ලංකාවෙ TV ඩොකියුමෙන්ට්‍රි

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,006
    14,373
    113
    වැලිවේරිය
    ඒ ඩොකුමෙන්ට්‍රි නොකළත් මට තියෙන ප්‍රශ්නෙ ඇයි ආණ්ඩුවට වෙනම චැනල් එකක් හදලා ඉස්කෝලෙ සිලබස් එක උගන්වන්න බැරි කියලා. දැන් ලංකාවේ හැම ගෙදරකම ටී වී එකක් තියෙනවනෙ මොනවා නැතත්. එතකොට ළමයිට ඉගෙන ගන්න ගුරුවරු හිඟයි ප්‍රශ්න අඩුවෙනවා. කොළඹ පිට අධ්‍යාපන වෙනස්කම් අඩු වෙනවා. ලැබ් නැති ප්‍රශ්න එහෙම අඩු කරන්න පුලුවන්. මම කියන්නේ නෑ 100% විසඳුමක් කියලා. ඒත් ඉස්කෝලෙ ප්‍රැක්ටිකල් කරන්න බැරි ළමයි අඩුම ගානෙ ටී වී එකෙන් හරි දකිනවා.

    හොඳම ගුරුවරු දාලා වැඩසටහන් කරන්න පුලුවන්.
    අනික් කසිකබල් බලන කාලය අඩු වෙලා මිනිස්සු පිස්සො වෙන එකත් අඩු වෙනවා.
    ආණ්ඩුවට-Another white elephant...okun strike wadawarjana karannai pension gewannai salli nehyanne
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මේ චැනල් දෙකේ මාර සිරා ඒවා තියනවා. නිකමට බ්‍රවුස් කරලා බලපල්ලා.

    WELT Documentary
    Free Documentary

    නියම චැනල් දෙක. මං අනිවාර්යයෙන් බලනවා මේක එකක් දැම්මොත්. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    ලංකාවේ අනාගත පරපුර විද්‍යාව හා තාක්ෂණය ගැන උනන්දු කරවන්න රූපවාහිනි නාලිකා සත පහක දෙයක් කරන්නෙ නෑ. කොහෙ හරි ඉන්න තක්කඩි ජ්‍යොතිෂය කාරයෝ ගෙනල්ලා උදේ පාන්දර ඉදන්ම තරු වල පිහිටීම එක්ක දවස සුභ අසුභ කියනවා. කසිකබල් ඉන්දියන් කාටූන් ටිකක් රස්තියාදු විදිහට හඩ කවලා පොඩි උන්ගේ ඔලු කුරුවල් කරවනවා. Peo TV හරි Dialog TV වල හරි Discovery වගේ නාලිකාවක් දැම්මත් උදේ ඉදන් හවස් වෙනකල් මොකෙක් හරි කැලයක් අස්සේ රිංගගෙන ඉන්න program මිසක් විද්‍යාව තාක්ශණය ගැන තියෙන කිසිම වැඩසටහනක් යන්නෙ නෑ.

    මේ දවස් වල ලංකාවේ නියම වැඩ ටිකක් යනවා.

    කැළනි පාලම ගහන්නේ extradose ක්‍රමයට. ලංකාවේ පලවෙනි වතාවට තමයි මේ ජාතියේ පාලමක් හදන්නෙ. Balanced cantilever method කියන ක්‍රමයට පාලම දෙපැත්තෙන් මැදට හදාගෙන එන විදිහ engineering ගැන ඉගෙන ගන්න පොඩි උන්ට ආස හිතෙන වැඩක්.

    උමා ඔය බහුකාර්‍ය ජල යෝජනා ක්‍රමය කියන්නෙ පොලොව යටින් කි.මී. ගාණක් මැශින් එකකින් පොලොව විදලා වතුර ගෙනියන, විශාල ජලාශ දෙකක් ඉදිකරලා ඒවායින් ජල විදුලිය නිපදවන මහ විශාල ව්‍යාපෘතියක්. ඒකෙදි මුහුන දීපු ගැටලු, ඒවාට විසදුම් හොයපු විදිහ ගැන වෙනම documentary එකක් ගහන්න පුලුවන්.

    කටුනායක airport එකේ අලුත් පර්‍යන්ත ගොඩනැගිල්ල වෙනම වැඩක්. ඒකෙ ප්ලෑනින් වල ඉදන් ඉදිකිරීම් ඉවර වෙනකම් ඕනිනම් එක දිගට documentary එකක් හදන්න පුලුවන් දැන් වැඩේට බැස්සත්.

    Vega supercar එක තව සුපිරි වැඩක්. ලංකාවෙ කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා බැටරි පාලක පරිපථයේ ඉදන් මෙහෙ design කරලා හදලා අවුරුදු ගානක් කට්ට කාලා supercar එකක් හදන එක ගැන කාර් වලට ආසා කරන පොඩි උන්ට පෙන්නන්න තිබ්බනම් කොච්චර හොදද?

    Arimac ලා දියසෙන් කියන humanoid robot ව හදන එක, kanchayuda game එක හදන එක ලස්සනට documentary එකක් හදලා it field එකට අපේ පොඩි උන්ව උනන්දු කරවන්න තිබුණා ලස්සනට.

    Port city එක හදන එක, ඈත මුහුදු වැල්ල හාරලා ඒවා පොම්ප කරලා අක්කර ගාණක දූපතක් ගොඩ කරලා ඒකෙ ගස් හිටවලා මහ විසාල නගරයක් අපේ ඇස් ඉස්සරහ හැදෙනවා පෙන්නන්න පුලුවන්නම් ඈත ගම්වල ඉන්න කොලඹ දැකලවත් නැති පොඩි උන්ට, උන්ට කොහොම හරි Engineer කෙනෙක් වෙනවා කියන අරමුන ආසාව ඇති වේවි

    උතුරු පලාත් මහ ඇල, වයඹ මහ ඇල වගේ ඒවාත් පොඩි උනාට හරි ලස්සන ප්‍රොජෙක්ට්.

    Dockyard එකේ නැව් හදන හැටි, මහ විසාල නැව් repair කරන හැටි පෙන්නන්න විදිහක් තිබ්බනම් කොච්චර ශෝක් ද?

    SLINTEC එකේ නැනෝ තාක්ෂණය යොදාගෙන කරන පර්‍යේෂණ සහ නව නිපැයුම්, මිනිරන් අරගෙන ලෝකෙ පිරිසිදුම ග්‍රැපීන් ඔකසයිඩ් හදන හැටි, ජයවර්ධනපුර කැම්පස් එකේ වයිරස් ගැන පර්‍යේෂණ කරන හැටි වගේ දේවල් ඇයි පෙන්නන්න බැරි?

    මෙන්න මේ වගේ දේවල් කාලය ශ්‍රමය වැය කරලා TV program එකක් විදිහට documentray එකක් කරන්න පුලුවන්නම් මාරම වටිනවා. හැමදාම ටින්ටස් ඇණයක්වත් මේකෙ හදන්නෙ නෑ කිය කියා අපි අපිවම හෑල්ලු කරගන්නවා වෙනුවට මේ රටේ පොඩි උන්ට මේ රටේ සිද්ද වෙන මාර දේවල් ගැනත් කියන්න ඕනෙ නේද?


    හොඳ නිසා උස්සලා දැම්මෙ

    ravana gaweshakayo
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ සිරාවට, ඒවා තමා බලන්නෙ. iPlayer එකේ ඒවා ඔක්කොම බලනවා. ඒ විතරක් නෙමේ ටොරන්ට්ස් වලිනුත් හොයාගන බලනවා. උඹ අර Truth about . . . සෙට් එක බැලුවෙ නැද්ද?
    මම නම් මචන් හොදටම documentary බලනවා. මම mvgroup එකෙන් තමයි download කරන්නේ. එක සුපිරි.. එත් ලංකවේ ඉන්න උන් කීයෙන් කි දෙනාද documentary බලන්න කැමති.

    documentary කරන්න මිනිස්සු ඉන්නවා.. ඒ අයට කිසිම සපෝට් එකක් නැ මචන්. මේ බර්ටම් නිහාල් මහත්තය මම දාපු post දැකල එකදවසක් මගෙන් අහපු දේ... මම ලංකවේ නෙවෙයි ඉන්නේ.. නැත්නම් මේ වගේ අවස්ථාවක් කාටවත් ලැබෙන්නේ නැ ලේසියෙන්.. හිටියනම් ගොඩ මේ වගේ සුපිරි director කෙනෙක් ළග වැඩ කරනවා කියන්නේ..
    97004709_2621653424754063_7087146464505233408_n.jpg
     
    • Wow
    Reactions: lodbrok

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ ඩොකුමෙන්ට්‍රි නොකළත් මට තියෙන ප්‍රශ්නෙ ඇයි ආණ්ඩුවට වෙනම චැනල් එකක් හදලා ඉස්කෝලෙ සිලබස් එක උගන්වන්න බැරි කියලා. දැන් ලංකාවේ හැම ගෙදරකම ටී වී එකක් තියෙනවනෙ මොනවා නැතත්. එතකොට ළමයිට ඉගෙන ගන්න ගුරුවරු හිඟයි ප්‍රශ්න අඩුවෙනවා. කොළඹ පිට අධ්‍යාපන වෙනස්කම් අඩු වෙනවා. ලැබ් නැති ප්‍රශ්න එහෙම අඩු කරන්න පුලුවන්. මම කියන්නේ නෑ 100% විසඳුමක් කියලා. ඒත් ඉස්කෝලෙ ප්‍රැක්ටිකල් කරන්න බැරි ළමයි අඩුම ගානෙ ටී වී එකෙන් හරි දකිනවා.

    හොඳම ගුරුවරු දාලා වැඩසටහන් කරන්න පුලුවන්.

    අනික් කසිකබල් බලන කාලය අඩු වෙලා මිනිස්සු පිස්සො වෙන එකත් අඩු වෙනවා.
    ප්‍රශේන්ට උත්තරේ මෙතනම තියනවා.. ආණ්ඩුවට (මෙතෙක් කල් ආපු ඔක්කොටම) ඕනා ගොන් රැලක් උන් පස්සේ වැටිලා ඉන්න...
    වසර 2000 ආසන්නයේ ප්‍රදාන පුද්ගලික TV චැනල් දෙක තමා ඉන්දියාවෙන් ගෙනාපු කසීකබල් බලන්න පුරුදු කලේ... ප්‍රවීනා, චිත්ති ගෙන් පටන් අරන් දැන් දෙවැනි ඉනිම වගේ ඒවා වෙනකන් ලාංකික දේවල් වෙනකන් විකාශනය කෙරෙව්වේ ඒගොල්ලෝ.....
    90 දශකයේ TV බලපු අපි මේකේ කතාවෙන ජාතියේ දොකුමෙන්ට්‍රි බැලුවා...
    TV එක 4ට පටන් ගත්තාම 6 වෙනකන් තිබ්බේ කාර්ටුන්. 6-7 වගේ තිබ්බේ ඔය වගේ ඩොක්යුමෙන්ට්‍රි
    8 විතර ප්‍රවුර්ති..
    8-10 අතර නාට්‍ය දෙකක් උපරිම
    10 පස්සේ එක්කෝ දොකුමෙන්ට්‍රි, නැත්තන් දේශපාලන, ෆිල්ම් වගේ
    හැම කෙනාටම බලන්න පුළුවන් දේවල් තිබ්බා....
    දැන් තියෙන්නේ එක්කෝ මෙගා කසී කබල්, නැත්තන් රියලිටි කියලා මල ජරාවක්.... ඔය දෙකේම තියෙන්නේ ඉන්දියාවේ තියන ජරාව විතරයි. ඇමරිකා ගොට් ටැලන්ට්, මාස්ටර් චෙෆ් එහෙමත් නැත්තන් අපි බලන හොද TV සීරීස් වල කොලිටිය වත් නැහැ.... කාලෙකට එකක් දෙකක් එනවා තණමල්විල කොල්ලෙක්, කුබියෝ, දුදරුවෝ, ඉන්ගම්මාරුව වගේ එකක් දෙකක්. එක විකුණගන්න බැරුව උන් දගලලා දගලලා 2.50ත දීලා දානවා. ආයේ හැදිල්ල ඉතින් ෂුවර් නෑ.... අලුතින් හදන එකාත් එකම පොඩ්ඩක් වෙනස් කරලා ලෝ බජට් වලට කොපියක් ගහන්න ගිහිල්ලා අනාගන්නව.... ඔන්න ඔහොමයි අමුතු අටේ අපි.

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු..... !!!
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    දැනුත් eye එකේ සමහර වෙලාවට ඔය පරණ documentary පෙන්නනවා
    හිටපු ගමන් රුපවාහිනියෙත් යනවා
    අනික් ඒවගේ නම් ජීවිතේට දැකල නෑ තමා