මචංල මම මේක කියන්න හිතුවෙ මේ කාලෙ ගොඩක් දෙනෙක් (වර්තමාන ආණ්ඩුවද ඇතුළුව) රාජ්‍ය සේවකයින් රටට බරක්.. 80%ක් රට කෑවෙ රාජ්‍ය සේවය.. වගේ කතා කියන නිසා සහ බහුතරයක් රාජ්‍ය සේවකයින් ගැන පිටස්තර අයට යම් අවබෝධයක් ලබාදෙන්න..
ඇත්තටම ගොඩක් දෙනෙක් කතාවෙන දෙයක් තමයි රාජ්‍ය සේවකයින් කියන්නෙ අඩු වැඩ කොටසක් කරල වැඩි වරප්‍රසාද ලබන කොට්ඨාසයක් කියන එක..
ඒකෙ ඇත්තක් නැත්තෙමත් නෑ.. ඒත් අද වෙනකොට අක්‍රමවත් බඳවාගැනීම් නිසා ඒ වරප්‍රසාද බොහෝ ප්‍රමාණයක් කප්පාදු වෙලා වගේම රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙන්නත් බලපාල තියනව..
හරි දැන් අපි බලමු කොහොමද එකම මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් තියන දෙන්නෙක් රාජ්‍ය හා පෞද්ගලික අංශ වල රැකියාවලට ගියොත් ඒ දෙන්නට හිමිවන දේවල් ගැන..
ඒ සුදුසුකම සාමාන්‍ය උපාධිය කියල ගත්තොත් එයාලට රාජ්‍ය අංශයෙ සංවර්ධන නිලධාරී (අභාසලාභී පදනමින්), කළමනාකරණ සේවා නිලධාරී (උසස් පෙළ සමඟ තරඟ විභාගයකින්) වගේ තනතුරු වලට අයදුම් කරන්න පුළුවන්.. (උපාධිය ගත්ත ක්ෂේත්‍රය අනුව තවත් සීමිත තරඟ විභාග වලට අයදුම් කරන්න පුළුවන්.. ex: ගණිතය විෂය ආශ්‍රිත උපාධියක්නම් සංඛ්‍යාලේඛන නිලධාරී)
පෞද්ගලික අංශය ගත්තොත් production executive, branch officer, account assistant, business development executive වගේ විවිධ රැකියාවලට අයදුම් කරන්න පුළුවන්..
ඉතිං මේ වෙනකොට රාජ්‍ය අංශයෙ ඉහත තනතුරු වල ආරම්භක වැටුප සාමාන්‍යයෙන් රු.36,000ත් 41,000ත් අතර (සියළු දීමනා ඇතුළත්ව)..
එතකොට පෞද්ගලික අංශයෙ රු. 30,000ත් 60,000ත් අතර වගේ..
ඒත් වෙනස තියෙන්නෙ මෙතනයි.. රාජ්‍ය අංශයේ අවුරුද්දකට වැටුප් වර්ධකය රු. 100ත් 300ත් අතර වගේ..
එතකොට පෞද්ගලික අංශයෙ වැටුප් වැඩිවීම වාර්ෂිකව නොවුනත් ස්ථිර වීම සහ උසස්වීම් අනුව විශාල වශයෙන් වෙනස් වෙන්න පුළුවන්..
ඉතිං අපි හිතමු ඉස්සෙල්ල කතාකරපු දෙන්නම රු. 40,000ක ආරම්භක වැටුපකට එක්කෙනෙක් රාජ්‍ය අංශයටත් එක්කෙනෙක් පෞද්ගලික අංශයටත් ගියා කියල.. එහෙම ගත්තම අවුරුදු පහක් අවසානයේ මේ දෙන්නගෙ වැටුප පහල වගේ කියල අනුමාන කරන්න පුළුවන්..
රාජ්‍ය: 40,000 + 100 + 200 + 300 + 125 + 125 = රු. 40,850
පෞද්ගලික: 40,000 + 0 + 0 + 25000 (after probation and get permanent) + 5000 + 7500 (with promotion) = රු. 77,500
හරි දැන් බලමු මේ දෙගොල්ලන්ගෙ දීමනා ගැන..
රාජ්‍ය අංශයෙ කෙනෙක්ට විශ්‍රාම වැටුප (අවසන් මූලික වැටුපෙන් 2/3ක ප්‍රමාණයක්) හෝ සේවක අර්ථසාදක අරමුදලේ සාමාජිකත්වය හෝ ඒ දෙකම (රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල අනුව වෙනස් වේ).. අග්‍රහාර රක්ෂණය, නිවාඩු (වසරකට අනියම් 21 සහ ලෙඩ නිවාඩු 24), දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (වසරකට කට්ටල 3) සහ විවිධ ණය පහසුකම් හිමිවෙනව..
පෞද්ගලික අංශයෙ කෙනෙක්ට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය, (පිළිගැනීමක් ඇති ආයතනයක නම්) රක්ෂණ ප්‍රතිලාභ, බැංකු ණය පහසුකම්, වසර අවසාන දීමනා, හෝටල් සවාරි/විනෝද චාරිකා වගේ දේවල් හිමිවෙනව.. ඒත් සාමාන්‍යයෙන් නිවාඩු රාජ්‍ය සේවයට සාපේක්ෂව අඩුයි (තිබුනත් ගන්න ලේසි නෑ)
ඉතිං ඔය සාධක සලකල බලනකොට රාජ්‍ය සේවකයෙකුට සාපේක්ෂව පෞද්ගලික අංශයෙ සේවකයෙක්ට අවුරුදු 3ක් 4ක් රැකියාව කලාට පස්සෙ තමන්ගේම නිවසක් හදන්න වාහනයක් ගන්න හැකියාව ලැබෙනව.. ඒ වගේම අවුරුදු 5ක විතර සාර්ථක සේවා කාලයකින් පස්සෙ වැඩි වැටුපකට වෙනත් ආයතනයක රැකියාවකට අයදුම් කිරීමේ අවස්ථාවත් ලැබෙනව
ඒත් ඔය තනතුරු වල රාජ්‍ය සේවකයින්ට අවුරුදු 10ක් 20ක් ගියත් යන්න වෙන්නෙ බස් වල, දුම්රියේ හෝ යතුරු පැදියක තමයි (පවුලේ ආදායම් තත්වය අනුව)..
සමහර සේවා ස්ථාන වල වැඩ අඩු උනත් සමහර සේවා ස්ථාන වල පෞද්ගලික අංශයෙ වගේම වැඩ තියනව..
මම ඔය කිව්වෙ පොදුවෙ කර්යාලගත සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන් ගැන විතරයි.. විධායක සේවාවල නිලධාරීන් මීට වඩා වැඩි වැටුප් සහ දීමනා ලබනව (ex: නිල වාහන, දුරකතන දීමනා වගේ).. එතකොට වසම් වලට අනුයුක්ත නිලධාරීන් ඉන්නව හරිහමං සේවා ව්‍යවස්ථාවත් නැති සතියට දවසක් පමණක් කාර්යාල වලට වාර්තා කලයුතු සහ වසම් වල ක්ෂේත්‍ර රාජකාරි කරන (පහුගිය කාලයේ අක්‍රමවත් බඳවාගැනීම් වල ප්‍රතිඵල ලෙස)..
ඊටපස්සෙ ලාබලබන රාජ්‍ය ආයතන සහ මණ්ඩල (ජා. ජල සම්පාදන මණ්ඩලය, රේගුව, ටෙලිකොම්, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි) වල සේවකයින්ට මීටවඩා ඉතා ඉහල වැටුප් සහ දීමනා ලැබෙනව (සාමාන්‍ය ලිපිකරුවෙක්ට මාසිකව රු. 75,000ක පමණ වැටුපක්)..
අනිත් පැත්තට සමහර පෞද්ගලික ආයතන වල සේවකයින්ටත් බොහෝ ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනව (හදිසියේ සේවයෙන් ඉවත්කිරීම, ප්‍රමාණය ඉක්මවා වැඩ ගැනීම සහ ආයතන පරිපාලනයෙන් සිදුවෙන විවිධ පලිගැනීම් වැනි)
ඉතිං මමත් පිළිගන්නව ලංකාවෙ රාජ්‍ය සේවයට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් යටතේ ඉක්මන් සංශෝධනයක් අවශ්‍යයි කියල.. ඒ වගේම සියළු රාජ්‍ය ආයතනවල සම තනතුරු වල වැටුප් සමාන කරල සේවා ඵලදායීතාව සහ කාර්ය සාධනය අනුව වැටුප් වැඩිවීම් සිදුකිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ඒක තමයි සුදුසු..
මේව කරන්න ඉතිං කිසිම පාලනයකට අවශ්‍යතාවයක් නැති නිසා තමයි රාජ්‍ය සේවය ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට ලක්වෙන්නෙ