ලංකාවෙ යල් පැනපු සංස්කෘතික අංග

jusi

Well-known member
  • Sep 2, 2012
    902
    769
    93
    1. ඉස්සර ගෑණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ, ගෑණු දරුවෙක් මල්වර උනාම, ඇය දීගෙක යන්න සුදුසුයි කියලා ගම් පළාත දැනුවත් කරලා, ඉක්මනට මනමාලයෙක් හොයාගන්න ඕනේ නිසා, මල්වර වීම ගම් හතටම කියලා සැමරුවා. එහෙම වදෙන් පොරෙන් ගෑණු බන්දන්න වුවමනාවක් නැති වර්තමානේ තාමත් ඉහලින් කොටහළු මගුල් සමරන්නෙ "ඇයි?"
    මෙකටනම් හෙතුව නම් මන් හරියටම දන්නේ නෑ..පවුලෙ ඉන්න ඔක්කොම ගෑනු ලමයි මට වඩ වඩිමල් අය.. මන් එ නිස කොටහලු ගෙඩරක් දැකල නෑ

    2. වෙල් උඩින් පැනගෙන එන මනමාලයගේ කකුලේ ගෑවුනු මඩ එදා හෝදපු පුරුද්දට අද ෆුල් සූට් ගහලා බෙන්ස් එකේ බහින මනමාලයගේ කන්නඩිය වගේ පොලිෂ් කරපු සපත්තුවට වතුර වක් කරන්නෙ "ඇයි"?
    ඔක කරන්නෙ වෙල් උඩින් පනගෙන අන අයගෙ මඩ ගැවෙන නිස නෙමෙයි.. රයජවරු අශ්වයන් පිටෙ ගියෙ.. කරත්ත... දෝලාවල..එයලගෙත් ඕක කලා.. නිකන් වෙලවටත්.. අනික ඉස්සර හැම කෙනගෙම ගෙවල් විතිබ්බෙ වෙලක් මැද නෙමෙඉ.. ඔක අවිල්ල ගෞරව කරල පිලිගන්න එක සම්ප්‍රදායක්.. එක මනලමාලි ගෙ මල්ලි කෙනෙක් කරන්නෙ.. පිලිගන්න එයාව..දැන් කලෙ නම් සපත්තුව උඩට වතුර දාන එකනම් ගොන් වැඩක්.. මමනම් සපත්තුව ගලෙව්ව මගෙ කකුල හොදනකොට..

    3. ඉස්සර ගෙවල් වල මගුල් ගන්න කාලෙ මනමාලයා ඇවිත් එදාම මනමාලිව ගෙදර එක්කන් යන හින්දා ගෙවල් දෙකේම සමරපු මඟුල, සති ගණන් හනි මූන් ගිහින් වෙනම පදිංචියට යද්දිත්, Wedding/Homecoming කියල හෝටල් දෙකක පළවෙනි දවස සහ දෙවැනි දවස කියල සමරන්නෙ "ඇයි?"
    ඉස්සර දවසෙන් කලෙ.. එක එක එක ප්‍රඩෙශ වල චරිත්‍ර අනුව.. ඩවස් 7ක් මගුල් කනව කියල අහල තියනව..මගෙ තත්ත කිවෙ මගුලට කලින් දවසෙ ඉදන් මගුල් කියල, ඉට පඩහුවෙනිද් උදෙ මනමාලය අවිත් පොරුවෙ වැඩ කරල දවල්ට කාල පිටත් වෙනව කියල.. homecoming එක තිරනය වෙන්නෙ ෛඉතින් මනමලයගෙ ගෙදරට යන්න ගත වෙන කලය අනුව.. මෙව අද කලෙ උත්සව ශලා වලට අවිත් තියෙන්නෙ ගෙවල් වල ඉඩ මදි නිසා.. ඉන්න සෙනග ඔක්කොටම එන්න කියන්න අමාරු නිසා..ඉස්සරනම් මදුසමය කියල වෙන කොහෙවත් ගියෙ නැ.. එක ඉතින් දැන් කලෙ අයගෙ කැමත්ත.

    4. ඉස්සර පඩිපෙළ වගේ ළමයි ඉන්න පවුලේ වයසින් වැඩි වැඩිමහල් දරුවො ඔක්කොම බැඳලා වෙන් වෙලා ගිහාම ගෙදර ඉතුරු වෙන පොඩිම එකා (බඩපිස්සා) දෙමව්පියො බලාගන්න මහ ගෙදර නවතින නිසා මහ ගෙදර අයිතිය ඉස්සර කාලෙ පොඩි පුතාට දුන්නා. මේ කාලෙ දෙමව්පියෝ ලොකු දුව ළඟ ඉඳිද්දිත් පිටරට ඉන්න පොඩි පුතාගෙ තනි අයිතියට මහ ගෙවල් ලියන්නේ "ඇයි?"
    පවුලෙ බාලයට දෙන්නෙ එයා තම අම්මලව අන්තිම වෙනකන්ම බලගන්න ඉතුරුවෙන නිසා කියන එක හරි.. ඔය කියන කාරනෙදි ගොඩක් ලන්කවෙ අය බලනෙ දේපල පිට යනව කියන කාරනව.. දුවට ලිව්වට අන්තිමට එවයෙ උරුමක්කරයො පිට පවුලක කෙනෙක් කියල මිනිස්සු හිතනව.. එකනෙ ඔය කුරුනෑගල පත්තෙ නෑනලා මස්සිනාල ගොඩක් විවාහ වෙන්නෙ..

    5. ඉස්සර මිනිස්සු ගමන් බිමන්වලට පාවිච්චි කලේ ගොං කරත්ත. ගොඩක් ගමන් කලාම ගොනාගෙ කකුල්වල කුර තුවාල වෙනව. ඒව පැසවල තුවල වැඩි වෙනව ගමන් කරනකොට විශබීජ ඇතුල් වෙලා. ඒක නිසා ඉස්සර ගොං කරත්තයක් ගමනක් යන්න කලින් ගොං කුරවලට පෑගෙන්න දෙහි ගෙඩියක් තිබ්බ, විශබීජ විනාශ වෙලා තුවාල හොද වෙන්න. දැන් කාලේ වාහනයක් අරන් ඉස්සෙල්ලාම පුරුද්දට රෝදවලට දෙහි ගෙඩි යට කරන්නෙ "ඇයි?"
    මෙකට උත්තරය හරියටම දන්නෙ නෑ... ඔය කියන කාරනව වෙන්නත් පුලුවන්.. නැත්නම් හින්දු ආගමික ආභාශයක් නිස ලැබුන දෙයක් වෙන්නත් පුලුවන්.. කියන්නෙ ඇස්වහ කටවහ දුරුවෙන්න කියලනෙ..

    6. ඉස්සර ගෑණු අය රස්සා නොකර ජීවිත කාලෙම සැමියාගෙන් යැපෙන නිසා බැඳලා යද්දී ගොඩ මඩ, ලී බඩු ටිකක් එක්ක පිට කරපු එක අද රස්සාවල් කරන ගෑණු බඳීද්දීත් හොයන දෑවැදි හොයන්නේ "ඇයි?"
    ඉස්සර යුරොපෙ (දැනට සමහර මැදපෙරදිග ටරටවල්) තිබුනෙ පිරිමිය ගිහින් ගැනු ලමයගෙ තාත්තාට තමුන්ගෙ වත්කම පෙන්නල.. ආභරන පෙන්නල.. දුවව ඉල්ලගෙන අපු එක.. කැමති උනත් අකමැති උනත් එ කෙල්ල.. ඔක පසු කාලිනව දුවව විකුනනව වගෙ ගතියක් තිබුන නිස නැතිවෙලා ගිය.. පියගෙ අවරසර ලබුනම කොල්ල ගිහින් මුලින් මුද්දක් දැම්ම... එක තම එන්ගෙජ්මන්ට් මුද්ද.. අසියාව ගොඩක් රටවල් කලේ ඉට වෙනස් දෙයක් .. පෝරුවෙදි තමා සන්කේතක්මකව මාලයක් හරි ලකුනක් දැම්මෙ.. අසියවෙ මගුලට මුදු දැම්මෙ නෑ.. තැල්ල හරි.. නලල් පට තමා දැම්මෙ .. මනමාලයගෙන් දේවල් ගන්නව වෙනුවට මනමාලිගෙ ගෙදරින් දෙවල් දුන්නා ...කෙල්ල ගිහින් නිකන් ඉන්න නිසා නෙමෙයි.. මෙයාව අපිට වැඩි නෑ.. වටිනව කියල පෙන්වන්න.. කාලිනව ඔව ඉතින්.. මනමාලයගෙ අඩුපාඩු මකාගන්න පවිච්චි කලා.. ඉන්දියවෙ වාහනයක් දෙන්නම ඔනේ මගුල කරන්න දෑවැද්දට..

    මෙක මන් දැම්මෙ මගෙ දැනුම බෙදාගන්න,, රන්ඩු වෙන්න නෙමෙයි,, වෙනස් අදහසක් දරනවනම්.. කියන්න.. දැනුම බෙදාගමු
     
    Last edited:

    sahases

    Well-known member
  • Dec 20, 2022
    367
    300
    63
    සහසැස්
    ඔයාලත් මේ දේවල් කරන්නේ ඇයි කියල හේතුවක් දැනගෙනද?

    1. ඉස්සර ගෑණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ, ගෑණු දරුවෙක් මල්වර උනාම, ඇය දීගෙක යන්න සුදුසුයි කියලා ගම් පළාත දැනුවත් කරලා, ඉක්මනට මනමාලයෙක් හොයාගන්න ඕනේ නිසා, මල්වර වීම ගම් හතටම කියලා සැමරුවා. එහෙම වදෙන් පොරෙන් ගෑණු බන්දන්න වුවමනාවක් නැති වර්තමානේ තාමත් ඉහලින් කොටහළු මගුල් සමරන්නෙ "ඇයි?"

    "ඉස්සර ගෑණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ" - ඒ ඔබ දකින විදිහ, අතීතයේ දැනටත් වඩා වැඩි ජනගහනයක් ස්වදේශික ජනතාවම පමණක් ලංකාවේ ජීවත්වුන කාල පරිච්ඡේද බොහොමයක් තිබිලා තියනවා. අද නගරබද මජර ක්‍රමවේදය හැරුණම දැන් ගේ ඇතුළට රිංගගෙන ඉන්නවා වාගේ නෙවෙයි සරලව ගැහැණු දරුවෙක් ගෙදර වැඩපල, මෙන්ම වසර පුරාවට අවට ජනතාව සහභාගී වන කුඹුරු, හේන් හෝ වෙනත් බෝග වගා කටයුතු වලට සහාය දීම හා කාන්තා පාර්ශ්වයෙන් පමණක් ඉටුවන කාර්යයන් (උදා. ආහාර පාන පිසීම, රැගෙන යාම, පිරිමි හා වැඩිහිටි පාර්ශ්වයන්ට පිළිගැන්වීම) ආදියට දායකත්‍වය මැනවින් ලැබුණා. එමෙන්ම තමන්ගේ දෙමාපියන් කිසියම් කර්මාන්තයක නියැලී සිටිනවා නම් අදාළ පොදු ස්ථානවලට ඇතැම්විට දරුවන්ගේ පැමිණීම සිදුවුනා. අද දෙමාපියන් රැකියාවල නිරතව සිටින කාර්යාල වලට දරුවන් පැමිණීම ඉතා අඩුයිනේ සහ එතැනට එන්නෙත් ඉක්මනට ගෙදර යන්න බලාගෙන මිස එතැනදී දෙමාපියන්ගේ විෂය දැනුම දරුවාගේ ඔලුවට යන්නේ නැහැ.
    තවද, දරුවන්ගේ හා තරුණ තරුණියින්ගේ වයස් කාලය/සීමාව අද වගේ පීඩිතව පාසැල් හා සරසවි කාලයට සිරවී තිබුණේ නැහැ. බොහොම සැහැල්ලු ජීවිතයක් තිබුණ බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙනවා. අද නාන්නවත් ඇළකට, ගඟකට යන්නේ නැහැනේ. තිබෙන ඇලවල් පවා වල් වැදිලා ගොඩවෙලා ගිහින්.

    ඒ වගේම අතීතයේ විවිධ කාල පරිච්ඡේද වලදී දරුවන් අධ්‍යාපනය ලැබූ ආකාරයෙහි සුළු වෙනස්කම් පැවතුන ද අදට වඩා ඉහළ අධ්‍යාපනයක් දෙමාපියන් යටතේ (ඔවුන්ගේ ශිල්ප හෝ කර්මාන්ත) හෝ ගුරුවරයෙක් යටතේ පිරිමි ගැහැණු දෙපිරිසම ඉගෙනීම් කටයුතුවල නිරත වුනා. ඉතිං අරාබියේ වාගේ ගැහැණු පාර්ශ්වයට සීමා මායිම් යොදන හෝ ගෙවල් ඇතුලේ තබන ක්‍රමවේදයක් හෝ අනෙකුත් බටහිර රවවල මෙන් අපිළිවෙලක් ආසියාවේ තිබුණේ නැහැ. ඉහළ සාදාචාරාත්‍මක බව හා සංස්කෘතියට උපරිමයෙන් ගරු කිරීම අනවබෝධයෙන් දැකීම නිසා ඔබලා හෝ ඇතැම් අය ගෙවල් වලටම කතන්දරයක් කියන්න දඟලන්නේ, ඒ කාලයේ සාමාන්‍යයෙන් දෙමාපියන් තමයි විවාහයට සුදුසු පුද්ගලයින් සොයා දීම සිදුකළේ. දරුවා කැමති නම් විවාහය සිදුවුණා. ඒ අතර අද පවා ඉඳහිට දකින්න තිබෙන බලෙන් විවාහ කර දෙන අවස්ථා ද තිබුණා.

    මල්වර මංගල්‍ය පිළිබඳව පැහැදිලි කරන්න බොහෝ දේ හා ඔබ නොදන්නා දේවල් තිබෙනවා. නමුත් එක දෙයක් කියන්නම්, අද ලිංගික අධ්‍යාපනයකට මැරෙන්න දඟලනවානේ. අපගේ ක්‍රමයට අනුව ගැහැණු පාර්ශ්වයට ඉහළ වටිනාකමක් හා උත්තරීතර තත්‍වයක් ලබා දෙන අතරම මෙමගින් සංස්කෘතික ක්‍රමවේදයකට ගෞරවනීය අන්දමින් ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම සිදුවුණා.

    අද බහුතරයක් තරුණයින්ගේ මානසිකත්‍වය දූෂිත වීම මත ඕනෑම ලස්සන ගැහැණු දරුවෙක් දුටුවිට පට්ට කෑල්ලක්, බඩ්ඩක්, පට්ට කඳක් යැයි කීම හෝ පහත් කොට සැලකීම සුලබව දකින්න තිබෙනවා. ඒ වගේම නිතරම ලිංගික අසහනයකින් ඔවුන් දෙස බැලීම අද සමාජයේ දකින්න තිබෙන දෙයක්. නමුත් එදා මෙවැනි සංස්කෘතිකාංග දැකීම සහ පරිසරය මත තරුණයින්ගේ සිත්වල ඔවුන් පිළිබඳව ගෞරවයක් තිබුණා. හිතවත්කමකට සන්නිවේදනයේ දී පවා සැකක් බයක් ඇති කිරීමට මේ සමස්ත පරිසරයම උපකාරී වුණා. ඒ වගේම ගැහැණු දරුවන්ට ගෞරවනීය සමාජ තත්‍වයක් තිබුණ නිසා ඔවුන් තමන් නොවටිනා සෙල්ලම් බඩුවක් යැයි හැඟීමක් ඇති වීමට හේතු සාධක තිබුණේ නැහැ. එබැවින් කෙටියෙන් පැවසුවොත් තමන්ගේ තත්වේ රැකගෙන ඉන්න සෑම විටම උත්සාහ කළා.

    තවද, දැන් ඉන්න එකාලගේ ගොං වැඩ හන්දා ඔබ ඉහත පැවසූ අනෙක් දෑ පවා හෑල්ලුවට ලක්වීම අරුමයක් නොවෙයි.
     
    Last edited: