ලංකාවෙ බිස්නස් කාරයො පිටරට ගියාම.. 🤣🤣

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ ලෙමන් පෆ් කතාව දැක්කාම මීට අවුරුදු තිහකට විතර ඉස්සෙල්ලා, මගේ යාළුවෙකුට සිදු උන සිද්ධියක් මතක් උනා.

    ඒ ගොල්ලෝ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන අලුතම, එයාගේ වයිෆ් ට අසාත්මිකතාවයක් (allergy) ඇතිවෙන්න පටන් ගත්තා. මේකට ප්‍රතිකාර කරද්දී, මේක ඇතිවෙන්නේ කෑමකින් කියලා සැක කරලා, මාසයක් දෙකක් තිස්සේ කෑමට යොදා ගන්නා දේවල් ලියලා, ඇලජි එක ආවාද නැද්ද කියලත් ලියලා වාර්තාවක් හැදුවා.

    "මිරිස් කුඩු" කියන ද්‍රව්‍යය, ඇලජි හැදුන හැම දවසකටම පොදු සාධකයක් වෙච්ච නිසා, මේකට ප්‍රතිකාර ගත්ත "මොනෑෂ්" එකෙන් මිරිස් කුඩු සාම්පලයක් පරීක්ෂා කරලා, ඒකේ තියන වර්ණ කාරකයක් මගින් මේ ඇලජි එක ඇතිවෙනවා කියලා හොයා ගත්තා.

    ලංකාවෙන් ගෙන්නන මේ මිරිස් කුඩු වල, පාං පිටි, ආහාරයට නුසුදුසු වර්ණකාරක වැනි දේවල් තියන බවත් ඒ රිපෝට් එකේ තිබුනා.

    ඒ කාලයේ මෙල්බර්න් වල, ලංකාවේ බඩු ගන්න තිබුනේ "සිංහල කඩ" එකක් හෝ දෙකක් පමණයි. (දෙකේම හිමිකරු එක්කෙනක්) ඒ නිසා, මේ කියන කඩයට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු නොකර, මේ නිෂ්පාදකයාගෙන් මිරිස් කුඩු නොගෙන්වන බවට ලැබුන පොරොන්දුවක් මත වැඩේ නිමා කළා.
     
    • Like
    Reactions: RLT4U