ලංකාවෙ වත්මන් රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශය අතර වෙනස

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මචංල මම මේක කියන්න හිතුවෙ මේ කාලෙ ගොඩක් දෙනෙක් (වර්තමාන ආණ්ඩුවද ඇතුළුව) රාජ්‍ය සේවකයින් රටට බරක්.. 80%ක් රට කෑවෙ රාජ්‍ය සේවය.. වගේ කතා කියන නිසා සහ බහුතරයක් රාජ්‍ය සේවකයින් ගැන පිටස්තර අයට යම් අවබෝධයක් ලබාදෙන්න..
    ඇත්තටම ගොඩක් දෙනෙක් කතාවෙන දෙයක් තමයි රාජ්‍ය සේවකයින් කියන්නෙ අඩු වැඩ කොටසක් කරල වැඩි වරප්‍රසාද ලබන කොට්ඨාසයක් කියන එක..
    ඒකෙ ඇත්තක් නැත්තෙමත් නෑ.. ඒත් අද වෙනකොට අක්‍රමවත් බඳවාගැනීම් නිසා ඒ වරප්‍රසාද බොහෝ ප්‍රමාණයක් කප්පාදු වෙලා වගේම රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙන්නත් බලපාල තියනව.. :rolleyes:
    හරි දැන් අපි බලමු කොහොමද එකම මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් තියන දෙන්නෙක් රාජ්‍ය හා පෞද්ගලික අංශ වල රැකියාවලට ගියොත් ඒ දෙන්නට හිමිවන දේවල් ගැන..
    ඒ සුදුසුකම සාමාන්‍ය උපාධිය කියල ගත්තොත් එයාලට රාජ්‍ය අංශයෙ සංවර්ධන නිලධාරී (අභාසලාභී පදනමින්), කළමනාකරණ සේවා නිලධාරී (උසස් පෙළ සමඟ තරඟ විභාගයකින්) වගේ තනතුරු වලට අයදුම් කරන්න පුළුවන්.. (උපාධිය ගත්ත ක්ෂේත්‍රය අනුව තවත් සීමිත තරඟ විභාග වලට අයදුම් කරන්න පුළුවන්.. ex: ගණිතය විෂය ආශ්‍රිත උපාධියක්නම් සංඛ්‍යාලේඛන නිලධාරී) :)
    පෞද්ගලික අංශය ගත්තොත් production executive, branch officer, account assistant, business development executive වගේ විවිධ රැකියාවලට අයදුම් කරන්න පුළුවන්..
    ඉතිං මේ වෙනකොට රාජ්‍ය අංශයෙ ඉහත තනතුරු වල ආරම්භක වැටුප සාමාන්‍යයෙන් රු.36,000ත් 41,000ත් අතර (සියළු දීමනා ඇතුළත්ව)..
    එතකොට පෞද්ගලික අංශයෙ රු. 30,000ත් 60,000ත් අතර වගේ..
    ඒත් වෙනස තියෙන්නෙ මෙතනයි.. රාජ්‍ය අංශයේ අවුරුද්දකට වැටුප් වර්ධකය රු. 100ත් 300ත් අතර වගේ..
    එතකොට පෞද්ගලික අංශයෙ වැටුප් වැඩිවීම වාර්ෂිකව නොවුනත් ස්ථිර වීම සහ උසස්වීම් අනුව විශාල වශයෙන් වෙනස් වෙන්න පුළුවන්.. ;)
    ඉතිං අපි හිතමු ඉස්සෙල්ල කතාකරපු දෙන්නම රු. 40,000ක ආරම්භක වැටුපකට එක්කෙනෙක් රාජ්‍ය අංශයටත් එක්කෙනෙක් පෞද්ගලික අංශයටත් ගියා කියල.. එහෙම ගත්තම අවුරුදු පහක් අවසානයේ මේ දෙන්නගෙ වැටුප පහල වගේ කියල අනුමාන කරන්න පුළුවන්..
    රාජ්‍ය: 40,000 + 100 + 200 + 300 + 125 + 125 = රු. 40,850
    පෞද්ගලික: 40,000 + 0 + 0 + 25000 (after probation and get permanent) + 5000 + 7500 (with promotion) = රු. 77,500

    හරි දැන් බලමු මේ දෙගොල්ලන්ගෙ දීමනා ගැන..
    රාජ්‍ය අංශයෙ කෙනෙක්ට විශ්‍රාම වැටුප (අවසන් මූලික වැටුපෙන් 2/3ක ප්‍රමාණයක්) හෝ සේවක අර්ථසාදක අරමුදලේ සාමාජිකත්වය හෝ ඒ දෙකම (රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල අනුව වෙනස් වේ).. අග්‍රහාර රක්ෂණය, නිවාඩු (වසරකට අනියම් 21 සහ ලෙඩ නිවාඩු 24), දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (වසරකට කට්ටල 3) සහ විවිධ ණය පහසුකම් හිමිවෙනව..
    පෞද්ගලික අංශයෙ කෙනෙක්ට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය, (පිළිගැනීමක් ඇති ආයතනයක නම්) රක්ෂණ ප්‍රතිලාභ, බැංකු ණය පහසුකම්, වසර අවසාන දීමනා, හෝටල් සවාරි/විනෝද චාරිකා වගේ දේවල් හිමිවෙනව.. ඒත් සාමාන්‍යයෙන් නිවාඩු රාජ්‍ය සේවයට සාපේක්ෂව අඩුයි (තිබුනත් ගන්න ලේසි නෑ) ;)

    ඉතිං ඔය සාධක සලකල බලනකොට රාජ්‍ය සේවකයෙකුට සාපේක්ෂව පෞද්ගලික අංශයෙ සේවකයෙක්ට අවුරුදු 3ක් 4ක් රැකියාව කලාට පස්සෙ තමන්ගේම නිවසක් හදන්න වාහනයක් ගන්න හැකියාව ලැබෙනව.. ඒ වගේම අවුරුදු 5ක විතර සාර්ථක සේවා කාලයකින් පස්සෙ වැඩි වැටුපකට වෙනත් ආයතනයක රැකියාවකට අයදුම් කිරීමේ අවස්ථාවත් ලැබෙනව :D

    ඒත් ඔය තනතුරු වල රාජ්‍ය සේවකයින්ට අවුරුදු 10ක් 20ක් ගියත් යන්න වෙන්නෙ බස් වල, දුම්රියේ හෝ යතුරු පැදියක තමයි (පවුලේ ආදායම් තත්වය අනුව)..
    සමහර සේවා ස්ථාන වල වැඩ අඩු උනත් සමහර සේවා ස්ථාන වල පෞද්ගලික අංශයෙ වගේම වැඩ තියනව..

    මම ඔය කිව්වෙ පොදුවෙ කර්යාලගත සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන් ගැන විතරයි.. විධායක සේවාවල නිලධාරීන් මීට වඩා වැඩි වැටුප් සහ දීමනා ලබනව (ex: නිල වාහන, දුරකතන දීමනා වගේ).. එතකොට වසම් වලට අනුයුක්ත නිලධාරීන් ඉන්නව හරිහමං සේවා ව්‍යවස්ථාවත් නැති සතියට දවසක් පමණක් කාර්යාල වලට වාර්තා කලයුතු සහ වසම් වල ක්ෂේත්‍ර රාජකාරි කරන (පහුගිය කාලයේ අක්‍රමවත් බඳවාගැනීම් වල ප්‍රතිඵල ලෙස)..
    ඊටපස්සෙ ලාබලබන රාජ්‍ය ආයතන සහ මණ්ඩල (ජා. ජල සම්පාදන මණ්ඩලය, රේගුව, ටෙලිකොම්, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි) වල සේවකයින්ට මීටවඩා ඉතා ඉහල වැටුප් සහ දීමනා ලැබෙනව (සාමාන්‍ය ලිපිකරුවෙක්ට මාසිකව රු. 75,000ක පමණ වැටුපක්).. :baffled:

    අනිත් පැත්තට සමහර පෞද්ගලික ආයතන වල සේවකයින්ටත් බොහෝ ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනව (හදිසියේ සේවයෙන් ඉවත්කිරීම, ප්‍රමාණය ඉක්මවා වැඩ ගැනීම සහ ආයතන පරිපාලනයෙන් සිදුවෙන විවිධ පලිගැනීම් වැනි)

    ඉතිං මමත් පිළිගන්නව ලංකාවෙ රාජ්‍ය සේවයට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් යටතේ ඉක්මන් සංශෝධනයක් අවශ්‍යයි කියල.. ඒ වගේම සියළු රාජ්‍ය ආයතනවල සම තනතුරු වල වැටුප් සමාන කරල සේවා ඵලදායීතාව සහ කාර්ය සාධනය අනුව වැටුප් වැඩිවීම් සිදුකිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ඒක තමයි සුදුසු..
    මේව කරන්න ඉතිං කිසිම පාලනයකට අවශ්‍යතාවයක් නැති නිසා තමයි රාජ්‍ය සේවය ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට ලක්වෙන්නෙ :baffled:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    🤣🤣🤣 උබ කම්පැනි, ෆැක්ටරි ගැන මොනවත් දන්නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    Good post මචන්.

    මටනම් මිනිස්සු කොච්චර පඩිගත්තත් කමක් නෑ. ඒකට හූල්ලනවා කියන්නේ උන්ගේ නොහැකියාව. බලහන් දැන් 45000 විතර අරන් මොන ලබ්බක් කරන්නද.
    මිනිස්සු කතාකරන්නේ හැබැයි පඩිය ගැනනම් නෙමේ. හැම වේලේම චෝදනා එල්ල කරන්නේ වැඩ කරන්නේ නෑ කියන එක.

    ඔකට එක හෝතුවක් තමා කොච්චර මිනිස්සු හිටියත් වැඩකරන්නේ ටික දේනයි. වැඩක් තේරේන්නේ ටික දේනාටයි. ඔක රජ්‍ය අන්ශයට විතරක් නෙමේ පවුද්ගලික උන්ටත් තියනවා. හැබැයි උන් එක්ක මිනිස්සු නිතර ගැටේන්නේ නැති නිසා ලොකුවට පේන්නේ නෑ. ඒත් අයතිනක වශයේන් සේවකයින් අතර ඔය ප්‍ර්ශ්න තියනවා. රජ්‍ය සේවය ගත්තහම උන් රටටම සේවය සපයනවා ඒක නිසා මුලු රටම උන් ගැන කතාකරනවා.

    රාජ්‍ය සේවය ගත්තොත් පෙලක් තැන් තියනවා කොච්චර වේගෙන් වැඩකරත්. වැරදුනොත් ප්‍ර්ශ්න දාහකට විතර උත්තර බදින්න වෙනවා. ගනදේනුවකදී මුදලක් වැරදුනොත් අනිවාර්‍යයෙන් අතින් ගෙවන්න වෙනවා no option මචන්. හැබැයි පවුද්ගලික උන්ට මොකක් හරි ගේමක් ගහගේන ශේප් කරගන්න ඔනේ තරම් අවස්තාව තියනවා.

    ඔය බනින හුගක් උන් බනින්නේ කිසිම අවබෝදයක් නැතිව. බහුතරයක් තමන් ගැන විතරයි හිතන්නේ.

    මම රජයේ සේවකයේක් නෙමේ. :lol: :lol::lol:
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    private sector eka gana meeta wada hoyala balanna a wagema government sector eka ganath thawa tikak hari vidihata hoyala balanna a wagema depaththema productivity, work stress, workload, pressure, facilities, loan rates, holydays, salary deductions, no pay, pandemic response,chanda porondu walin wadi wena salary,strike, ot, bata, ...etc balanna
    it is pointless comparing private sector employee with government sector employee
     
    • Like
    Reactions: pasansnoop

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    38000 ක් ජීවත් වෙන ඇතිද ?? මේක තමයි නෝමල් පඩිය ගොඩක් අයගෙ.සමහර අයගෙ මීටත් වඩා අඩුයි... :(
     
    Sen-lu

    Well-known member
  • Good post මචන්.

    මටනම් මිනිස්සු කොච්චර පඩිගත්තත් කමක් නෑ. ඒකට හූල්ලනවා කියන්නේ උන්ගේ නොහැකියාව. බලහන් දැන් 45000 විතර අරන් මොන ලබ්බක් කරන්නද.
    මිනිස්සු කතාකරන්නේ හැබැයි පඩිය ගැනනම් නෙමේ. හැම වේලේම චෝදනා එල්ල කරන්නේ වැඩ කරන්නේ නෑ කියන එක.

    ඔකට එක හෝතුවක් තමා කොච්චර මිනිස්සු හිටියත් වැඩකරන්නේ ටික දේනයි. වැඩක් තේරේන්නේ ටික දේනාටයි. ඔක රජ්‍ය අන්ශයට විතරක් නෙමේ පවුද්ගලික උන්ටත් තියනවා. හැබැයි උන් එක්ක මිනිස්සු නිතර ගැටේන්නේ නැති නිසා ලොකුවට පේන්නේ නෑ. ඒත් අයතිනක වශයේන් සේවකයින් අතර ඔය ප්‍ර්ශ්න තියනවා. රජ්‍ය සේවය ගත්තහම උන් රටටම සේවය සපයනවා ඒක නිසා මුලු රටම උන් ගැන කතාකරනවා.

    රාජ්‍ය සේවය ගත්තොත් පෙලක් තැන් තියනවා කොච්චර වේගෙන් වැඩකරත්. වැරදුනොත් ප්‍ර්ශ්න දාහකට විතර උත්තර බදින්න වෙනවා. ගනදේනුවකදී මුදලක් වැරදුනොත් අනිවාර්‍යයෙන් අතින් ගෙවන්න වෙනවා no option මචන්. හැබැයි පවුද්ගලික උන්ට මොකක් හරි ගේමක් ගහගේන ශේප් කරගන්න ඔනේ තරම් අවස්තාව තියනවා.

    ඔය බනින හුගක් උන් බනින්නේ කිසිම අවබෝදයක් නැතිව. බහුතරයක් තමන් ගැන විතරයි හිතන්නේ.

    මම රජයේ සේවකයේක් නෙමේ. :lol: :lol::lol:
    ඔව් අත්දැකීමෙන් දන්නව පුද්ගලික අංශයත් ඔය කියන තරම් නම් කාර්යක්ෂමනෑ ලංකාවෙ. ඒවත් එක්ක වැඩක් කරන්න ගියාමනෙ තේරෙන්නෙ.

    රජයේ නාකි සෙට්එක නම් වැඩක්ම නෑ ආයෙ බොරුකියන්න ඕන නෑ නෙ. හැබැයි හොඳ සිස්ටම් එකක් දුන්නොත් අපේ පුද්ගලික අංශයේ අයටත්වඩා හොඳට වැඩ කරන්න පුළුවන් තරුණ අයව මම දැකල තියෙනව.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    පෞද්ගලික: 40,000 + 0 + 0 + 25000 (after probation and get permanent) + 5000 + 7500 (with promotion) = රු. 77,500
    pissuda bn, mehema wenawanam marune
    mama me dawas kihipekata kalin lankawe prasidda private company ekaka warehouse ekakata visit kala. eke warehouse wala manager widiyata inna ekata padiya 35000 for 15 years. 10years thisse kisima increment ekak na. nikan clark wage inna unta 25i. driver lata 15i and they are working for 10 years. dan wayasa nisa wena ekakata yanna baruwa innawa.
    5 years walin passe 25000 increment hambenna join une starting salary 100,000 wage job ekakata wennathi.
     
    • Like
    Reactions: pasansnoop

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ඔව් අත්දැකීමෙන් දන්නව පුද්ගලික අංශයත් ඔය කියන තරම් නම් කාර්යක්ෂමනෑ ලංකාවෙ. ඒවත් එක්ක වැඩක් කරන්න ගියාමනෙ තේරෙන්නෙ.

    රජයේ නාකි සෙට්එක නම් වැඩක්ම නෑ ආයෙ බොරුකියන්න ඕන නෑ නෙ. හැබැයි හොඳ සිස්ටම් එකක් දුන්නොත් අපේ පුද්ගලික අංශයේ අයටත්වඩා හොඳට වැඩ කරන්න පුළුවන් තරුණ අයව මම දැකල තියෙනව.
    කාර්යක්ෂම නැති අය ඕන තරම් ඉන්නවා. හැබැයි එ අයව තියාගන්නේ නැ Private sector එකේ. වැඩ අවුල් performance මදි නම් අයින් කරන්වා. Gov job වල එහෙම අයින් කරන්වා ද? මන් දන්න තරමින් නැ. අනිත් එක salary නිකන් වැඩි වෙන්නේ නැ. Performance අනුව වැඩි කරන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    සිංගප්පූරුවේ 60% ගානක් තියෙන්නේ රාජ්‍ය අංශයේ දායකත්වය ලු. රියල් පාලකයෝ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් එහෙ හදපු හින්දා රට ගොඩ ගියා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    🤣🤣🤣 උබ කම්පැනි, ෆැක්ටරි ගැන මොනවත් දන්නෑ.
    machan mama pvt sector positions tika examples widiyata damme.. don't confuse
    ඔව් අත්දැකීමෙන් දන්නව පුද්ගලික අංශයත් ඔය කියන තරම් නම් කාර්යක්ෂමනෑ ලංකාවෙ. ඒවත් එක්ක වැඩක් කරන්න ගියාමනෙ තේරෙන්නෙ.

    රජයේ නාකි සෙට්එක නම් වැඩක්ම නෑ ආයෙ බොරුකියන්න ඕන නෑ නෙ. හැබැයි හොඳ සිස්ටම් එකක් දුන්නොත් අපේ පුද්ගලික අංශයේ අයටත්වඩා හොඳට වැඩ කරන්න පුළුවන් තරුණ අයව මම දැකල තියෙනව.
    govt samahara naki ayath innawa ban hodata speed wedakarana.. eth yalpenapu old system eka nisai govt service walapallata yanne :oo:
    pissuda bn, mehema wenawanam marune
    mama me dawas kihipekata kalin lankawe prasidda private company ekaka warehouse ekakata visit kala. eke warehouse wala manager widiyata inna ekata padiya 35000 for 15 years. 10years thisse kisima increment ekak na. nikan clark wage inna unta 25i. driver lata 15i and they are working for 10 years. dan wayasa nisa wena ekakata yanna baruwa innawa.
    5 years walin passe 25000 increment hambenna join une starting salary 100,000 wage job ekakata wennathi.
    machan mama kiyala thiyenne pvt sector reputed company gena witharai.. mamath issara higana ewai work kala 8,000 salary :(
    කාර්යක්ෂම නැති අය ඕන තරම් ඉන්නවා. හැබැයි එ අයව තියාගන්නේ නැ Private sector එකේ. වැඩ අවුල් performance මදි නම් අයින් කරන්වා. Gov job වල එහෙම අයින් කරන්වා ද? මන් දන්න තරමින් නැ. අනිත් එක salary නිකන් වැඩි වෙන්නේ නැ. Performance අනුව වැඩි කරන්නේ.
    e wage system ekak tamai man kiyanne govt service walatath one
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ඔව් අත්දැකීමෙන් දන්නව පුද්ගලික අංශයත් ඔය කියන තරම් නම් කාර්යක්ෂමනෑ ලංකාවෙ. ඒවත් එක්ක වැඩක් කරන්න ගියාමනෙ තේරෙන්නෙ.

    රජයේ නාකි සෙට්එක නම් වැඩක්ම නෑ ආයෙ බොරුකියන්න ඕන නෑ නෙ. හැබැයි හොඳ සිස්ටම් එකක් දුන්නොත් අපේ පුද්ගලික අංශයේ අයටත්වඩා හොඳට වැඩ කරන්න පුළුවන් තරුණ අයව මම දැකල තියෙනව.
    දැන් account වලටනම් අලුත් system එකක් එනවා. මේ දවස්වල පුරුදු කරනවා. Water board , CEB එහෙමත් දන්න උන් ඉන්නව system develop කරන්න වෙනමම අරගේන.
    උබ කියන කතාව හරි පරන අයට අලුත් system වල වැඩ කරන්න ටිකක් අමරු ඇති. හැබැයි උන්ගේ experience එක වටිනවා.
    මේක මචන් ලේසි නෑ. මේ ඇමතියලා පගාකාරයෝ එක්ක ලේසිනෑ මේක ගොඩ ගන්න. යන්තන් ඔලුව උස්සන්න හදනකොට කොහෙවත් නැති සෙට් එකක් ගෙනත් අත අරිනවා. වැඩ කරන උන් ඔක්කොම අනාතයි. දැක්කනේ මේ පාර job දීපු සෙට් එක. හැබැයි මිනිස්සු බලාපොරොත්තු වෙන වේගෙට වඩා අඩුවෙන් හරි උන් පොඩ්ඩ පොඩ්ඩ නැගිටිනවා.
     
    • Like
    Reactions: pasansnoop

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    pissuda bn, mehema wenawanam marune
    mama me dawas kihipekata kalin lankawe prasidda private company ekaka warehouse ekakata visit kala. eke warehouse wala manager widiyata inna ekata padiya 35000 for 15 years. 10years thisse kisima increment ekak na. nikan clark wage inna unta 25i. driver lata 15i and they are working for 10 years. dan wayasa nisa wena ekakata yanna baruwa innawa.
    5 years walin passe 25000 increment hambenna join une starting salary 100,000 wage job ekakata wennathi.
    :yes: :yes: :(
     
    • Like
    Reactions: Draco Malfoy

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096

    ow 40,000 ka salary ekakata gihin 2 years walin passe 25,000 k increment ekak nan unrealistic. methan katha karanne normal graduate kenek kiyala hithan man kiyanne. anith eka increament eka godak welawata 8% or less
     
    • Like
    Reactions: pasansnoop

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    machan mama kiyala thiyenne pvt sector reputed company gena witharai.. mamath issara higana ewai work kala 8,000 salary :(
    na machan meka lankawe thiyena prasiddama company ekak. nama kiwwama lankawe ona kenek danna Telco company ekak.
    lankawe henama reputed private company one tharam thiyenawa 35ta 40ta 10years 15years pawa wada ganna ewa.

    echchara one na ape office eketh campus walin out wela 2years wage wada karapu salary 50k 60k wage ganna young commerce/ finance, arts graduates la 15k 20k withara set ekak ain una ara me anduwa patan ganna kale kiwwa DO gov job yanna. DO prob kale salary 20 or 25i ne permanent unama wadi athi. ekata private job dala giya, hethuwa ahuwama kiyanne ice parak gahala athal eke inna puluwan nisa kiyala, private wala marena marillata 60k 70k dunnath padui lu. :ROFLMAO::LOL:

    gov wala supiriyata work karana supiri bullet athi but godakma yannenam ice parak gahala athal eke idala sure ganak athata ganna.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    private නම් කියන තරම් benefit නෑ. ලක් එක අනුව තමා ඉන්න පුලුවන් තැනක් ලැබෙන්නෙ. නැත්නම් බන් ප්‍රශ්නයි ඩිප්‍රෙසන් එක්කයි ජීවිතේ එපාම වෙනව. HR එක්ක එහෙම ගනුදෙනු කරන්න ගියාම කතා කරල වැඩක් නෑ
     
    • Like
    Reactions: pasansnoop

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එක ඉස්සර ආණ්ඩුවේ තිබුනේ පාඩුවට තමා තිබුනේ වැඩිපුර.

    හැරී ජයවර්ධන කියල කෙනක් ඕක ගත්තා. වසර දෙකක් වෙනකොට ලාබ ලබන්න ගත්තා ලංකාවේ ලොකුම සහ හොදම ඉන්සුරන්ස් එක උනා. මම දන්නා විදියට වැඩක් නැති දේශපාලන සෙට් එක නම් ගෙදර යන්න උනා.

    ඇපලෝ කියල හොස්පිටල් එකක් නුත් ගත්තා.
    වාහන රෙපයා කරන තැනක් දැම්මා.
    කොටස් වෙළද පොලේ සමාගම් වල කොටස් ගත්තා

    පස්සේ ආපහු ආණ්ඩුවට ගත්තා. දැන් ආණ්ඩුවට අරගෙන වසර ගණනාවක් වෙනවා. පොඩි හොදකට තියන්නේ පොඩ්ඩ පොඩ්ඩ පලයට යනවා. තාම පාඩු ලැබුවේ නැ.

    නිකමට වගේ දැම්මේ මේක තමා මම දැක්ක හොදම රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශය අතර වෙනස.
     
    • Like
    Reactions: Draco Malfoy