත් තේරෙන්නෙ නැද්ද මන්ද ... මිනිස්සුන්ට සල්ලි දෙන්න වත් ෆැසිලිටි හදල දෙන්නවත් ඕනෙ නෑ, උනන්දුව තියෙන එකා ගෙදර වත්තෙ හරි ඕව කරල බලයි. රජ්ජුරුවන්ගේ පුත්තුන්ට මේව ගැන දැනුමක් නැති උනත්, අපි තාක්ෂනය අතින් පර්යේෂණ කරන්න දිරිමත් කිරීමක් වශයෙන් පොඩි මිනිස්සුන්ට අවසර ලබා දෙන්න ඕනෙ කියන එක දැනෙන්න එපැයි ..
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඕකට ඉතින් පාලකයෝ උගත් අය වෙන්න ඕන. අපේ රටේ ඉන්න පාලකයෝ කවුද එච්චර අලුත් දේවල් ගැන උනන්දු?
    අනික තමයි අපේ රටේ එකෙක් හැදුවොත් කොහෙන්ද පිටරටින් ගෙන්නද්දී එන කොමිස් සහ ඒවා අනුමත කරන්න ගිවිසුම් ගහන්න යන රට සවාරි?
    ඇත්ත තත්වය ඕකයි. ඔහොම දෙකට ජාත්‍යන්තර වශයෙන් ගන්න ඕන පර්මිෂන් ගන්න කොලයක් පුරවන්න කැමති එකෙක් ඉන්නවද ඇමති කෙනෙක්? නෑ. ඕන ඕක අල්ලලා දාපන් ලොකු වැඩ නොකර කියල තමයි කියන්නේ.
    කොහොම උනත් පුද්ගලික වශයෙන් පිටරට ඕව කරන විශ්ව විද්‍යාලයකට ගිහින් තමයි කරන්න වෙන්නේ. ඒක ඉතින් රට වෙනුවෙන් නෙවෙයි තමන් ට තියන උනන්දුව සහ තමන්ගේ ආසාව නිසා කරන්න වෙන්නේ.

    ඔව් බන් ඒක ඇත්ත, අනිත් එක හැම පාලයකයගේම තාක්ෂනය එක්ක හැදිලා වැඩුණු ළමයි ඉන්නවනෙ බන් .. උන්ට හොඳටම පුළුවන් රටේ රජපුටුවල ඉන්න තමන්ගෙ තාත්තලට කියල ලංකාවෙ තියෙන තත්වෙ වෙනස් කරන්න .. සල්ලි යොදවන්න දෙයක් නෑ එයාලට .. පර්යේෂණ කරගෙන යන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරල දුන්නනම් හරි. ඒ කියන්නෙ වැඩේ පටන් ගත්ත තැනම පොලිසියෙන් අල්ලන් යන්නෙ නැතුව .. කලින්ම එයාලට අදාළ පර්යේෂණ අවසර ලබා දුන්න නම් හරි ..
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    e athinnam innovators latanam koyi anduwath salakuwe na ban ,balahan ara baby incubate ekata pulse oximeter ekata surgical glows ekata wechcha dee ,mamanam kiyanne hoyala balahan karanna puluwan widihak athi machan

    ඒකනෙ බං .. තාමත් ඒ විදිහටම වෙනවනෙ .. ඉස්සරත් එහෙමයි අදත් එහෙමයි .. අපේ එකා වැඩේ අත ඇරියට පස්සේ ඕකම ගෙනෙයි ලොකු ගානක් සල්ලි දීල ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් .. නෙදකින් මෙහෙම රටක් ...
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    ඕවා ලංකාවට හරි යන්නේ නෑ බන්. කරන එකා කට්ට කාගෙන කරාට අන්තිමේ පසුතැවිල්ල විතරයි ඉතුරු වෙන්නේ. උගත් කමට තැනක් දෙන රටකට ගිහින් කරපන්. උබේ වැඩේට නියම වටිනාකම /පිළිගැනීම ලැබේවි.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හොදම දේ, උබ හදපන් කොන්සෙප්ට් ප්‍රොටොටයිප් හදන දෙයක්. ටීවී චැනල් එකක් අල්ලන් පෙන්නපන්. ඒකට සමහරවිට ලොකල් මාකට් එකේ එකෙක් සෙට් වෙයි ඉන්වෙස්ට් කරන්න. උබ නැශනල් පේටන්ට් එක අරගෙන වැඩේට බැහැපන්. ඔක ඉතින් උබ හදන දේ අනුව තමා. ලන්කාවේඋන් කරනකන් බලන් ඉන්න එපා. උබේ ප්‍රඩක්ට් එක ඉන්ටනැශනල් පේටන්ට් එකට එලිජිබල් නම් ආයේ රටක් ගැන හිත හිත උක උක ඉන්න එපා කෙලින්ම එන ඔෆර් එකකට විකුනපන්. එහෙම කරලා ගොඩ ගිය උන් ඉන්නවා. එහෙම නැතිනම් උබට විකුනන්න අදහසක් නැතිනම් පේටන්ට් එක උබ තියාගෙන කමිශන් එකකට දීපන් මාස් ප්‍රඩක්ට් කරන්න..
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    මම කියන්නෙ ලංකාවෙ හදන්න පුලුවන් හැමදේම හදන්න ඕන.

    ඒත් ඊට වඩා අඩුවෙන් පිටරටින් ගන්න පුලුවන් නම් ඒක පිටරටින් අරන් ඊට වඩා වැඩිපුර සල්ලි හම්බෙන දේවල් ලංකාවෙ හදන්න ඕන

    ඒත් අපේ රටේ වැඩිපුරම කෙරෙන්නෙ ඕකෙ අනික් පෑත්තටත් වෙනස් දේවල්

    වැඩක් නෑ කතාකරල